සොයුරු ෆ්ලොයිඩි – පාලිත සේනාරත්න
මහ රැ
ඇඳ වැතිර
නිදි නැතිව
අඬ නින්දේ හිඳිමි
ඇසේ මට
මර හඬින් කිසිවකු
යටිගිරියෙන් කැ ගානු
(මට හුස්ම ගන්න අමාරුයි )
හොඳින් කණ්දී බලමි
ඒ මගේම හඬය
ඔවි…….ඒ
අප සැමගේ හඬය
ජාතිවාදය තුල
අපට හුස්ම ගන්න අමාරුයි
( සොයුරු ෆ්ලොයිඩි වෙනුවෙනි. )