කවියෙන් කථා කීම හෙවත් “Epic කාව්‍ය සම්ප්‍රදාය”- (හෝමර්ගේ අඩවිය – 02 ) ආශිර්දානී භාග්‍යා ලියයි

භාෂාවෙන් හැගීමක් දනවන බටහිර සාහිත්‍යයේ උච්ඡ ස්වරෑපයකි කවියෙන් කතා කීම. සාහිත්‍යයේ ලයාන්විත වූ පද ගැලපීම හෙවත් කාව්‍ය කරණයේ විවිධ ශෛලියන් ඇතිමුත් ප්‍රබන්ධ කාව්‍ය ලෙස ඉදිරියට එන කාව්‍ය රචනය හෙවත් epic කාව්‍ය වඩා විශේෂ වන්නේ එහි පැරණි බව නිසාමයි. පුරාන මිසර, බැබිලෝනියානු ශිෂ්ටාචාරවල මැටි පුවරු ඔස්සේ ලිියවුන දීර්ඝ කාව්‍ය හා රෝම හා ග්‍රීක සාහිත්‍යයෙන් ද ඉපදී හෝමර්, ඩාන්තේ ආදිහු අතින් හැඩවැඩ වූ අයුරු කදිමය.

Troy, Illiod ,Oddesey,Trojan Ulysses’, එහි මූලික ලක්ෂණය වන්නේ ජනශ්‍රැතිය හා වැඩීගිය ප්‍රබන්ධ, කවි හෝ මිත්‍යා කතා කාව්‍යමය රීතියෙන් ප්‍රති නිර්මාණය කරමින් ග්‍රන්ථාරෑඪ කිරීමයි..අතිශයෝක්තිලංකාර භාෂා රීතියට( ritorical theory) යටත්ව විශේෂණ, උපමා උපමේය අනුසාරයෙන් රිද්මයානුකුල භාවාත්මක පබැදුමක් ලෙස නිමවී තිබේ.

Epic වර්ගයේ කවි ඉතාම දීර්ඝ කාව්‍යයන් වේ. ඊට හේතු වන්නේ අන්තර්ගත කතා සියල්ල කටවහරේ තිබු පැරණි දේව කතා, වීර කතා, පෙම් කතා ආදි වූ මනංකල්පිත ප්‍රබන්ධ අලලා ගෙතු දීර්ඝ කාව්‍යයන් වීමයි. රෝම ග්‍රීක සම්භවයක් පමනක් නොව මේවා ආසියාවේ ද ලෝකයේ බොහෝ රටවල ද වැඩීගිය සාහිත්‍යාංගයකි. ගීත කාව්‍ය බවට පත්වනවා මෙන්ම ගීතාවලි ලෙස ග්‍රන්ථාරෑඪ විය. ඉන්දියානු මහා භාරතය දැනට ඇති දීර්ඝතම වීර කාව්‍ය වන අතර රාමායනය ද බටහර රටවලින් එහා ඇති epic වර්ගයේ කාව්‍ය කෘතීන්ය.

භාවාතිශය ලෙස කෘතියේ අර්ථය ඉස්මතු කරමින් ද ත්‍රාසය, වීරත්වය , භීතිය, මායාකාරි මැවුම්, ශෝකය, සතුට, ජය පරාජය, ප්‍රේමය ආදිය කැටිකොට කතාවස්තුව ගෙතියන්නේ, ලයාන්විත , රිද්මයානුකුල හැඩ සමගිනි. පැරණි , මධ්‍යකාලීන, නුතන epic කාව්‍යයේ සහ ප්‍රබන්ධකරණයේ විවධ ඉම නාට්‍ය හා ග්‍රන්ථකරණයෙන් එහාට යන්නේ සිනමාවට අවතීර්ණවීමත් සමගයි. එවැණි මහා සිනමා කාව්‍ය ගණනාවකි. අති නූතන සිනමා කාව්‍ය ලෙස The lord of the ring, Harry Potter, Star wars සිනමා කාව්‍ය ගෙතීයන්නේ මේ අනුසාරයෙන්මය.

ආශිර්දානී භාග්‍යා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *