මහින්දානන්දගේ නෙගෙටිව් මාකර්කටිං හත් පොලේ ගා ගනී..

මහින්දානන්ද මැතිවරණය ඉලක්ක කරගෙන තුරුම්පුවක් ගැසුවේය. ඒ 2011දී වුනු සිදුවීමක් හිටි හැටියේ මතක් වී ක්‍රිකට් ලෝක කුසලානය පාවා දුන් බවට වන චෝදනාවයි. මේ වන විට මහින්දානන්දගේ ගේම් එක හත්පොලේ ගා ගැනීමක් බවට පත්ව ඇත්තේ අදාළ චෝදනාව සම්බන්ධයෙන්
ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්‍ෂණයේදී මහින්දා නන්ද විසින් ඉදිරිපත් කළ චෝදනා 14ම පදනම් විරහිත ප්‍රකාශයක් බව අදාළ පරීක්ෂණය මෙහෙය වූ එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා පවසා තිබිම හේතුවෙනි.

“මෙම සිද්ධිය පිළිබඳව තව දුරටත් විමර්ශනය නොකර මේ පැමිණිල්ල අපිට යොමු කළ ක්‍රීඩා ආමාත්‍යංශයේ ලෙක්ම්තුමාට වාර්තාවක් යවනවා අපේ ඒකකයේ නිලධාරීන්ගේ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා. එයට අපේ ස්ථානාධිපතිවරයා, නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ඇතුළු සියලු දෙනාම සහභාගි වුණා. එහිදී අපි තීරණය කළා විමර්ශනය අවසන් කරන්න. “සියලුම ක්‍රීඩකයන් ගෙන්වලා කටඋත්තර ගැනීම ආදෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය කිරීමක් බවට මේ වන විට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්”

“අපේ ඒකකය මේ දක්වා ලබාගත් කටඋත්තර තුනෙන් අපිට තේරුම් ගියා මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ කරුණු 14 සනාථ කරන්න හැකියාවක් නෑ කියලා. ඒ වගේම අයි.සී.සී. එකට ලිපියොමු කළා කිව්වත් අයි.සී.සී. ප්‍රතිචාර දක්වලත් නෑ. අයි.සී.සී. පරීක්‍ෂණයක් කරලත් නෑ”

“අපි කටඋත්තර ගත්ත තිදෙනාම සාධාරණ හේතු කියලා තියෙනවා. විශේෂයෙන්ම කණ්ඩායම් මාරු කළේ ඇයි කියලා. අනික මේක 2011 වසරේ සිද්ධියක්” යැයි පැවසීය.
මේ අනුව මහින්දානන්ද මහ මැතිවරණය ඉලක්කකොට වැඩි ප්‍රචාරණ වාසියන් ලබා ගැනීම සදහා දියත් කළ මනස්ගාතය දැන් ඔහුට පාරවලල්ලක් වී ඇති බවට තොරතුරු වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *