අවිවේකී මිනිසාගේ කෝටිසොල් හෝමන නසන සංගීත සාත්තුව – මනෝ උපදේශිකා වසන්තිකා ස්වර්ණමාලි

මේ දිනවල අපට සුලභව දකින්නට ලැබෙන  දෙයක් තමයි සංගිත කණ්ඩායම්  මහල් නිවාස අසල ගීත ගායනා කිරිම. ඇත්තටම මෙමගින් සිදු වන්නෙ කුමක්ද ? සංගිත නාදයට මේ වැනි අවස්ථා වල මිනිස් සිතට කල හැකි බලපැම කුමක්ද ?

අතිශය කාර්යබහුල හා සංකිර්ණ සමාජයක ජිවත් වුන මිනිස්සුන්ට සුපුරුදු ජිවන රටාවෙන් ඈත් වෙන්න සිදුවුනහම හුදකලාවට. තනිකම නිසා මානසික පිඩනයක් ඇති වෙනවා. ඔවුන්ට මානසිකත්වය පහත
වැටෙන්න නොදි රැකගැනීමට අද සංගීතය මහත් පිටුවහලක් වෙනවා. මනෝ විද්‍යාඥය ඇල් ෆරාබි
“මිනිස් බෆ් ද ඉලෙක්ටින් “කෘතියේ සංගිතය ප්‍රතිකාර සදහා යොදා ගත හැකි කරුණු පිළිබදව අනාවරණය කලේය.

මිනිසාගේ මානසික පිඩාවන් සමනය කර. ගැනීමට ගනු ලබන ප්‍රතිකාර අතර සංගීත චිකිත්සාව වර්ථමාන
යේ ඉතා සාර්ථක ප්‍රතිකාරයක් බවට පත්ව ඇත. අපට ඇති වන මානසික පිඩාව විවිධාකාරයෙන් දැනේ. තද නිදිමත , ඇගපත වේදනාව , අමතකවීම, ක්ෂණික කෝපය, ආදි විවිධ ලෙස එය පිටවිය හැකිය.

නාදය ඉතා බලවත් ශක්තියකි.පරිසරය සමග බද්ධ වි ගැලපෙන මෙම නාද මනස සැහැල්ලුව ළගා කර ගැනිමට උදවි වේ. මෙම නාද සංගීතය තුලින් මිනිසා ගේ මානසික රටා වෙනස් කිරිමට හා මානසික සැහැල්ලුවක් ලබා ගැනිමට උදවි වේ. සතුට සමාජගත කිරිමට සංගිතය මනා පි⁣ටුවහලක් ලබා දේ.

සංගිතයට මිනිස් සිතට සැහැල්ලුවක් ගෙන්න වගේම සිතේ ඇති බර ඈතට අරන් යන්න පුළුවන් පුදුමාකාර බලයක් තියෙනවා. ගායනය මගින් මිනිස්සු ගේ ආත්මශක්තිය ඉහලට ගෙන යන්න පුළුවන් .මෙමගින් මානසික හැකියාව වැඩි වෙනවා. පෙනහලු වල අබාධ සහිත පුද්ගලයන්ට ශ්වසන හැකියාව වැඩි කරනවා.
මහාචාර්ය ඩේසි ෆැන්තෝර්ටි පවසන්නේ ගීතයක් ගයනා කරන අවස්ථාවේ මිනිස් ශරිරය තුල විශාල වෙනස්විමක් සිදුවන බවයි. මානසික පීඩනය ඇති කරන කෝටිසොල් (cortisol)හෝමන අඩු වි. මනෝභාවයන්
වෙනස් වෙන බවයි. ගායනය කියන්නේ බහුවිධ සොඛ්‍ය ක්‍රියාදාමයක්. සමාජයට එයින් අන්තර් ක්‍රියාවක් සිදු වෙනවා.එ නිසා හුදකලාව ,  තනිකම යන සිතුවිලි මනසින් ඉවත් වෙනවා. සංගිතයට සවන්දිමෙන් මානසික පිඩනය අඩුවෙනවා. බරපතල මානසික ගැටළු වලට කණ්ඩායම් සංගීතය තුලින් විශාල ප්‍රතිලාභ ලබා ගත හැකි බව සොයා ගෙන තියෙනවා. ගීත ගායනා කරන විට පෙනහලු වලට රුධිරය ගලා එම වේගවත් වෙනවා. මේ නිසා
ඩිමෙන්ෂියා වැනි රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර ලෙස සංගිතය භාවිතා කරනවා.

සංගිත චිකිස්තක , අධ්‍යක්ෂ මැගි ග්‍රේඩි ( එක්සත් රාජධානිය). පවසනවා ගයනා කිරිම තුලින් මානසික
තත්ත්වයක්න් දියුණු කර ගත හැකි බව. ගායනා කිරිමේදි ශරීරය තුල එන්ඩොෆින් ( Endorphins)
නැමති හෝමන ස්‍රාවය වීම නිසා මනසට සතුට ඇති විමට උදව් වෙන බවත් ශරීරය පුරා රුධිර සංසරණ
වේගය වැඩි වෙන බවත්.. එතුලින් නොසතුට පහව  යන බවත් ය. එනිසා මානසික ආතතිය ( Stess)
අඩු වෙන බවයි.  ගායනය මගින් මිනිස්සුන්ගේ ආත්මශක්තිය ඉහලට ගෙන එන්න පුළුවන්. එය ශරීරයට මහත් ප්‍රතිලාභ  ලැබෙන ක්‍රමයක් .⁣ පෞර්ෂය වර්ධනය. චාලක හැකියාව . මානසික එකාත්මික භා අධ්‍යාත්මික
සංවර්ධන යනාදි අංග සදහා වැඩි අවධානය යොමු කෙරේ. අද වන විට ලෝකයේ. සංගිත චිකිත්සක
ප්‍රතිකාර සුලභ වි ඇත.

වසන්තිකා ස්වර්ණමාලි ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *