“මාධ්‍යවේදියෙක් උනත් යන ගමනට බාධාවක් නම් කට වහන්න වෙනවා – කලා පවුරේදී ජයසේකර අපෝන්සු කියයි

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන “කලා පවුර” සංවිධානයේ මාධ්‍ය හමුවක් ඊයේ (11)මාතර නූපේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මූලස්ථානයේදී පැවැත්විණ.කලා පවුර සංවිධානය නියෝජනය කරමින් වසන්ති චතුරානි,සංජීවනී වීරසිංහ ,කුසුම් රේනු,කුමාර සිරි පතිරණ ,ජයසේකර අපෝන්සු ඇතුලු කලාකරුවන් රැසක් මෙම අවස්ථා වට සහභාගී විය එහිදී අදහස් දැක්වූ ජයසේකර අපෝන්සු “මම ආවේ කඩේ යන්න නෙවෙයි .යැයි පවසා එකදාස් නවසිය පනස්ගනන්වල සිට සිය මතක කියන්නට පටන්ගත් තේය.තමන් කියන්නෙ කුමක් දැයි කතාවේ මැද දී අමතක වීමත් සමග යලි වටේ සිටින පිරිසගෙන් මම කියාගෙන ආවේ කුමක් දැයි කිහිප වරක්ම කියා සිටියේය .මම කසාද තුනක් කරගත්තා.තුන්දෙනාම ගියා දැන් හතරවෙනි එක හතර වෙනි එකට තරුණ කෙල්ලෙක් ගෙනාවා දැන් ඉන්නේ එයත් එක්ක. සජිත් තරහා වෙන්න එපා මේක ට මම කඩේ යන්න නෙවෙයි ආවේ මෙතෙන්ට විමල් වීරවංස මට ගෙයක් දෙනවා කිවුවා ඒක දෙන්න බැරි උනා හැබැයි මම ආවේ ගෙයක් ගන්න නෙවෙයි .

මගේ නෝනට සජිත් ප්‍රේමදාස ගෙයක් දුන්නා මැදවච්චියෙන්.ඒකත් කියන්න ඕන මේ වෙලාවේ.මම ආවේ කඩේ යන්න නෙවෙයි .ආදී වශයෙන් කුමක් වෙනුවෙන් කුමක් කීවාදැයි ඔහුට වත් මතක නැති වල්පල් දෙඩවූයේය.ගීත රචක මාධ්‍යවේදී සමන් චන්ද්‍රනාත්”මම පේමදාසගේ වැඩසටහන් ගනනාවකට ගීත ලිව්වා.සජිත්ටත් ලිව්වා.දැන් මම වෙනස් යැයි පැවසීය .එහිදී ගෝඨාභය ට සහාය දක්වන ඔබ මාධ්‍යවේදීන් පැහැරගෙන යාම මරා දැමීම යන චෝදනා ගැන ඔබ කියන්නේ කුමක්දැයි ප්‍රශ්න කර සිටියේය .

“මාධ්‍යවේදියෙක් උනත් යන ගමනට බාධාවක් නම් කට වහන්න වෙනවා” යැයි ඔහු කියා සිටියේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *