ලොව විශාලතම සරණාගත කඳවුරටත් කොරෝනා

ලොව විශාලතම සරණාගත කඳවුර වන, බංග්ලාදේශයේ කොක්ස් බසාර් තුළින් කොරෝනාවෛරස් ආසාදිතයින් දෙදෙනෙකු හමුවූ බව එරට බලධාරීහු පවසති.

මෙම සරණාගත කඳවුර තුළ රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් මිලියනයක් පමණ වාසය කරන අතර ඔවුන් අතරින් කොරෝනාවෛරස් ආසාදිතයන් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වේ.Bangladesh extends lockdown by 11 days - Newspaper - DAWN.COM

තහවුරු වූ ආසාදිතයන් දෙදෙනා වෙන් කොට තබා ප්‍රතිකාර කරන බව බංග්ලාදේශ බලධාරීන් පවසයි. තවත් සරණාගතයන් 1900ක් පමණ පරීක්ෂාවට ලක් කිරීම සඳහා වෙන් කර තබා ඇත.
කොක්ස් බසාර් කඳවුරේ සිටින සරණාගතයන් පසුගිය මාර්තු මස 14 වැනිදා පටන් ජීවත් වන්නේ ලොක්ඩවුන් නීති රීති යටතේය.
මෙම සරණාගත කඳවුරුවල වෙසෙන රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් මියන්මාරයේ සිට බංග්ලාදේශයට පලා ආවේ මියන්මාර හමුදාව ඔවුන් වෙසෙන පෙදෙස්වල මෙහෙයුම් දියත් කිරීමෙන් අනතුරුවය. එම මෙහෙයුම් ආරම්භ වූයේ 2017 දීය.

කොක්ස් බසාර් හි වර්ග කිලෝමීටරයක් තුළ රොහින්ග්‍යා සරණාගතයන් 40,000ත් 70,000ත් අතර ප්‍රමාණයක් ජීවත් වන බව International Rescue Committee හි බංග්ලාදේශය භාර අධ්‍යක්‍ෂ මනිෂ් අග්‍රවාල් පෙන්වා දුන්නේය.

මෙම කඳවුරු තුළ දැඩි සත්කාර ඒකක පහසුකම් ඇතුළු වෛද්‍ය සේවා සීමා සහිත වීමත්, කඳවුරු තුළ පවතින තදබදය සහිත ජීවන මට්ටම ගැනත් සලකා බැලීමේ දී කොරෝනාවෛරසය ඉක්මනින් පැතිර යා හැකි බවට සහන සේවා ආයතන බිය පළ කර තිබුණි.

 

බිබිසී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *