බැදුම්කර මගඩියේ හඬ පට රැසක් එළියට

බැඳුම්කර ගනුදෙනුව සිදු වූ 2015 වර්ෂයේ පෙබරවාරි 27 වනදා පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන රාජ්‍ය බැංකු සමඟ අදාළ බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් කළ සංවාදයක හඬ පටයක්ද ඇතුලත්ව ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ හඬ පට රැසක් අද (01) මාධ්‍ය වෙත මුදා හැර ඇත.මේ සම්බන්ධව දූෂණ විරෝධී පෙරමුණ විසින් අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදී ඒ බව එහි කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා සදහන් කොට සිටියේය.

එසේම මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙරට පොලී අනුපාතය ඉහළ යාම සම්බන්ධයෙන් සාකච්ජා කරන හඬ පට කිහිපයක් ද මෙම මාධ්‍ය හමුවේදී මුදා හැරිණි.

මෙම මාධ්‍ය හමුවට දුෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා එක්ව සිටි අතර එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ප්‍රශ්න ගත බැඳුම්කර සිද්ධියට සම්බන්ධ චුදිතයන්ට කඩිනමින් දඬුවම් දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *