ඇයි දුක, වේදනාව, ඇති වෙන්නේ ..? – වසන්තිකා ස්වර්ණමාලි

දුක , වේදනාව ,නොරුස්සන බව,වැනි ආවේග අද සුලභ දෙයක් බවට පත්වෙලා. මේ ආවේග නිතර නිතර ඇතිවිම එය තමාටත් තමා වටා  සිටින අන් පුද්ගලයන්ටත් මානසික පිඩනයක්. දිගුකලක් යමි යමි වේදනා, සිත් තැවුල් සිත තුලම තබා ගෙන සිටිම නිසා මේවැනි තත්ත්වයන් ඇති වන බව පර්යෙෂණ වලින් සොයා ගෙන තියෙනවා.  අපේ මනස මේවැනි අවේග වලින් වළක්වා ගැනිම අවශ්‍යයයි.නැතහොත් එය ඔබටම වදයක් එය ඔබේ මනසට වදයක් ..ඇයි අපට එහෙම වෙන්නෙ කියලා මදක් සිතා බලමු.

1. ) ආර්ථික ගැටළු
2. ) සමිපතයකුගේ හැරයාම
3. ) රැකියාව වෙනස් විම. අහිමිවිම
4. )විභාග
5. )පවුලේ ගැටළු
6. )සුපුරුදු ජිවන රටාව වෙනස් විම
7. )රෝග, ව්‍යාසන.

මේවැනි හේතු නිසා මානසික ආතතියක් ඇති වෙන්න පුළුවන් .එ විට අපේ ශරීරයේ කෝට්සොල් ( cortisol) , ඇඩ්‍රිනලින් ( Adrenaline ) වැනි හොමෝන වැඩිපුර ශ්‍රාවය වෙනවා.මේ නිසා ශරීරික වෙනස් විමි සිදුවෙනවා.වේදනාවන්, හිසරදය,මස්පිඩු වේදනා, නින්ද නොයාම , හෘද ස්පන්දනය වැඩි විමවැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් .

මේම මානසික තත්වයන් පාලනය කරගත යුතු උපාය මාර්ග අනුගමනය කලයුතු වෙනවා.එ සදහා අපට කලහැකි දෙවල් මොනවාද කියල බලමු .

1)මිතුරන් සමග දුරකතනයෙන් කතා කිරිම
2.)භාවනාකිරිම
3)ව්‍යායාම කිරිම
4)විනෝදාංශ වල නියලිම
6,) සංගිතයට කන්දිම, රසවිඳිම7.) ස්වහාවික පරිසරයට නැඹුරු විම
8.) සතුට ගෙන එන චිත්‍රපටි නැරඹීම
9.) ⁣පොත් පත් කියවිම
10.)කුඩා දරුවන් සමග කාලය ගත කිරිම

භාවනාවෙන් සිත සන්සුන් කරගන්න පුළුවන් .පසුගිය කාලයේ අපේ කාර්යබහුලත්යවත් එක්ක මේ සදහා කාලයක් නොමතිව සිටිය ඔබට දැන් එ සදහා කාලය ලැබිල තියෙනවා.මුලින්ම විනාඩි කිපයක් එ සදහා යොමු කරන්න .පසුව ඔබ පුරුදු වේවි කාලය වැඩි කරගන්න අපහසුවකින් තොරව. දැන් ඔබට නිහැඩි පරිසරයන් ලැබිලා තියෙනවා වාහන ශබ්ද නොඇසෙන
එයින් අපට මේ සදහා ලොකු ප්‍රයොජනයක් ගන්න පුළුවන්. දෙනෙත් පියාගෙන පහසු ඉරියවිවකින් ඉදගෙන සිත එක අරමුණක තබා ගැනිම සරළ භාවනාවක්.එය කිපදිනක් කර ඔබම අත්හදා බලන්න එයින් ලැබේන මානසික අස්වැසිල්ල ඇවිදිම මේ දිනවල අපහසු වුවත් ශාරිරික ව්‍යායාමවල නිරත වෙන්න පුළුවන් . ඔබට ආවේගයක් දැනුන විට මිදුලේ හෝ නිවස තුල ටික වෙලාවක් ඇවිදින්න. සංගිත නාදයකට කන්දෙමින් එසේ කර බලන්න ..ඔබට වෙනසක් දැනෙනු ඇත..ඔබත් නොදනිම සිතහි සන්සුන් භාවයක් හට ගනිවි.

මේ ඇඳිරිනිති සමයේ නිවස තුලම සිටින විට මේවැනි  යමි යමි දෙවල නිරත විමෙන් ඔබේ මනසට සැහැල්ලුවක් දැනේවි, රූපවාහිනි තිරයටම යොමු නොවි, රට රටවල රෝගින් ගැන වුවමනානට වඩා  සිත යොමු නොකර රෝගින් ගණන් නොකර යම් යම්
ක්‍රියාකාරකම් වල නි⁣රත වි ඔබේ මානසික සෞඛ්‍ය තත්ත්වයන් යහපත්ව පවත්වා ගන්න .

…. වසන්තිකා ස්වර්ණමාලි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *