මානව දයාවෙන් ඇඳි “ගුවර්නිකා” – ප්‍රියංගිකා සෝමපාල

ගුවර්නිකා යනු පැබ්ලෝ පිකාසෝ විසින් ලොව හමුවේ හමුවේ තබන ලද ඔහුගේ ප්රබලතම දේශපාලන ප්රකාශයයි. ⁣⁣ යුද්ධය පිළිබඳව ඔහුගේ දැක්ම සුවිසල් කැන්වසයක් මත රේඛා, හැඩතල සහ වර්ණ භාවිතා කිරීමෙන් සටහන් කර ඇත. චිත්ර ශිල්පියෙකුට මානවීය බව උදෙසා, සමාජයේ යහපත සඳහා කළ හැකි බලපෑම කවරේද යන්න පිළිබඳව ගුවර්නිකා අදටත් අරුත් සපයමින් හිඳියි.

මෙම සිතුවමට තේමා වන්නේ උතුරු ස්පාඤ්ඤයේ බාස්ක් ප්රදේශයේ වන ගුවර්නිකා නගරය⁣ට බෝම්බ ප්රහාරයක් එල්ල වීමයි. 1937.04.26 වන දින ස්පාඤ්ඤය දක්ෂිණවාදී නායක ප්රැන්සිස්කෝ ෆ්රාන්ස්කෝගේ සහය පිණිස ජර්මනියේ නාසිවාදීන් සහ ඉතාලියේ ෆැසිස්ට්වාදීන් එක්ව හෙලන ලද බෝම්බ ප්රහාරයෙන් දහසකට වැඩි පිරිසක් මිය යයි. දහසකට ආසන්න ප්රමාණයක් තුවාල ලබයි. නිවාස, ගොඩනැගිලි, සහ බොහෝ දේපල හානි සිදුවෙයි. වාමවාදී රිපබ්ලික් පක්ෂයේ සහයට ගුවර්නිකා නගර වැසියන් යුද්ධ⁣යට සම්බන්ධවී නගරයෙන් පිටත සිටීම නිසා බෝම්බයෙහි ගොදුරු බවට පත්ව ඇත්තේ බහුතරයක් කාන්තාවන් සහ කුඩා ළමුන් ය. එබැවින් ගුවර්නිකාවට සිදුවූ බෝම්බ හෙළීම පිළිබඳව ලොවම කම්පනයට පත්ව ඇත.

උපතින් ස්පාඤ්ඤ ජාතිකයෙකු වන පිකාසෝ ද ඒ වන විට ප්රංශයේ ජීවත් වුවද ස්පාඤ්ඤ යුද්ධයෙන් මාතෘ භූමියට සිදුවන ව්යයසනය දැක බෙහෙවින් ම සසැලෙයි. පිකාසෝ විසින් ප්රංශයේ පවත්වන කලා පුදර්ශනයක් සඳහා (Paris world fair) සඳහා ස්පාඤ්ඤ රජයේ ඉල්ලීම මත සිතුවමක් නිර්මාණය කිරීමට භාර ගෙන තිබූ බැවින් ගුවර්නිකාවේ සිඳුවූ ම්ලේඡ්ච බෝම්බ ප්රහාරය සිය සිතුවමට තේමා කරගනියි.

ස්පාඤ්ඤ යුද්ධයයේදී කලාකරුවා මෙතෙක් තම සිතුවම් කෙරෙහි නිමිති වූ කාන්තාවන් සහ මානව රූප ඇදීම පසෙක තබා යුදයට පිවිසෙයි. ඒ ඔහුගේ රණබිම වශයෙන් කැන්වසය තොරා ගනිමිනි. තෙලිතුඩු අවි හරඹ පාමින් පැහැ තවරමින්, යුදයට නවරුත් දෙමින් ගුවර්නිකා සිතුවම ත්රස්තවාදය එරෙහිව සමාජගත කරයි.

සැල්වර්ඩොර් ඩාලි ප්රමුඛ ශිල්පීන් හඳුන්වා දුන් අධිතාත්විකවාදය (Surrealism) සහ ඝනිකවාදය (Cubism) සිත්තරා විසින් සිතුවම නිර්මාණය උපයෝගී කරගෙන ඇත .

මේ සඳහා යොදාගෙන ඇත්තේ අඩි 11 x 25.6 දිගින් සහ පළලින් මියුරල් ප්රමාණයේ දැවැන්ත කැන්වසයකි.

සිතුවම වර්ණ ගැන්වීම සඳහා යොදා ගෙන ඇත්තේ කළු සුදු පරාසය තුළ දිවෙන ඒකවර්ණ වර්ණාවලියකි. තෙල් සායම් වර්ණ මධ්යය භාවිත කර ඇත.

ගුවර්නිකා සිතුවම පිළිබඳව මේ මගේ කියවීමයි .ඔබගේ කියවීම මෙය නොවිය හැකිය. ඔබගේ කියවීම පොහොණි කරගනු වස් මෙම සටහන ඉවහල් වනු ඇත.

යුද්ධයේ සමස්තය එක් තලයකට විස්තරාත්මක සම්පිණ්ඩනය කිරීමට ශිල්පියා සතු ශක්යතාවය ‘ගුවර්නිකා’ මනාව පසක් කරයි. යථාව ඒ අයුරින්ම නිරූපණයෙන් බැහැරව සංකේතාත්මකව පින්තූරවල තිබිය යුතු සැබෑ ස්වභාවය කඩා බිඳ දමමින් අවැසි ලෙස ඇතැම් තැනක සංයුක්ත කරමින් ද තවත් තැනෙක වියුක්ත කරමින් ද කරමින් ද යුද්ධයේ වේදනාව, බිය, ත්රාසය, මිලේච්ඡත්වය, කෲර බව වැනි හැඟීම් නිරූපණයට ශිල්පියා දක්වා ඇති කෞෂල්යය අද්විතීය ය .

ගුවර්නිකා සිතුවම කැන්වසය මතට ගෙන ඒමට පෙර පිකාසෝ විසින් යුද්ධය සම්බන්ධයෙන් වන භාව නිරූපණයට අදාළව එක් එක් රූපයේ දළ සැලසුම් වෙන් වෙන් වශයෙන් ඇඳ ඇත . අවස්ථා නිරූපණය සම්බන්ධයෙන් සිත්තරා සිය චින්තනය මෙහෙයවා ඇති අයුරු එම සටහන් පසක් කරවීමට සමත්ය. (පින්තූර අංක 2,3 සහ 4 )

සිතුවම් ඇඳීම සඳහා ශිල්පියා විසින් යොදා ගන්නා නීල කළු, අළු සහ සුදු වර්ණ මඟින් යුදයේ ඇති අඳුරු ස්වභාවය සහ ශෝකී බව මනාව නිරූපණය කිරීමට හැකි වී තිබේ .
මුහුණුවල ඇති බිය වේදනාව ප්රශ්නය කෝපය අත්පාවල චලන ඉරියව් මේ සිතුවම තුළින් රූපණය කර ඇති ආකරය අපූරුය.

ස්පාඤ්ඤයේ සංස්කෘතිය හා බැඳුණු ගවයන් අශ්වයන් සිතුවමට එකතු කර ඇත . ස්පාඤ්ඤයට අනන්ය වූ එන්සියුරෝ ගොන් පොර පිළිබඳව සිහිගැන්වීමටත් මෙම සිතුවම ස්පාඤ්ඤ සිවිල් යුධය නිරූපණය කිරීමටත් ඇඳ තිබෙන බව පසක් කිරීමටත් ගවයා යොදා ගැනීම ඉතා යෝග්යය.
එසේම යුද්ධයේ ම්ලේච්ඡත්වය රූපණයට ගවයාගෙන් මනාව හැකිවී තිබේ.

සිතුවෙමේ රූප වෙන් වෙන්ව ගෙන බලන කල යුද්ධයේ සැබෑ ස්වරූපයත් පිකාසෝ විසින් රූපණය කර ඇති අයුරු පසක් ගර ගැනීමට පහසුය.

මෙහි ප්රධාන වශයෙන් දැක්වෙන රූප පහත සඳහන් පරිදි ය
01. කාන්තා රූප 04
▪️මියගිය දරුවා ඔසවා ගත් කත
▪️ අහසට දෙයක් දිගු කරන්නිය
▪️පහනක් දිගුකරන්නිය
▪️ඉවතට දිව යන ස්ත්රිය

02. බිම වැටී ඇති පුරුෂයා
03. අශ්වයා
04. ගවයා
05. පක්ෂියා
06. විදුලි බුබුල

Image may contain: text

සමස්තය සිතුවමක් ලෙස ද, සිතුවමේ ඇති රූප වෙන් වෙන්ව ද ඇතැම් රූප අතර ඇති අන්තර් සබඳතාවය ද විමමන කල ගුවර්නිකා බහු අරුත් සම්පාදනය කරයි.

බොහෝ කවිවල සමස්ත අන්තර්ගතයෙහි සියල් පරයා යන ⁣කරුණක් එක් කවියකට, පෙළකට හෝ වචනයකට කැටි කළ අවස්ථා හඳුනා ගත හැකිය. මෙම සිතුවමේ මියගිය දරුවා අත රඳවා ගෙන වැළපෙන මව ද එබඳු කවියකි. ස්පාඤ්ඤ සිවිල් යුද්ධයේ වේදනාව යුරෝපයෙන් එපිට කවර දෙසකට වුවද ගලපා ගැනීමට මෙම මවගේ දරුවාගේ රූපය ප්රබලය. සම්, මස්, ඇට, නහර විනිවිද ගොස් මාතෘත්වයට ජීවය ලබා දෙන සුදාරක ප්රේමයේ විප්රයෝගය සමස්ත මානව වර්ගයාටම දැනෙන හැඟීමකි .ලොව බොහෝ දෙස විසිරී ඇති සමස්ත මානව වර්ගයාගේ වර්ගයාගේම චින්තනය ඇමතීමට තරම් මෙම සිතුවම ප්රබලය.Image may contain: drawing

ඒ මතු නොව මෙම මව වැළපෙමින් තම වේදනාව පවසන්නේ ඇයට ඉහළන් සිටින ගවයාටය. එම සිතුවම් සබඳතාවයද කවියක ධ්වනිතාර්තයක් වැනිය. ඇය වැළපෙමින් පිහිටක් අයදින සඳ වල්ගය ඔසවා පහර දීමට සැරසෙන ගවයා ත්රස්තවාදයේ රුදු බව මොනවට පසක් කරයි.

මෙම මව බුදුන් සමය තම දරුවා මිය ගිය විප්රයෝගයේ වේදනාවෙන් උමතු වූ කිසාගෝතමිය නොවන්නේද ?

ඇයි ඒ එය උතුරේ හෝ දකුණේ බෝම්බ ප්රහාරයකින් අහිමි වූ තම දරුවා වෙනුවෙන් හඬන මවක් නොවේ ද ?

මෑතකදී දෙව් මැදුරක යදිමින් සිටියදී පාස්කු ප්රහාරයෙන් තම දරුවා අහිමි වූ මවක් නොවන්නේ ද ?

එසේම ඇය සිරියාවේ, ඝාසා තීරයේ හෝ සුඩානයේ ගැටුමක් නිසා දරුවෙකු මිය යාමෙන් හඬන මවක් විය නොහැකිද?

කිසාගෝතමියට හැර යුද්ධයකදී හෝ කවර හෝ හේතුවකින් දරුවා මියයාමේ වේදනාව බොහෝ මව්වරුනට පවසන්නට සිදුවූයේ පිකාසෝ ගුවර්නිකා සිතුවම තුළ චිත්රණය කළ ආකාරයටම නොවේද ?

දරුවා මිය ගිය මවගේ භාවයන් වඩාත් පහසුවෙන් ග්රහණය කර ගැනීම සඳහා සිදුවෙමින් වෙන් කර ඇති පින්තූර අංක 5 උපකාරී වනු ඇත.Image may contain: drawing

සිතුවමේ දකුණු පස කෙලවරේ ත්රිකෝණාකාර හැඩයක සිරවී අහසට දෙඅත් දිගු කරමින් හිඳින කත තුලින් ශිල්පියා ත්රාසය භීතිය මනා ව නිරූපණය කරයි. ඇගෙන් නිරූපණය වන්නේ බෝම්බයට හසුව දැවෙන කතක් විය හැකි ය . (පින්තූරය 5)Image may contain: text

තවත් ස්ත්රියක් පිටතට දිව එන අයුරු දක්වා ඇත. අෑගෙන් දිවි ගලවාගත් අයෙකු චිත්රණය
කරනවා විය හැකිය.( පින්තූරය 5)

මෙම බෝම්බ ප්රහාරයේ වැඩිම බලපෑම සිදුව අත්තේ ස්ත්රීන්ට හා ළමයින් බැවින් බෝම්බ ප්රහාරයෙහි අවස්ථා නිරූපණයට වැඩි වශයෙන් ස්ත්රීන් යොදාගෙන ඇත.

බිම වැටී සිටින සිය පුරුෂයාගෙන් ශිල්පියා යුද සෙබළෙකු නිරූපණය කරන අයුරු පෙනෙයි . ඔහුගේ දකුණතෙහි අසිපතක් සහ කුසුමකි. යුද්ධයට ප්රිය වුවද නොවුවද ජීවිත බේරාගැනීම උදෙසා ඔහු දිවි දිවි දෙවෙනි කොට සටන් වදින්නට ඇත. එබැවින් කඟපත බිඳී ඇත. ඒ ඔහුගේ ප්රාණය ද නිරුද්ධ වී තිබේ.(පින්තූරය 6)

මියගිය සෙබලාට ඉහළින් භීතියෙන් තටු විදා කෑගහන තාරාවෙකි. යුද්ධයේ බලපෑම මිනිසාට පමණක් නොව සතුන්ට ද වූ බව මෙමගින් ශිල්පියා අවධාරණය කරයි . තාරාවාගේ ජංගම ස්වභාවය, භීතිය, ශිල්පියා හොඳින් දක්වා ඇත .සිතුවමේ මානව රූප සේ පක්ෂියා සිතුවම තුළින් උද්දීපනය කර නැත . තාරාවා මතු කර දැක්වීම සඳහා එක් කොටසක් පමණක් සුදු වර්ණයෙන් වර්ණ ගන්වා ඇති ඇතර සෙසු කොටස කළු පැහැ පසුබිමට මුසු කර ඇත. (පින්තූරය 6)No photo description available.

කළු සුදු වර්ණාවලියක දී පවා පුමුඛ කරුණු මතු කිරීමට වර්ණ සහ සංකේත භාවිත කරන අයුරු විශිෂ්ටය .

මෙම සිතුවමේ ඇති ඇතැම් රූප අතර ඇති අන්තර් සබඳතා වේ විමසා බැලීමේදී ගැහැනිය සහ ගවයා අතර ඇති සබඳතාවය සේ ම සබඳතාවයක් පහනක් දිගු කරන කාන්තාව, අශ්වයා සහ ගවයා අතර රේඛීයව හඳුනාගත හැකිය . (පින්තූරය 8)Image may contain: text

No photo description available.

ගුවර්නිකා සිතුවමේ රූපවල පරිමාණය විමසන කල විශාලතම රූපය පහනක් දල්වන ගැහැනියට හිමිය. (සම්පූර්ණ සිරුර ඇඳ නැත යුද්ධය බලගැන්වීම සඳහා විධානයේ ධාරාව ඒ තුළින් නිරූපණය කරන්නා සේ ය. අශ්වයා ජව සම්පන්නය. මුහුණේ ඇත්තේ ද රෞද්ර පෙනුමකි. ශක්තිමත් පාද වේගයෙන් දිව විත් නතර වන අයුරකින් දක්වා ඇත. අශ්වයාගෙන් කුපිතව වියරුවෙන් යුද වැදි ෆැසිස්ට්වාදී සහ නාසි බලමුළු ද පහනක් දිගුකරන ස්ත්රියගෙන් ස්පාඤ්ඤ දක්ෂාවාදී නායක ෆ්රැන්සිස්කෝ ද ගවයාගෙන් මෙම බලය ක්රියාවට නැංගීමට යොදාගත් යුධ සෙබලුන්වද කිරූපණයකරනවා විය හැකිය. එසේම වත්මන් ලෝකයේ ඇවිලෙන සටන්වලට ද මෙම රූපාවලිය එලෙස ගලපා ගත හැකිය. එබැවින් ගුවර්නිකා සිතුවමේ අගය අදටත් වලංගුය.

අශ්වයාට ඉහළින් දැල්වෙන විදුලි බුබුලකි.
කාන්තාව පහන දල්වන්නේද අලෝකය ඇති ස්ථානයටම ය. එහෙත් හාත්පස අඳුරේය. යුදයේ අඳුරින් වෙළුණ සමාජයට ඈ ආලෝකයක් සපයන්නට වෙර දරනවා වන්නට ද හැකිය.

එසේ ම කාන්තාව විප්රයෝග වේදනාව පිළිබඳ ගවයාට කියන විට ගවයා බලා සිටින්නේ අශ්වයා දෙසය . අශ්වයා රෞද්ර ව ගවයා දෙස බලමින් සිටී. මේ තුළින් පැසිස්ට් හමුදා භටයන් හෝ පාලන ක්රමය තුළ අශ්වායා හ ගවයා අතර බලය සහ නියෝග ගලා යාමේ ධුරාවලිය පිළිබඳ ඉඟියක් ද අන්තර්ගත බව හැඟේ.

මෙම විධාන ධාරාව ද ස්පාඤ්ඤ යුද්ධයට ම පමණක් පොදු වූවක් නොවේ .එය ඇතැම් විට යුද්ධයෙන් පිටත කවර හෝ අරගලයක් සඳහා ද පොදු වූවක් වන්නට පුළුවන .

පිකාසෝ විසින් තමා සිතුමට යොදන ලද රූප සහ සංකේත පිළිබඳව අර්ථ දක්වා නැත. ඔහු විසින් ප්රකාශ කර ඇත්තේ

” මෙහි සිටින ගවයා ගවයකු ලෙසත් අශ්වයා අශ්වයකු ලෙසත් ඔබ දකින්නේ නම් එය වඩාත් නිවැරදි ය . එහෙත් මා අරමුණු කළේ එසේ නො වේ .මෙය ඔබට අවශ්ය පරිදි කියවා ගත හැකි ය ” යනුවෙනි.

ඉඳින් ගුවර්නිකා සිතුවම බහු අරුත් නංවමින් ඔබට ද කියවිය හැකිය.

සිතුවමේ ඇති ස්පාඤ්ඤ සංස්කෘතිය නිරූපණය කරන ගවයා වැනි කරුණු හැර ලොව කවර දෙසක දෙසක ව වුවද වන යුද්ධයක ම්ලේච්ඡත්වය ඒ තුළ ඇති අනර්ථය පැහැදිලි කර දීමට ඉතා පොහොණි ය. මෙවන් කලාවක් ස්පර්ශ කළ හේතුවෙන් දෝ බටහිර ලෝකය තුළ වර්තමානයේ යුද ගැටුම් දුබලය. එසේ වුවද දකුණු ආසියාවේ, මැද පෙරදිග සහ අප්රිකානු රටවල අදට ද සටන් සුලබ ය .

අමිහිරි අත්දැකීම් නැවත නැවතත් ලෝකයට අනවැසිය. අනාගත ලෝකයක සුව පිණිස එබැවින් ගුවර්නිකා වැනි කලා කෘති වඩ වඩාත් ස්පර්ශ කළ යුතුය . එහි පණිවිඩය අනාගතය උදෙසා සමාජගත කළ යුතුය.

–ප්රියංගිකා —

Leave a Reply

Your email address will not be published. Required fields are marked *