ලිංගයට සලකන රටක් – 08

කලින් ලිපියක සඳහන් කල ලෙස විශම ලිංග හා සම ලිංග වශයෙන් මිනිස්සු නොව මිනිස්සුන්ගේ ලිංගික හැසිරිම් වර්ග කර ඇති බව අපි දන්නෙමු.

විශම ලිංග -පිරිමියෙක් +ගැහැණියක් වෙත ආකර්ෂණය වීමත්

සම ලිංගික- පිරිමියෙක්+පිරිමියෙක්/ගැහැණියෙක් +ගැහැණියෙක්ට ආකර්ෂණය වීම බවත් මා කලින් ලිපි වල සඳහන් කර ඇත

මේ කතාව පටන් ගන්නේ මෙතැනින්‍ ය.

ලංකාව වගේ රටක රජයේ ආයතනයක වැඩක් කර ගන්න යනවා නම් උදේ පාන්දර ගොස් පෝලිමේ ලැගන් සිටිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. මෙසේ රියදුරු බලපත්‍රය අලුත් කර ගැනීමට මම පුතාත් අතේ තියන් පෝළිමේ ඉන්න විට එම පෝලිමේ මට දෙදෙනෙකුට ඉදිරියෙන් සිටියේ ගැහැණු ඩෙනිම් කලිසමකින් සැරසි, ලා තොල් සායම් පාරක් ගා ගත් කොන්ඩය පෝනීටේල් එකක් දා ගත් ගැහැණු ලීලාවක් ඇති තරුණයෙකි.අවට හිටි මිනිස්සු ලඟ ඉන්න කෙනාගේ මුණ බලා ඇඳ කර හිනා වී මේ තරුණයා පෙන්වන අයුරු කිහිප විටක්ම මගේ ඇස ගැටුනි.

තරුණයා තමන්ගේ පාඩුවේ දුරකථන තිරය දිහා ඇස් යොමා සිටියා මිස අවට කිසිදු දෙයක් ගැන අවදානය යොමු නොකර සිටී බව මට මතකය. රියදුරු බලපත්‍රය අලුත් කිරිමේ පලමු පියවර ලෙස ටෝකන් ලබා ගැනීමට හැදුනුම් පත හා පරණ රියදුරු බලපත්‍රය අදාල නිලධාරීයා විසින් පරික්ෂා කර ලබා දෙන නමුත් ඉහත තරුණයාගේ වාරය පැමිණි විගස කවුන්ටරේ නිලධාරීයා තරුණයා දිහාත් හැදුනුම්පත දිහාත් විමසිලිමත් වී හැදුනුම්පතෙහි නම නොපෙනෙන බව පවසා හැදුනුම්පත අලුත් කර ගෙන එන ලෙස පැවසුවා.නමුත් එම තරුණයා තමන්ට නැවත ඒමේ අපහසුතාවය දිගින් දිගටම පැවසුවත් එම නිලධාරීයා ඇහුම් කන් දීමට සූදානමක් තිබුනේ නෑ..තරුණයා එතැනින් ඉවතට ගියා මගේ වාරය ආ විට ටෝකනය මට ලැබුනද මාගේ හැදුනුම්පතෙහි නම අපැහැදිලි බැවින් එය නිවැරදිතාව තහවුරු කර ගැනීමට c1. කාමරයට යෑමට කොලයක ලියා දුන්නා.

කලින් තරුණයා දුරකථනයෙන් යම් කිසි කෙනෙකුට කතා කරනවා දුටු මම එතැනට ගොස් තරුණයාගෙන් සිදු වූ විස්තරය ඇහැව්වා.හැදුනුම්පතෙහි මහා විශාල අපැහැදිකමක් නැත. මගේ හැදුනුම්පත සමඟ සසඳන කල මගේ හැදුනුම්පතේ අකුරු නොපෙනීම වැඩිය.ඔන්න ඔය වෙලේ මට ආවේ පුදුම තරහක් මනුස්සයෙක්ට මනුස්සයෙක් විදිහට සලකන්නවත් බැරි මිනිස්සු ඉන්න රටක් ලංකාව කියන්නේ කියලා හිතුනා. ඒ දවසේ ගැහණියෙක්ට/ පිරිමියෙක්ට/සම ලිංගිකයෙකුට තුන් විදිහට සලකන රටක් ගැන කවර කතාවක් ලිවිය යුතු දැයි නොහැඟෙන තැනක මම නතර වුනෙමි.

පසුවදන:
ඒ ළමයට උදව් කරන්න පුළුවන් තැනක මම හිටියේ නෑ… පොඩි එකෙක් එක්ක රජයේ ආයතනයක වැඩකට යනවා කියන්නේ හරිම අපහසු දෙයක් ..නමුත් මම තේරුම් ගත්ත එකම දේ ලංකාව කියන්නේ ලිංගික කුහකත්වයේ හිනිපෙත්තටම නැගලා ඉන්න රටක් ලිංග්‍රේන්ද්‍රයට සලකන රටක්…මනුස්සත්වය බොහෝ දෙනාගෙන් අතුගෑවිලා ගිය රටක්… ලංකාවේ මිනිස්සුන් ලිංගික අධ්‍යාපනයක් අවශ්‍ය තැනක ඉන්න බවත් මතක් කල යුතු අතර සම ලිංගිකයන්ටද මනුෂ්‍යත්වයේ නාමයෙන් සැලකිය යුතු බව අවසාන වශයෙන් සඳහන් කරමි

ශානු විජේතුංග

shanu87w@icloud.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *