කොරෝනාවෙන් ඇමරිකානුවන් ලක්ෂ දෙකක් මිය යා හැකියි – ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්

ඇමරිකානුවන් ලක්ෂ එක්ක හෝ දෙකක ප්‍රමාණයක් කොරෝනා වැළදීමෙන් මිය යා හැකි බවත් ඒ මේ හේතුවෙන් ඉදිරි කාලය ඉතාමත් දුෂ්කර සහ වේදනාකාරී වනු ඇති බවත් ඒ සඳහා සෑම ඇමරිකානුවෙක්ම සූදානම්ව සිටීම අවශ්‍ය බවත් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (31) පැවසීය.

මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම හමුව පැවති අවස්ථාවේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ මුහුණ බැරෑරුම් සහ දුක්මුසු ස්වභාවයක් දක්නට ලැබුණු බවයි.

මුහුණු ආවරණ වල හිඟය ගැන ජනාධිපතිවරයාගෙන් මාධ්‍ය වේදීන් විමසූ විට ඔහු පවසා ඇත්තේ ඒ සඳහා විකල්පයක් ලෙස ස්කාෆ් භාවිතා කළ හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *