කදුළු නැතත්  රැල්ලට  ඉකිබිදින මිනිස්සු අපි – Y වර්ණ 02

ජිවිතේ සතුට, දුක කියන හැගීම් මැද අපිට හුගක් හුරැපුරැදු දුකක් නැතත් බොරැවට දුක් විදින එක..ඒ ඇයි කියන්න හේතුවක් මං දන්නේ නැ. නමුත් අපි ගොඩක් වෙලාවට කරේ අහේතුත් හේතු කරගෙන ජිවිතේ විදින්න තියෙන එක තත්පරෙත් ඉකි බිද බිද විදවපු එක. ජිවිතේ ලැබුනු දේවල් වලින් සතුටු නොවී නොලැබුනු දේවල් වෙනුවෙන් හුල්ලන එක ..ඇත්තටම ඇයි අපේ ජිවිතේ ඒ තැනට වැටුණේ ?

මේ ලෝකේ හැම පුද්ගලයෙක්ට එක වගේ ජිවිතයක් උරැම වෙන්නේ නැ.. එක වගේ ජිවිතයක් උරැම වුනා නම් මේ ලෝකේ කිසිම විවිධත්වයක් දකින්න ලැබෙන්නෙත් නෑ.. ඇත්ත ඒකයි .. දුක, සතුට කියන්නේ හදවත එනයන තවත් එක හැගීමක් මිස මුළු ජිවිතේම නෙමෙයි .. අපිට ලැබෙන අත්දැකීම් මත ,එදිනෙදා ජිවිතේ වෙන සමහරක් සිද්ධින් මත , ජිවිතේ හමුවෙන මිනිස්සු මත ,අපි විසින් කරන කියන දේවල් මත .. දුක,සතුට කියන හැගීම් හදවත තුළ උපද්දවනවා..

ඒත් ජිවිතේ යම් යම් නොලැබීම් මත ,හැරයාම් මත අපි ජිවිතේ සතුට කියන හැගීමට නැවතීමේ තිත තියලා දුක කියන හැගීමට ළං වෙනවා. සමහරක් විට මුළු ජිවිත කාලය පුරාම අපි විදවනවා..කදුළු එක්ක ගනුදෙනු කරනවා..සමහරක් විට ජිවිතේ ඒ නොලැබුනු දේවල් වලට වඩා හොද දේවල් ලැබුනත්,ඒ දේවල් අහිමි වී ගියේ අපේම හොදට වුනත් ඒ ඇත්ත වසන් කරලා අපි හැමදාම ජිවත් වෙන්නේ ඒ අන්ධකාරයෙන් පිරැනු,ඉකිබිදින හදවතක් එක්ක..අතීතේ වැළලී ගිය කදුළු මතක එක්ක . හුදකලා වී පාළු වී ගිය , අසාර්ථක ජිවිතයක්…
නමුත් ඇත්තටම අපි සිටිය යුතුතේ එසේද ? උඹට මට විතරක් නෙමෙයි මේ ලෝකේ හැම පුද්ගලයෙකුටම නොලැබීම්,අහිමිවීම් කියන දේවල් පොදුයි. නමුත් ඔවුන් ඒ ගැනම හිත හිත මුළු ජිවිතේ ම එකතැනකට හිර කරන්නේ නැ… කදුළු අස්සෙන් හිනාවෙනවා . ජිවිතේ ලැබුනු දේවල් වලින් තෘප්තිමත් වෙනවා. එහෙමත් නැත්තම් අහිමි වුනුදේවල් වලටත් වඩා හොද දේවල් තමන්ගේ වෙන තැනට වෙනකම් ජිවිතේ සටන් කරනවා. ඉමහන්සි වෙනවා..ඒ වෙනුවෙන් ජිවිතේ කැප කරනවා.  තව තවත් හිත ශක්තිමත් කරගෙන ජිවිතේ සතුට කරා රැගෙන යනවා..

ඉතිං ඇත්තටම එසේ කරන්නට නම් මුලින් උඹ ජිවිතේ තේරැම් ගත යුතුයි .. ජිවිතේ කිසිම දෙයක් නොලැබුනු මිනිස්සු පවා හරි අපුරැවට පුංචි පුංචි දේවල් වලින් ජිවිතේ විදිනකොට අපි ජිවිතේ ගොඩක් දේවල් ලැබිලත් පැත්තකට වෙලා හුල්ල හුල්ල ඉන්නවා .. ඒත් ජිවත් වෙනවා කියන්නේ ඒකට නෙමෙයි.. අතපය නැති මිනිස්සු පවා ජිවිතේ හොයාගෙන දිනනකොට, සියල්ල සර්වසම්පුර්ණ වුනු අපි එකතැනකට මුළු ජිවිතේ හිර කරලා හැමදාම දුකින් ඉන්නවා.. ඇත්තටම එතැන හිතන්න ගොඩක් දේවල් ඉතිරි වෙලා තියෙනවා නේද..  ඔයාගේ ජිවිතේ අයිතී ඔයාට.. ඔයාගේ ජිවිතේ වටිනාමක දැනෙන්න ඕන ඔයාට.. මේ ගෙවන තත්පරයක් පවා ඇති නිවැරැදි අවබෝධයෙන් ජිවිතේ වෙනස් කරන්න..

කවදාවත් ⁣අහේතුත් හේතු කරගෙන රැල්ලට ඉකිබිදින්න යන්න එපා . ජිවිතේ අහිමිවීම් මැදින් ජිවිතේ නොලැබීම් මැද වුනත් ජිවිතේ විදින්න පුරැදු වෙන්න. කදුළු වෙනුවට හැම තත්පරයකම හිනාවෙන්න. හැමදාම ඔයාගේ ජිවිත අහසේ අමාවක රාත්‍රි⁣න් පමණක් උදා වෙන්නේ නෑ.  මතක තියාගන්න . ජිවිතේ කියන්නේ හැම තත්පරයකම නොවිදා විදින එක..හැම දවසකම අළුතින් ජිවිතේ දකින එක . ඇත්තටම ඔයා එහෙම හිතුවොත් පුළුවන් වේවී,මේ ලෝකේ මොන දේ වුනත් ඔයා ඔයාම වෙලා කදුළු මැදින් ජිවිතේ දිනපු අපුරැ පුද්ගලයන් අතරට ඔයාගේ නමත් රැගෙන යන්න. එපමණයි !

තව දිනක හමුවෙමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *