විමල් මැරුණොත්  අවසන් කටයුතුත් අපි කරනවා – ජෝන් අමරතුංග

බන්ධනාගාර ගතව උපවාසයක නිරතවන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මේ වනවිට රෝහල් ගත කොට ඇති බැවින් ඔහු සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ගන්නා ක්‍රියා මාර්ග කවරේද යන්න පිළිබද ඇමති ජෝන් අමරතුංගගෙන් මාධ්‍ය වේදීන් විමසූ අවස්ථාවේ ඔහු ඊට ලබාදුන් පිළිතුර වුයේ උපවාස කිරීමට ඔහුට හැකි බවත් අසධ්‍ය වුවහොත් රෝහල්ග ගත කර ඔහු මරණයට පත් වුවහොත් ඊට අදාළ ස්ථානයන් වෙත ගෙන ගොස් අවසන් කටයුතු කිරීමටද සූදානම් බව සදහන් කොට සිටියේය. මේ සම්බන්ධයෙන් ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන සදහන් කොට සිටියේ අපේ සංස්කෘතිය අනුව තිරසනෙකු පවා මෙවැනි තත්වයන්ට පත් වුවහොත් අනුකම්පා කරන බවත් එවැනි තත්වයක් යටතේ ජෝන් අමරතුංග විසින් සිදුකොට ඇති ප්‍රකාශය මිනිස්කමට නිගාවක් බවද සදහන් කොට සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *