පොලිස් කොමිසම් තීන්දු පූජිතට යටවේ

19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිට වූ කොමිසම් සභා කිසිවක් එකී කොමිසම් සභා පිහිටුවීමේ අරමුණු සමග සාර්ථක ප්‍රතිඵල අත්පත් කර දීමට නොහැකිව ඇති බවට මේ වනවිට ජනතාව හමුවේ ඔප්පු වී හමාරය. ඒ ඒ කොමිසම් සභා නියෝජනය කරනු ලබන නියෝජිතයින් හා සභාපතිවරුන් මේ සම්බන්ධයෙන් දැඩි කලකිරීම සිටින අතරම බොහෝ පිරිසක් ඉන් ඉවත්වීමට ද මේ තත්වය බලපානු ලැබීය. මේ අතරින් විශේෂ වන කොමිසම් සභාවක් වන්නේ පොලිස් කොමිසම් සභාව වන අතර එහි නියෝජිත වයෝවෘද්ධ නිලධාරීන් කොමිසමට සම්බන්ධ ආයතනයන්හි බලපෑමට ලක්ව ඇති බවටද තොරතුරු වාර්තාවේ. පොලිස් කොමිසමට පත් කළ නව සභාපතිවරයා සම්බන්ධයෙන් වන චෝදනාවන් තිබියදී කොමිසම් සභා නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට පොලිස්පති පූජිත ජයසුන්දර විසින් පියවර ගැනීමක් සම්බන්ධයෙන් කරුණු වාර්තා කොට සිටිමු.

පොලිස් දෙපාර්තමේන්තුවේ නව උසස් වීම ක්‍රියා පටිපාටිය යටතේ පොලිස් කොමිසම විසින් පත් කරනු ලැබූ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස පත් කළ පාලිත සේනාරත්න සහ පොලිස් ඔම්බුස්මන් වරයා ලෙස පත් කරනු ලැබූ ගාමිණි පෙරේරා යන උසස් පොලිස් නිලයන්ට අදාළ නිර්දේශ අනුමත කිරීම මෙතෙක් පොලිස්පති පූජිත ජයසුන්දර විසින් සිදු නොකොට ඇති අතර එයට මාස දෙකකට අධික කාලයක් ගතවී ඇති බවද වාර්තාවේ.

මෙම අනුමත නොකිරීමට ප්‍රධාන හේතුව ලෙස ඇත්තේ පොලිස්පතිවරයා ඔවුන් සමග පවතින නොමනාපකම් බවද තතු දත් ආරංදි මාර්ග සදහන් කොට සිටී..

කෙසේ වුවද මෙකී පත්වීම් සම්බන්ධයෙන් හා අදාළ පත්වීම් සිදුනොකිරීම සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ සභාපති හෝ අනෙකුත් සාමාජිකයන් පසුවිපරමක් සිදු නොකිරීම අදාළ නිර්දේශ අනුමත කරන්නාගේ බලපෑමෙන් සිදුවන්නක්ද යන්න පිළිබද මේ වන විට සැක මතුවෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *