COVID – 19¸ සොබාදහම සහ අපි – මේනුකා දම්සරණී

කොරෝනා නැතිනම් කොවිඞ් 19 මේ දිනවල ලෝකයේ ම වැඩි කතාබහට ලක්වන මාතෘකාවයි. නමුත් ඒ ගැන කතාකරන්නට පවා බිය සිතෙන තරමට එහි බලපෑම මිනිස් ජීවිත මතට එල්ල වී අවසන් ය. ඊට බිලිවූ ලක්ෂ දෙක ඉක්ම වූ මිනිස් ජීවිත යළි කිසිදා අමතක කළ නොහැකි පාඩමක් අපට උගන්වා ඇත. වෛරසයට බියෙන් ලොව ධනවත් රටවල් සේ ම අන්ත දිළිඳු රටවල් ද නිවෙස් තුළට වී දොර වසාගෙන ජීවත්වෙන තැනට පත්ව සිටී.
එහෙත් මේ කියන්නට යන්නේ මුළු ලෝකයට ම විසිහතර පැයේම අසා දැක කියවා එපාවී ඇති කොවිඞ් 19 වෛරසයෙන් මිනිස් සමාජයට හෝ ලෝක ආර්ථිකයට වූ බලපෑම ගැන නම් නොවේ. ඒ සියල්ලට වඩා කොවිඞ් 19 අපට උගන්වන නිහඬ පාඩම ගැනය.
සොබාදහම පිළිබඳ කිසිඳු තැකීමක් නොකර වාතලය මහ සයුර ගොඩබිම ඇතුළු සියළු පරිසර පද්ධති වනසා දැමූ මිනිසාගේ ම තාක්ෂණය කම්හල් වැඩබිම් අද නිහඬය. සැබැවින් ම මේ මොහොතේ මුළු ලෝකය ම පාලනය කරන්නේ කොවිඞ් 19 බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ සියල්ල මැද අප කාටත් නොදැනී මිනිසාගේ පියසටහන්වලින් කිලිටි වූ ලෝකය සොබාදහම විසින් ක‍්‍රමයෙන් සිය පාලනයට යටත් කරගනිමින් සිටී.
දේශසීමා අතර මිනිසා ලොක්ඩවුන් වෙද්දී නිදහසේ අතපය දිගහරින අලූත් හුස්මක් ගන්නා සොබාදහම ගැන ඒ කතාවයි මේ. 

Nature is healing – we are the virus මේ සටහනත් සමග ලෝකය පුරා බොහෝදෙනෙක් විවිධ සමාජ මාධ්‍යයන් ඔස්සේ පසුගිය දිනවල විවිධ ඡයාරූප පළකර තිබුණි. වෛරසයට පෙර මානව ක‍්‍රියාකාරකම්වලින් වැනසෙමින් තිබූ ජනාකීර්ණ ප‍්‍රදේශවල ගස්වැල් හොඳින් වැඞී මල්ඵල හටගෙන ඇති ආකාරය මෙන් ම සීමිත වන ප‍්‍රදේශවලට බලහත්කාරයෙන් සිරකර තබා සිටි වන සතුන් නිදහසේ ජන ශුන්‍ය නාගරික ප‍්‍රදේශවලට පැමිණෙන අයුරු ඒ ඡයාරූපවලින් දක්නට ලැබුණි.

නාගරීකරණය හේතුවෙන් සිය ස්වභාවික වාසස්ථාන අහිමි වූ බොහෝ වන සතුන් මෙලෙස නිදහසේ සැරිසරන අයුරු ලොව නන්දෙසින් වාර්තා විය.

VENICE, ITALYWithout the usual chaos of motorboats to scare it away, this seabird enjoys a paddle in the canals of Venice. Picture: AFP

SANTIAGO, CHILEThis young puma, although cute, could actually do a lot of damage in the residential streets of Santiago, Chile, after venturing down into town from the surrounding mountains. Picture: AFP

DUBAI, UAEThis lone peacock just cruises through the streets in a normally bustling retail area of Dubai. Picture: AFP

TRINCOMALEE, SRI LANKAA wild deer has the street to itself in the port city of Trincomalee, Sri Lanka. Picture: AFP

NARA, JAPANDeer are always a common sight in Japan’s popular tourist town of Nara, but they like to hang out in the park – you don’t usually see them in the middle of an empty street. Picture: AP

LONDON, ENGLANDThis fox leaves the woods and wanders casually through a residential street near West Middlesex. Picture: AP

KEY WEST, FLORIDAFlorida’s popular Duval Street, which would normally be teeming with tourists on the last week of spring break, is instead being patronised by roosters. Getty

මේ සියල්ල අතර සොබාදහමේ කැපී පෙනෙන වෙනස්කමක් වූයේ අති භයානක මට්ටමක තිබූ ගෝලීය වායු දුෂණයේ සීඝ‍්‍ර අඩුවීමයි. වෛරසයේ තිඹිරි ගෙය වූ චීනයේ වුහාන් නගරය වෛරස ව්‍යෘප්තිය සඳහා ජනවාරි 23 වනදා සිට අපේ‍්‍රල් මස 8 වනදා දක්වා මුළුමනින්ම වසා දමා තිබුණි. ජනවාරි 23 වනදායින් පසු වෛරසය චීනයේ හුබෙයි ප‍්‍රාන්තයෙන් එපිට තවත් ප‍්‍රදේශ රැුසක ව්‍යාප්ත වීමත් සමග ක‍්‍රමයෙන් සෙසු ප‍්‍රදේශ ද සමගින් චීනය සිය දේශසීමා වසා දැමීඹට පියවර ගත්තේය. ලෝක ආර්ථික බලවතා වීමේ අරමුණීන් ඇමරිකාව සමග ආර්ථික යුද්ධයක ආර්ථික සටනක නිරතව සිටි චීනයේ දැවැන්ත කර්මාන්තශාලා මෙන් ම ලොව වැඩිම ජනගහණයක් සහිත රට ලෙස වාහනවලින් නිකුත් වූ අහිතකර වායූන් හේතුවෙන් ගෝලීය වායූ දුෂණයට වැඩි දායකත්වයක් ලබාදුන්නේ චීනයයි. නමුත් ලෝකය හඹාගිය චීනය නිවස තුළට වී අගුළු දමාගත් පසු වාතලය ක‍්‍රමයෙන් සුවපත් වන්නට විය.
ස්ටැන්ෆර්ඞ් සරසවියේ මහාචාර්යය මාර්ෂල් බෲක් පැවසුවේ කොවිඞ් 19 වෛරසයෙන් චීනයේ මිය ගිය ප‍්‍රමාණයට වඩා සියයට 20 ක පිරිසකගේ ජීවිත මෙලෙස වායූ දුෂණය අවම වීමෙන් බේරාගැනීමට හැකිවනු ඇති බවයි.
නාසා ආයතනයේ චන්ද්‍රිකා ඡයාරූප මගින් චීනයේ වුහාන් නගරයේ වාතලය සුවපත් වූ අයුරු අපට පෙන්වූයේ මෙලෙසින්.වෛරසයේ ව්‍යාප්තියත් සමග ලොව රටවල් රැසක් වසා දමද්දී චීනයේ වුහාන් නගරයේ පමණක් නොව ලොව රටවල් රැසක වායුගෝලයේ මෙවැනි පැහැදිලි වෙනසක් දක්නට ලැබුණි.
ඒ අතරින් කතා කළ යුතු ම නගරය අසල්වසි ඉන්දියාවේ නවදිල්ලි නගරයයි. කොරෝනා වෛරසය එන්නට සති කිහිපයකට පෙර ලොව වායු දුෂණය වැඩිම නගරය ලෙස ඉන්දියාවේ නවදිල්ලි අගනුවර නව වාර්තාවක් පිහිටුවීය. එහි බලපෑමෙන් අපේ වාණිජ අගනගරය වූ කොළඹ නගරයේ ද වායුගෝලය අපැහැදිලි වූ අයුරු ඔබට මතක ඇතැයි සිතමි.
නමුත් වෛරසයේ බලපෑමෙන් ඉන්දියාව ද ලොක් ඩවුන් වෙද්දි දිල්ලි අගනගරය ඇතුළු මුළු ඉන්දියාවේ ම වායුගෝලය නිදහසේ හුස්ම ගන්නට පටන් ගත්තේය.

Satellite data show that aerosol levels have dropped significantly since the Covid-19 lockdown began.

Clean air over Mumbai during the coronavirus pandemic, April 202

මෙලෙස වායුගෝලයේ කාබන් ඩයොක්සයිඞ් හා කාබන් මොනොක්සයිඞ් ප‍්‍රතිශතය ක‍්‍රමයෙන් පහත වැටෙද්දී දේශගුණ විපර්යාස රැසකට පාර කැපූ ගෝලීය උණුසුම ද දැන් ක‍්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි පරිසර විද්‍යාඥයින් පවසන්නේ.

World Economic Forum වෙබ් අඩවියේ The link between air pollution and COVID -19 deaths යන මාතෘකාවෙන් අද වාර්තාකර තිබූ ලිපියක දැක්වුණේ Science of the total Environment ජර්නලයේ පළකර තිබූ නවතම අධ්‍යනයකින් ලොව පුරා කොවිඞ් 19 හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ රැුසක් දීර්ඝ කාලයක් වායු දුෂණයට නිරාවරණය වී සිටීම හේතුවෙන් සිදුව ඇති බවයි.

අදාළ අධ්‍යනය සිදුකර තිබුණේ කොවිඞ් 19 වෛරසයෙන් විශාලම හානියක් සිදුවූ ජර්මනිය ප‍්‍රංශය ඉතාලිය සහ ස්පාඤ්ඤය ඇතුළත්කර ගනිමිනි. එහිදී අනාවරණය වී ඇත්තේ සියයට 78 ක් පමණ ඉහළ පුද්ගල මරණ ප‍්‍රමාණයක් සිදුව ඇත්තේ උතුරු ඉතාලියේ හා ස්පාඤ්ඤයේ කලාප පහක බවයි. මේ කලාප පහ තුළ වායුගෝලය දැවැන්ත ලෙස දුෂණය වී ඇති අතර නයිට‍්‍රජන් ඔක්සයිඞ් වැඩිම ප‍්‍රතිශතයක් සහිත ප‍්‍රදේශයන් ද වන බවයි අදාළ අධ්‍යනයෙන් අනාවරණයකර ඇත්තේ. එය මිනිසාගේ ශ්වසන පද්ධතියට ඉතාමත් හානිකරදායක තත්ත්වයකි. එමෙන්ම මෙම කලාපවල භූගෝලීය පිහිටීම සැලකීමේදී වායු දුෂක විසුරුවා හැරිය නොහැකි Downward air pressure තත්ත්වයක් සහිත ප‍්‍රදේශ බව ද සඳහන් වේ.

කෙසේ හෝ කොවිඞ් 19 නිසා ලෝකය ම ලොක්ඩවුන් වෙද්දී වායුගෝලය නිදහසේ හුස්ම ගනිමින් සිටී.

Clouds hover over the blue sky at India Gate during the lockdown to limit the coronavirus on April 20, 2020 in New Delhi, India.

Mohd Zakir | Hindustan Times via Getty Images

මිනිසා අතින් දුෂණය වී මාරාන්තික තුවාල ලැබූ සොබාදහම මුළු මහත් මිනිස් සමාජයට ම අපූරු පාඩමක් කියා දී නිහඩවම තමාව ම සුවපත් කරගනිමින් සිටී. සොබාදහම පරදවා විශ්වය ජයගන්නට ගිය මිනිසාට සොබාදහම තවත් අවස්ථාවක් ලබාදී තිබේ. එය අවසන් අවස්ථාව ද විය හැකි බව අපි තරයේ මතක තබාගත යුතුයි.
කොවිඞ් 19 පරාජය කොට සියළුදෙනා සුවපත් වූ විට අප කළ යුත්තේ ලෝකය ම එකාවන්ව එක්වී සියළුදෙනාට නිදහසේ සුවසේ ජීවත්විය හැකි තැනක් බවට ලෝකය පත් කිරීමට වෙහෙසීම ය. එසේ නොමැතිව එකිනෙකා පරයා යමින් යළිත් සොබාදහම අබිබවා තාක්ෂණයෙන් විශ්වය හඹා යන්නට සූදානම් වුවහොත් තවත් අවස්ථාවක් නොදීම සොබාදහම අප පරාජය කරනු ඇත.
මේ නිහඩ කාලය තුළ අප සොබාදහමට ආදරය කරන්නට හුරු වුණෙමු. ගස්වැල් වනසතුන් අපේ ජීවිතයේ ම කොටසක් බවට පත්වෙන තරමට අපි සොබාදහමට සමීප වුණෙමු. සමාජ දුරස්ථතාවයට ස්තූතිවන්ත වන්නට අපි සොබාදහමට පතරයක් නොතබා ම සමීප වුණෙමු. කොවිඞ් 19 මුළුමනින්ම පාලනය කළ පසු අප කළ යුත්තේ ඒ සමීප සබඳතාව තවත් ශක්තිමත් කරන අතරතුර අපේ එදිනෙදා වැඩකටයුතු සිදුකර ගැනීම ය.
එහෙත් මේ සියල්ල අවසන් වූ පසු අපිට මුහුණ දෙන්නට මහා ආර්ථික අභියෝගයක් ඇත. එය සැබැවින් ම යුද්ධයකි. අපට සොබාදහම යළි මගහැරෙන්නේ ඒ යුද්ධයේදීය. ආර්ථිකය ගොඩනගන්නට වසා දැමූ කර්මාන්තශාලා යළි විවර වනු ඇත. ගමනාගමනය සඳහා මහාමාර්ග න්‍ාහනවලින් පිරී යනු ඇත. මාස ගණනක් නිවෙස්වල සිරවී සිටි මිනිසුන් සංචාරක කලාපවලට ගොස් රිසි සේ විනෝද වනු ඇත. එහිදී ඉවතලන පරිසර හිතකාමී නොවූ කැලිකසලින් ගෙවුණු කාලය තුළ සුවපත් වූ ඇළදොළ ගංගා සේම සාගර කලාප ද යළිත් රෝගී වනු ඇත. නිදහසේ ඇවිද ගිය වනසතුන් පුරුද්දට මෙන් ජනාකීර්ණ ප‍්‍රදේශවලට පැමිණීමේදී මිනිසා හා වනසතුන් අතර නැවතී තිබූ ගැටුම් යළී අරඹෙනු ඇත. එවිට සොබාදහමේ අප හා සම අයිතිකරුවන් වූ වනසතුන් යළිත් සීමිත ප‍්‍රදේශවල බලහත්කාරයෙන් හුදෙකලා වනු ඇත.
එහෙත් කොවිඞ් 19 නිසා අප පාඩමක් උගත්තේ නම් අපට වෙනස් විය හැකිය. ලෝකය ම වෙනස් කළ හැකිය. ඒ සඳහා අවැසි සොබාදහමට ආදරය කිරීමය. සොබාදහම හා සහෝදරත්වයෙන් මානව සමාජයේ ඉදිරි අභියෝග ජයගැනීමය.
ඒ වෙනුවෙන් අපි අලූතින් සිතමු. අප සැමට අදත් හෙටත් සුවදායි වූ ලෝකයක් වෙනුවෙන් සොබාදහමට ආදරෙන් අපි එකාවන්ව ජීවත් වෙමු.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *