කවදාවත් උඹ කාගෙවත් කොපියක් වෙන්න එපා – Y වර්ණ 01

මේ ලෝකේ ගොඩක් මිනිස්සු ජිවත් වෙලා ඉන්න ටික කාලෙටත් කරන්නේ ජිවිතේ රඟපාන එක. තමන්ට අළුතින් දෙයක් හිතලා කරන්න හිතන්න බැරි මිනිස්සු ,කාගේ හරි දෙයක් දැක්ක ගමන්, ඊට වඩා තමන්ට ඒ දේ කරන්න පුළුවන් කියලා ඔළුව උදුම්මගෙන ඒ දේවල් කරන්න පෙළබෙවෙන එක.. ඒකට තමයි කියන්නේ “රැල්ලට” යනවා කියලා..සමහරක් මිනිස්සු ඒ වගේ දේවල් කරන්නේ හේතු ගොඩක් මත.

1) ජනප්‍රියත්වයට
2) ර්රිසායවට
3)කුහකකමට
4) තමන්ට ඊටත් වඩා දෙයක් කරන්න පුළුවන් කියලා ඇති අධිමානසිකත්වය..

මං පිළිගන්නවා.. මේ ලෝකේ එක වගේ දක්ෂතා තියෙන අය ගොඩක් ඉන්නවා. ඒත් කවුරැත් දෙයක් කරපු පලියට කොපි කර කර ඒ දේවල්,ඒ විදියටම කරන්න ඕන කියලා තියරි එකක් මේ ලෝකේ නැ. ඔයාට පුළුවන් නම් ඔයාගේ මනසින්ම දෙයක් හිතලා අළුත් දෙයක් කරන්න. ඇත්තටම ඒක ලස්සන දෙයක් වේවී. වෙනස් දෙයක් වේවී. අනිත් එක මේ ලෝකේ සම හදවත් ඇති ම්නිස්සු ඉන්නේ හරිම කලාතුරකින් . ඒ නැතුව හැම කෙනෙක්ටම එකම දේවල් හිතෙන්නේ නැ. මිනිස්සු අවංකම කැමති නැ අපිට හරියනවට. කෙටියෙන්ම කියනවා නම් මිනිස්සු කැමතී අපිට කෙළවිලාම යනවට. ඒ වගේම උඹ මහන්සියෙන් කරපු දේකට වටිනාකම්,ප්‍රශංසාවක් නොදී ඒක හැල්ලු කර කර යටින් ඒ වගේ දෙයක් කරන්න ඉන්න මිනිස්සුන් ගැන තවත් උඹ හිතන්න එපා..මොකද උන් හැමදාම හදවතින් පරාද මිනිස්සු …ඒක හින්දා පරිස්සම් වෙයන්..උඹේ හීන කාටවත් නොකියා ඉන්න. ඇත්තටම මිනිස්සු කැමති නැ උඹ හීනවලින් ඔබ්බට ගිහින් ජිවිතේ දිනනවට.
ඒ වගේම තව කෙනෙක්ගේ දෙයක් කොපි කරලා ඉස්සරහට යන්න හදන මිනිස්සුන්ගේ ජිවිතේ ගොඩක් තැන් හිස්.ඒ මිනිස්සුන්ට කවදාවත් ආත්ම තෘප්තියක් ලබා ගන්න බැ.

ඒත් තමන්ගේ මහන්සියෙන් දෙයක් කරලා ජිවිතේ දිනන්න උත්සහා කරන මිනිස්සු මේ ලෝකේ කවදා හරි දිනනවා..සමහරක් විට ඒකට කාලයක් ගත වෙන්න පුළුවන් ..ඒත් දවසක අනිවාර්යයෙන්ම ජිවිතේ දිනුම් කණුව ළඟට එනවමයි .ඒක ස්ථීරයි..එදාට ඒ හිත්වලට දැනෙන සැනසීම,සතුට,ආඩම්බරය තව කෙනෙක්ගේ දෙයක් කොපි කරලා ගොඩගිය මිනිස්සු කවදාවත් ළගා කරන්න බැ..ඒක තමයි යථාර්ථය ..මොකද ජිවිතේ කියන්නේ කාගේවත් කොපි එකක් නෙමෙයි. අවංකව අපි අපිම විය යුතු තැන. ඒ දේ එසේ නෙවෙන තැන ජිවිතේ කවදාවත් සුන්දර වෙන්නේ නැ…

ඉතිං ජිවිතේ දින්නනම් කට්ට කන්නම ඕන..කාගෙවත් පහනකින් හැමදාම තමන්ගේ ජිවිතේ එළිය කරගන්න බැ..මොකද පහන නිවී ගිය දාට තමන්ට හැමදාම ඉන්න වෙන්නේ අන්ධකාරයේ පමණක්ම වෙන හින්දා…

ඉතිං මතක තියාගන්න..

ජිවිතේ විදින්න වගේම දිනන්න නම් කාගෙවත් කොපියක් නොවී උඹ උඹව විය යුතු බව…එපමණයි !

  • ඉතීරිය ඉදිරියට – 
  • නිරොක්ෂි ජෑන්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *