ආඬවනේ – -ඉසුරු චතුරංග රම්බණ්ඩාරගේ
තේ දල්ල
හැමදාම ඇඟිලි තුඩු මිරිකුවා
ලේ ආව තැන් වලින්
ගංඟාවෝ ඇරඹුනා
හැම ගඟම කොළඹදී
මූදටම හැරවුනා
මූදු හුළඟට බයේ
කන්ද උඩ රතු කොඩිය
සෑහෙන්න ඇකිලුනා
බ්ලොක් වෙන්න ලේ පිරුණු
හදවතත් පිංකෙතක්
සාමිගේ මළ ගෙදර
කෙට්ටු කළු කඳුළු කැට
නහය කට බැඳගෙනම
දිය වුනා තව ටිකක්
-ඉසුරු චතුරංග රම්බණ්ඩාරගේ-