පොඩ්ඩක් ඉවසමු – රනිල් අකිලට කියයි
එක්සත් ජාතික පක්ෂය හැර ගිය පිරිසගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම අරමුණ සහිතව කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කිරීමට මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් වෙත දැනුම් දී පැවැතියද , නැවත එම තීරණය වෙනස් කිරීමටත් තීරණය කොට ඇත.මේ සදහා හේතු වී ඇත්තේ සමගි ජන බලවේගය වෙත ගිය පිරිස් නැවත එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සාකච්ඡා සිදුකරමින් පැවතීම හා එම පිරිස ඉදිරියේදී වැඩිවීමට ඇතිහැකියාව හේතුවෙන් බවද දැක්වේ .