මීතොටමුල්ල කුණු කන්ද ‘කප්පරක් බොරු අගාධයක‘ ගිලෙමින් ඇත – කීර්ති තෙන්නකෝන්

පසුගිය සිංහල දෙමළ අලුත් අවුරුදු දිනයේ සිදු වූ මීතොටමුල්ල කුණු කන්ද යාය යාමත් පොරොන්දු හා බලාපොරොත්තු කන්දක් බවට පත් වූ ‘මීතොටමුල්ල කුණු අර්බුදය‘ මේ වන විට ‘කප්පරක් බොරු අගාධයක‘ ගිලෙමින් ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ලංකාවේ විශේෂඥයින් ද, ජපන් විශේඥයින් ද, දේශපාලනඥයින් ද, රාජ්‍ය නිලධාරීන් ද, මීතොටමුල්ලේ කුණු කන්ද ට පිළියම් සොයන බවට පොරොන්දු සිය ගණනක් ලබා දුණි. නමුත්, සති අන්තයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය සිදු කළ කේෂ්ත්‍ර‍ චාරිකාවකින් හෙළි වුයේ මේ දක්වා කුණු කන්ද ඉවත් කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව යි.

ජපන් විශේෂඥයින් විසින් ලබා දුන් එක් නිර්දේශයක් වූයේ මෙම කුණු කන්ද ගුරුත්වාකර්ශනයට සමාන්තර ලෙස යළි නාය නොයන ලෙස අතුරා දැමීම යි. අවම වශයෙන් එම පොරොන්දුව හෝ මේ දක්වා ඉටු කිරීමට රජයේ කිසිදු බලධරයෙකු, කොළඹ මහ නගර සභාව, බස්නාහිර මහ නගර අමාත්‍යාංශයට හැකිවී නැත. බස්නාහිර පළාත් සභාව හා එහි ප්‍ර‍ධාන අමාත්‍යාවරයා විසින් ලබා දුන් පොරොන්දු ද මේ දක්වා ඉටු නොවී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

කුණු කන්ද නාය යාමත් සමග එහි කුණු දැමීම නවතා දමන ලදී. නමුත්, මේ දක්වා එහි පාරිසරික ප්‍ර‍ශ්න කිසිවකට තිරසාර විසදුම් ලබා දී නොමැත. එපමනක් ද නොව, මෙම කුණු කන්ද සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හා ජපන් විශේෂඥයින් ලබා දුන් එකම නිර්දේශයක් හෝ මේ දක්වාම ක්‍රියාත්මක වී නොමැත.

මීතොටමුල්ල ප්‍රදේශයට බැහැර කළ කුණු මේ වන විට කොළඹින් පිටත ස්ථාන 4 කට බාහාලනු ලබයි. පුත්තලම දිස්ත්‍රික්කයට කුණු ප්‍ර‍වාහණය කොට විනාශ කිරීම හා විද්‍යාත්මක ක්‍ර‍මයකට අපද්‍ර‍ව්‍ය කළමනාකරණය කිරීමේ යෝජනාවට ද, ජනතාවගේ විරෝධය එල්ල වී ඇත.

මේ වන විට අතහැර දමා ඇති කිසිදු විද්‍යාත්මක විසදුමක් ලබා දී නොමැති මීතොටමුල්ල කුණු කන්ද ශ්‍රී ලංකා මානව හිමිකම් කෙන්ද්‍ර‍ය අද නිකුත් කළ පහත ඡායාරූපවලින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *