තොටියෙකුගේ සැඳෑව – උදයංගනී සමරවීර

සුළං පසුකර හබල් වෙහෙසා
දිය තරංගය රිදවමින්…
කලල් මැඩ ආ නෙළුම් පසුකර
එමල් පෙති නොතලා සෙමින්…
දනන් දහසක් එතෙර කරවා
සයුර වෙත යන ගංදියෙන්..
යමන් ඔරුවේ නිවන් යන්නට
සැඳෑ කළුවර ගෙන මිටින්…

අතැර තුරු හිස්, මතින් කඳු හිස්
ගගන සැරිසර සියොතුනී…
මලින් මලකට රොන් පහස විඳ
ඉගිල්ලී යන බඹරුනී….
ඉමව් වනපෙත් මතින් පැන යන
ධවල පැහැ ගත් සාවුනී…
ඉතින් ගයපන් ජීවිතේ ගැන
මා නොදන්නා ගී මිණී…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *