යහපාලනයේ කොමිස් කාක්කන් නිසා ජාතියට අහිමි වන විදුලි දුම්රිය

ශ්‍රී ලංකාවට ඉතා වැදගත් ඍජු රැකියා අවස්ථා විසි දෙදහස් පන්සියයකට(22500) ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කිරීමට යුරෝ මිලියන 5000 ක වාර්ෂික අඛණ්ඩ විදේශ අපනයන ආදායමක් රටට ලැබීමට සලස්වමින් පරිසර හිතකාමී ක්‍රමයක් යටතේ යුරෝ මිලියන 488 ක විදේශ ආයෝජනයකින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති “සිලොන් හයිස්පීඩ් රෙල්වේස් (ceylon high speed railways)Ltd, සමාගමේ විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය කොමිස් මුදල් හා ව්‍යාපාර කොටස් මුදල් ලබා ගැනීමේ චේතනාවෙන් වසර දෙකක් තිස්සේ ප්‍රමාද කරන බව එම සමාගමේ සභාපතිනි අනුෂ්කා රේණු මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැමිණිලි කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමැතිවරයකු වන මලික් සමරවික්‍රම හා රාජ්‍ය ඇමතිවරයකු වන සුජිව සේනසිංහ පෞද්ගලික අපේක්ෂාවන් සාක්ෂාත් කරගැනීම සඳහා ආයෝජන මණ්ඩලය අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කළ දුමින්ද ආරියසිංහ නැමැති පුද්ගලයකු රටේ සුබසිද්ධිය උදෙසා කටයුතු කරනවා වෙනුවට කරන මෙම විනාශය මහජන දේපළ අවභාවිතා කිරීමක් මෙන් රටේ සංවර්ධනය නවතා දැමීමට කරන්නා වූ ක්‍රියාමාර්ගයක් බැවින් ජනාධිපති තුමාගේ මැදිහත් වීමෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන මෙන් අනුෂ්කා රේණු මහත්මිය සිය ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

මේ වන විට අනුෂ්කා රේණු මහත්මියට අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2018-10- 04 වන දින උදේ 9.00ට සියළු ලිපි ලේඛන සහ සාක්ෂි සමග කොමිසම හමුවට පැමිණේන ලෙස දන්වා ඇත.

මෙම මලික් සමරවික්‍රම ගේ කීකරු ගොලයන් හා රාජ්‍ය අමාත්‍ය සුජිව සේනසිංහ ඉතාලියට පැමිණ මෙම ආයොජකයන් සමග සාකච්ඡා පවත්වා ඇති අතර ඉන් අනතුරුව මෙම ව්‍යාපෘතිය කෙතෙරම් විශාල එකද්ද යන්න වටහාගෙන තම මඩිය තරකරගැනීමට අයුතු ඉල්ලීම් කළ බව එම සමාගමේ ප්‍රධානියකු අප සමග පවසා සිටියේය.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂට කොමිස් ගැසිම සම්බන්ධයෙන් එක් ඇගිල්ලක් දික් කරන විට යහපාලනයට ද ඇගිලි හතරක් මේ වන විට එල්ල වී ඇත.දුකට කරුන නම් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලන් එවැනි ක්‍රියාවන් වල නිරත වීමයි.

පසුගිය කාලය පුරා වාර්තා වි ඇත්තේ ටෙන්ඩර් මගඩි ගැන සහ ලංකාවට ගලා ආ විශාල ආයොජන වලින් කොමිස් ගසා කෑම මෙම යහපාලන අමාත්‍ය වරුන් ජයටම කරගෙන යන බවයි.

මෙම විදුලි දුම්රිය ආයොජන සම්බන්ධයෙන් අප මුදල් අමාත්‍ය වරයා වෙතත් යොමු කළ අතර කිසිදු ප්‍රතිචාරයක් නොලැබුනි.ඉන් අනතුරුව අප නලින් බණ්ඩාර නියෝජ්‍ය අමාත්‍යවරයා වෙතත් යොමු කල අතර එම පණිවිඩ බලා නොදැක්කා සේ සිටියේය. කිහිප අවස්තාවකදීම දුරකථන හරහා සම්බන්ධ වීමට උත්සහා දැරුවද කිසිදු ප්‍රතිචාරයක් දැක්වුයේ නැත.එයට හෙතුව වූයේ නම් අප කතාව ආරම්බභයේ දීම කොමිස් මුදල් හෝ අමතර වරධාන ලබාදීමට කිසිසේත් මේම සමාගම ඒකග නැතිබව දැන්වීමයි.

තවද මෙම සමාගම විසින් ශ්‍රීලංකාවේ රේල් ගෙට්ටු 1000ක් නොමිලේ ලබා දීමටද එකගත්වය පල කර තිබිණී.මෙම ව්‍යාපෘතියේ වටිනා කම නොදත් මෙවැනි අමනයන් සිටින තාක් රටක් හැටියට ඉදිරියට යාමට කිසිසේත්ම හැකියාවක් නැත.

මෙම දේශපාලුවන් නිසා ශ්‍රී ලංකාව තවත් අගාදයට යන අතර මෙම දෙශපාලුවන් නම් යහමින් වැජබේ. රටේ ජනතාව හැමදාම මේ හොරුන්ගේ වහසිබස් වලට රැවටී ලෝකයට ණය කාරයන් බවට මියැදෙන තෙක් දුක් විදී.

ජනතාවට සිදුව ඇත්තේ කැහි ගෑනී දිලා හොටු ගෑනී ලබා ගත්තා වැනී දෙයක් මිස අන් කිසිවක් නොවේ.අවසාන වශයෙන් කිමට ඇත්තේ දැන් වත් දෑස් හැර සිහි කල්පනාවෙන් දෙපයෙන් නැගිට සිටිය යුතු බවයි.

මෙම විදුලි දුම්රිය ආයොජන සදහා මලික් සමරවික්‍රම කොමිස් මුදල් ලබා නොදිම නිසා මෙසේ සිදු කලා නම් සිංගප්පූරු ගිවිසුමට මැදිහත් වී සිටින මලික් සමරවික්‍රම ගැන රටේ ජනතාව විශ්වාස තබන්නේ කෙසේද..?සියල්ල සිදුවන්නේ තමන්ගේ බඩ කට පුරවා ගැනීමට බව නම් සියල්ලෙන්ම පැහැදිලිය..

ජනාධිපති හො අගමැති කතාවට පමනක් රටට ආදරය නොකර ක්‍රියාවෙන්ද ආදරය කල යුතු‍ය.අඩුම වශයෙන් දැන් වත් පියවී ලෝකයට පැමින තම තමන්ගේ පක්ෂය වලට වින කඨින අමාත්‍ය වරු ගැන නිසි ක්‍රියාමාර්ග ගත යුතු කාලය එළඹ ඇත.මෙම විදුලි දුම්රිය ආයොජනය ඉදිරි පරම්පරාවට වැඩ දායක වණු ඇත.අඩුම වශයෙන් අධ්‍යාපනය අතරමග අවසන් කරන දුවා දරුවන් හට පුහුණු පාසලක් එම සමාගම සමග එකගත්වයකට පැමිණ ආරම්භ කරන්නේ නම් කොපමන වැදගත් කමක් ඇති වන්නේද..?අප්‍රමාණය…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *