රෝමයේ සුප්‍රසිද්ධ කෘතිම දිය ඇළි – රෝමයට ලඟ පාර 02

දිය ඇළි, ජලාශ මගින් මිනිසාගේ කායික හා මානසික සුවය වර්ධනය වේ. මෙය විද්‍යාත්මකව ද සොයාගත් දෙයකි. දිය ඇළි හා ජලාශ සම්බන්ධව කථාබහ කරන කල්හි කෘතිම දිය උල්පත් ගැන ද කතා නොකර සිටීමට බැරිය. ලොව විවිධ නගරවල අලංකාර කෘතිම දිය ඇළි දැකගත හැක. කෘතිම දිය උල්පත් සම්බන්ධයෙන් ඉතාලියේ රෝම නගරයට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. මෙම කෘතිම දිය ඇළි උසාවි භූමි හා වෙනත් ප්‍රසිද්ධ ගොඩනැගිලි අසල මෙන්ම ප්‍රධාන වීදි කොන් වල,එසේත් නැතිනම් ප්‍රසිද්ධ වීදියක මැදට වන්නට තනා තිබීම රෝම නගරයේ දක්නට ඇති සුවිශේෂී ලක්ෂණයකි. මෙහි ඇති ජල විහිදෙනය හෙවත් පිටාර නලය තනා ඇත්තේ සිංහයන් වැනි සතුන්ගේ මුඛය තුළින් හෝ මිනිසුන්ගේ අඟ-පසඟ හා විකාර රූපීය මුහුණු ආවරණ තුළින් වීමද විශේෂයකි. පුරාණ රෝම නගරයේ කෘතිම දිය උල්පත් 212 ක් පමණ ඇත. නූතන රෝම නගරයේ අදට ද සියලුම දිය උල්පත් පාහේ 17-18 වන සියවස් වල කලා ශිල්පීය මුහුණුවර ගෙන ඇත.

(1)ෆොන්තානා දි ත්‍රේවි
(2) ෆොන්තානා දෙල්ලා බරාච්චා

මේ අතරින් ඉතාමත් උත්කෘෂ්ඨ නිර්මාණය වේ. එනම් ‘ෆොන්තානා ත්‍රේවි’ (Fountain of Trevi) නම් අනර්ඝවූ කෘතිම දිය උල්පතයි. ‘නෙප්චූන්’ නම් මුහුදට අධිපති ග්‍රහයාගේ මධ්‍යයේ අතීතයේ රාජ වංශිකයින් විසින් භාවිතා කරන ලද සිව් රෝද අශ්ව කරත්තයක් හා බෙල්ලකුගේ පිට වැස්මෙහි නැගී එම මුහුදු අශ්වයන් ට සෙවණ සලසන මුහුදු දෙවියෙකු නිර්මාණය කර ඇත. මෙම

(3) ෆොන්තානා දෙල්ලෙ තත්ත’රූගෙ
(4) පියස්සා දෙල් පෝපොලෝ (ෆොන්තානා දෙල් නෙත්තූනො)

උද්‍යෝගිමත් නිර්මාණය ‘නිකොලා සිල්වියා’ විසින් 18 වන ශත වර්ෂය මැද භාගයේ දී නිර්මාණය කර ඇත.’ලා දෝල්චෙ වීතා’ නම් චිත්‍රපටයේ එන චරිතයක් වන ‘Anita Ekberg’ නම් ශිල්පිනිය මෙහි දියෙහි බැස ස්නානය කරනා දර්ශනයෙන් මෙම ජල උල්පත ඉතාමත් ප්‍රසිද්ධියට කෙසේ වෙතත් මෙහි එන සියලු ම සංචාරකයින් පාහේ සිරිතක් වශයෙන් ක්‍රියාත්මක කරන දෙයක් වේ. එනම් මෙම දිය උල්පතට පිටුපා ‘ රෝම නගරයට ආපසු පැමිණීමට හැකි වේවා!’ කියන්න ප්‍රාර්ථනාව පෙරදැරි කරගෙන කාසියක් විසි කිරීම ය. මෙයින් රෝම නගරයට නැවත පැමිණීමට හැකි වනවා යනු කාගේත් විශ්වාසය වේ. මෙම ‘ ෆොන්තානා ත්‍රේවි ‘ වෙත, සැතපුම් ගණනාවක් ඈතින් වූ කඳු වල ඇති පිරිසිදු ජලය ලබා දී ඇත. මෙයට ජල සම්පාදනය කර ඇති අන්දම අදටද රහසකි. මෙහි ඇති විශේෂත්වය නම් මෙහි ජලය බීමට ගත හැකි වීමයි.

‘පියස්සා දි ස්පාඤ්ඤා’ හි ඇති ‘ත්‍රිනීතා දෙල් මෝන්ති’ හෙවත් ‘ ෆොන්තානා බරච්චා’ නම් කෘතිම දියඋල්පත ද මග අලංකාර කරන විශිෂ්ට වූ නිර්මාණයකි. ගිලීගිය බෝට්ටුවක ස්වරූපයෙන් මෙම නිර්මාණය කර ඇත. මෙය ‘8 වන උර්බාන්’ පාප් වහන්සේගේ කාලයේ එනම්, දාහත්වන ශතවර්ෂයේ දී ‘බෙර්නීනි’ හෝ ඔහුගේ පුත් ‘ජන් ලොරෙන්සෝ’ අතින් නිර්මාණය වූ බව කියැවේ.

තවද, ‘පියස්සා මත්තෙයි’ හි ‘තත්ත’රූගා'(Tortoise) නම් ඉතාමත් අලංකාර රෝමානු කෘතිම දිය උල්පතක් වේ. මෙය 16 වෙනි ශතවර්ෂය අග භාගයේ දී’ ජාකමෝ දෙල්ලා පෝර්තා’ විසින් නිර්මාණය කරන ලදී. මෙහි නැගී සිටින තරුණ ලෝකඩ ප්‍රතිමා රූප හතරක් නිර්මාණය කර ඇත.තවද මෙහි සිටින තරුණයින් සිවුදෙනා විසින් ඩොල්ෆින් මත්සයකුගේහිස පයින් පාගා තම ග්‍රහණයට හසුකර ගන්නා මෙම මනරම් නිර්මාණය හැඩගන්වා වාත්තු කරන ලද්දේ, ‘ තදේඕ ලන්දීනි’ නම් ගෘහ නිර්මාණ ශිල්පියා විසිනි.මෙහි ඇති ඉබ්බන් මෙම නිර්මාණයට එකතු කරන ලද්දේ තවත් ශත වර්ෂයකට පසුව ය.
‘ත්‍රිතෝනෙ’ නම් ජල උල්පත ගොඩනැගීම ක්‍රියාත්මක කරන ලද්දේ ‘viii වන උර්බාන්’ පාප් වහන්සේගේ සමයේ ‘ බෙර්නීනි’ විසිනි.මෙය 17 වන සියවස මැද භාගයේදී ‘ පියස්සා බර්බරීනි’ හි ස්ථානගත කරන ලදී. මේක ප්‍රවාද වල සඳහන් වන මුහුදු දෙවිවරු සිව්දෙනෙකු (මෙම දෙවිවරුන්ගේ පහළ කොටස මත්සයෙකු බඳුය.) විසින් හක්ගෙඩි ආකාරයේ බෙල්ලන් අතින් ගෙන පිඹිනා දර්ශනයක් නිර්මාණය කර ඇත. මෙම හක්ගෙඩි තුළින් බෙල්ලන් තුළින් ජලය ශ්‍රාවය වේ.

එමෙන්ම ‘පියස්සා නුවෝවා’ ,පියස්සා දෙල් පෝපොලෝ’ ශාන්ති පීතර චතුරශ්‍රයේ ඇති ජල පුෂ්ප යුගලද ‘ පියස්සා දෙල් රෙපුබ්ලිකා’ හි ඇති ‘ Naiads’ නම් කෘතිම ජල උල්පත ද පෞරාණික ජල උල්පත් අතර සදාකාලික මෙන්ම ජීවමානව වැජඹෙන සුන්දර ගංගාවන් වැනිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *