අර්ජුන්ට කෝල් දුන් මන්ත්‍රීවරුන් 24 කගේ ලිස්ට් එක කුමන්ත්‍රණයක්

බැදුම්කර සිද්ධියට අදාළව අර්ජුන් ඇලෝෂියස් වෙත දුරකථනයෙන් කතා කොට ඇති බවට සමාජ ජාලා වෙබ් අඩවි විසින් පළ කොට ඇති අප ඉහත ප්‍රවෘත්තිය කිසියම් පිරිසකගේ කුමන්ත්‍රණයක් බවට මේ වන විට තොරතුරු හෙලිවෙමින් පවතී.අදාළ නාම ලේඛනය එජාප ප්‍රබලයෙකුගේ අනුදැනුම ඇතිව සකස් වූවක් වන අතර ඉන්ෆෝ ශ්‍රී ලංකා වෙබ් අඩවිය සදහන් කොට සිටින්නේ අදාළ සිදුවීම කුමන්ත්‍රණයක් බවත් මෙමගින් උත්සාහ ගෙන ඇත්තේ තමන් පමණක් නොව තවත් පුද්ගලයන් ගණනාවක් ම මෙම සිද්ධියට සම්බන්ධ බවට හුවා දැක්වීමට බවයි.
කෙසේ නමුත් අදාළ සිදුවීම සම්බන්ධ තොරතුරු තවමත් හෙලි නොවී ඇති අතර එකී තොරතුරු හෙලිවූ වහාම ගෙන ඒමට lankatarget කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *