හක්කේ තියා රැක්ක නුඹ – සුභාෂිණි ඉන්දිකා
නුඹ නැතිව නම් මට
ඉන්නට බෑ තමයි
අවුරුදු හත අටක්
නෑ විසි පහක්, තිහක්.
යන්නම හැදුවාට
වේදනා විද විද ම
රැක්කෙ මම හැම දිනම
හක්කෙ මම තියාගෙන
ආදරේටම තමයි
වින්දෙ වද වේදනා
දරාගනු බැරි වුවත්
දැරුවේ ම ඔබ නිසා
ඉන්න තව බෑ කියා
කියන්න නම් එපා
වෙන් වෙන්න නම් මගෙන්
හිතන්න වත් එපා
යවුල් ඇනුනත් අනේ
ඉවසුවේ නුඹ නිසා
නොහඩා සුසුම් ලෑ
රෑ ගණන් අනනන්තයි
දින ගණන් වේදනා
තද කරන් හිටියෙ මං
අනේ මට නුඹ නැතිව
ඉන්ටම බැරි නිසයි
තව තවත් ඉවසමී
නුඹ ගෙනෙන සෝ තැවුල්
පුරස් චාර්වක අනේ
පණ වගෙ නුඹ මගේ