ලිට්‍රෝ ගණුදෙනුවල ඇත්ත සහ නැත්ත

ලංකාව තුළ මෙතෙක් පැවැති ආර්ථික හා සාමජීය අර්බුදයන්හි දැවැන්ත අර්බුදය පසුගිය කාලයේ දැකිය හැකි විය. කිලෝ මීටර් ගණනාවක් දුරට දිවුනු ගෑස් පෝලිම් අරුමයක් නොවූ කාලයක ලංකාවේ ලිට්‍රෝ ගෑස් සමාගම හා එහි වර්තමාන සභාපතිත්වය ක්‍රමයෙන් ගෑස් අර්බුදය විසදා ගැනීමට ක්‍රමිය වැඩපිළිවෙලක් දියත් කරනු ලැබීය.

මෙම පියවරයන් සාර්ථක කොට ගෑස් සමාගම ජනතාව වෙනුවෙන් කටයුතු කරද්දී පසුගිය කොප් කමිටුවාරයේදී මතු වූ අර්බුදයක් සම්බන්ධයෙන් මේ වනවිට සමාජය අවධානය යොමු කොට තිබේ. පසුගියදා පැවැති  කෝප් කමිටු වාරයේදී ලිට්‍රෝ සමාගම විසින් සියාම් ගෑස් සමාගමෙන් ඇ.ඩො 96ක මිලට ගෑස් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබූ වාර ටෙන්ඩරය (Term Tender) අහෝසි කර ඇ.ඩො. 129 බැගින් ගෑස් මෙ.ටො. ලක්ෂයක් ඕමාන සමාගමකින් මිල දී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණයක් සිදුකරන ලෙස කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් නිර්දේශ කොට සිටියේය

මීට පෙර පැවති කෝප් කමිටුවේ ලබා දුන් නියෝග ක්‍රියාවට නැංවීම සහ වත්මන් කාර්ය සාධනය පිළිබද සාකච්ඡා කිරීම සදහා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගම සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී මෙම නිර්දේශය ලබා

පසුගිය පෙබරවාරි මස වන විට ගෑස් මිල දී ගැනීම සඳහා තිබූ වාර ටෙන්ඩරය අවසන් වූ බැවින් ගෑස් මෙ.ටො 2,80,000කට ටෙන්ඩර් කැඳවන ලද බව ත් ඒ අනුව ගෑස් සැපයුම්කරුවන් තිදෙනෙකු ලංසු ඉදිරිපත් කොට ඇති බව ත් මෙහිදී හෙළිවිය. මෙහිදී සියාම් ගෑස් සමාගම ඇ.ඩො. 96 බැගින් අවම මිල ඉදිරිපත් කොට ඇති අතර ඒ අනුව ටෙන්ඩරය ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබුනි.

අර්බුදය තීව්‍රව පැවැති සමයක තවත් එම තත්වයන් අර්බුදයටම යවා රට හිර කර ගෑස් මිළදී ගැනීමට යා නොහැකිව පැවති අතර අමාරුවේ වැටී ඇති විටක උදව්වක් ඉල්ලූ විට එය වාසියක් කොගෙන නැවත කොන්දේසී පිට කොන්දේසි දමන සමාගමක් සමග ගණු දෙනු කොට ලංකාවේ ඇතිවී ඇති අර්බුදය දෙගුණ තෙගුණ කිරීමට කිසිදු උමනාවක් තම සමාගමට නොතිබූබැවින් ඇ.ඩො. 129 බැගින් ගෑස් මෙ.ටො. ලක්ෂයක් ඕමාන සමාගමකින් මිළදී ගැනීමට කටයුතු කළ බවත් එය ඒ් මොහොතේ තිබූ රටේ තත්වයන් සලකා බලා කළ දෙයක් බවත් එසේ නොවන්නට ලංකාවේ ගෑස් අර්බුදය තීව්‍ර වන බවත් ලිට්‍රෝ ගෑස් සමාගම මෙහිදී සදහන් කොට සිටියේය.

කෙසේ හෝ පැවැති තත්වය සමනය කර ගැනීම හා ජනතාව පෝලිම්වලින් තුළ රැදී සිටීමෙන් ගලවා ගැනිමට සියාම් සමාගම සති දෙකකට අවශ්‍ය ගෑස් ප්‍රමාණයක් හදිසි මිලදී ගැනීමක් ලෙස ලබාගැනීමට කටයුතු කිරීමේදී මෙ.ටොන් 15000ක් වෙනුවට ඔවුන්ට ලබා දීමට හැකි වන්නේ මෙ.ටොන් 6600ක් බව දැක්වීම නිසා එම මිළදී ගැනීම සිදු නොකළ අතර මේ අතර වාර ඩෙන්ඩරය සදහා ඇමරිකානු ඩොලර් 129 කට මිළද ගණන් එවා තිබූ ඕමාන සමාගම මසකට ගෑස් මෙ.ටො. 25000 බැගින් මෙ.ටො. ලක්ෂයක් මාස 4ක් ලබා දීමට එකඟත්වය පළ කළ බව ද සමාගම විසින් කෝප් කමිටුව හමුවේ කරුණු දක්වා සිටියේය .

කෝප් කමිටුවේ කවර විගණනයක් මත මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් කරුණු දැක්වීද යන්න ගැටළුවක් පැවතියත් සියාම් සමාගමෙන් ගෑස් මිළදී ගැනීම සදහා පූර්ණ අනුමැතිය කැබිනට් අනුමැතිය ලැබුනු අතරම පෝලිම් පිට පෝලිම් ගැසී ගෑස් හිගයක ලංකාව පුරා ම සිටි ජනතාව ඒම දැවෙන පීඩනයෙන් මුදවා ගැනීමට ලෝක බැංකුවෙන් ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලි 70 ක මුදල හා ගෑස් සමාගම සතුව තිබූ ඇමරිකානු ඩොලර් මිලි 20ක මුදල යොදාගෙන මේ යම් අස්වැසිල්ලක් ජනතාවට ලබාදීමේ අරමුණෙන් ඕමාන සමාගමෙන් ගෑස් මෙ.ටො. ලක්ෂයක් මිල දී ගැනීමට කටයුතු කරනු ලැබීය.

කෝප් කමිටු‌වේ විමසීම අනුව ලෝක බැංකුවේ ඩොලර් මිලියන 70ක මුදලක ඵලදායි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ ඉල්ලා සිටින අතර කෝප් කමිටුව විසින් ජනතාව කොපමණ ප්‍රමාණයකට ගෑස් නොමැතිව සිටියේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නේ නැත. එසේම ගෑස් නොමැතිව වසා දැමූ වෙළද සැල් සංඛ්‍යාව හා ඉපයීම් නොමැතිව විනාශව ගිය ව්‍යාපාර සම්බන්ධයෙන් පරීක්ෂණ ඉල්ලා සිටින්නේ නැත. චරිත හේරත්ට අවශ්‍යව ඇත්තේ කුමක්ද යන්න පැහැදිලිය. තමන් ඇතුළුව විද්වතුන් යැයි කියා ගන්නා පිරිසක් විසින් ලංකාවේ ගොවි තැන සම්පූර්ණයෙන්ම බිමට සමතලා කළ පිරිසක් මෙසේ ජනතාව හමුවේ දැවෙන ප්‍රශ්න විසදීමට යාමේදී මතු වූ දේ අලලා රට හමුවේ සුදනන් වීමට යාම ජනතාවට විහිළු සැපයීමක්වේ.

විද්වත් යැයි කියා ගන්නා පිරිස් නිර්දේශ කොට සිටින ගෑස් මිළදී ගැනීම ඉන්දියානු ණය පහසුකම යටතේ සිදුවූ වා නම්

ඒ් සදහා වෙන් කළ ඇමරිකානු ඩොලර් මිලිය 160ක මුදල වතුරේ යනු ඇත. මන්දයත් ඉන්දීය රජයේ කොන්දේසි සදහා මුළුමනින්ම යටත් වීමට හා ඒවැනි ගණුදෙනුවකදී ගෑස් හි ප්‍රමිතිය සම්බන්ධයෙන් වගකීම ඉතා අඩු මට්ටමක පැවැතීමේද හැකියාවක් ඇතිවීමය.

මේ අතර ලිට්‍රෝ සමාගමෙහි දැනට පත්ව ඇති අධ්‍යක්ෂ මණ්ඩලයට මෙම විද්වත් පිරිසට හිසරදයක් ව පැවැතීම විසින් පෙන්නුම් කර සිටිනුයේ කෙසේ හෝ ජනතාවට සහනයක් සදහා පවත්වාගෙන යන ආයතනයන්හි සංයුතිය හෝ වෙනස් කොට තම නිර්ලජ්ජිත උවමනාවන් සපුරා ගැනීමට කටයුතු කරනු ලබන බවත්ය.

කෙසේ නමුත් ලිට්‍රෝ සමාගම විසින් ජනතාවට පැවැති අර්බුදයන් සමනය කොට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය යටතේ ලබාගත් ගෑස් සම්බන්ධයෙන් ගැටළු මතු වී ඇති මහත්වරුන් පසුගිය කාලයේ රටම විනාශයට ඇද දමා රට අරාජික කොට ලංකාව තුළ ආර්ථික හා සාමාජීය දේශපානික අර්බුදයක් මතු කිරීමට පෙරමුණ ගත් බව අමතක කිරීමය . ‍‍‍‍වර්තමානයේ සුදුවත් හැද යළිත් දේශපාලන චරිත බවට පත්වීමට දැගලීමක් විනා අන් යමක් ජනතාව මෙයින් තේරුම් නොගන්නා අතරම ඔවුන්ගේ සත්‍ය පෙනුම ඉදිරියේදී පෙන්නුම් කිරීමට ජනතාවම කටයුතු කරනු ඇත.

බිම්සර කහටපිටිය

Leave a Reply

Your email address will not be published.