කොරෝනා කාලේ ආලේ…01

ඇබිත්තං වයිරසයකට හැකිවේද දුරස් කරන්නට ප්රේමමය… කොරෝනා අවදියේ මීටරයේ සීමාව නොතකා හල ආලයේ මහිමය ගැන උපනෙත සාක්ෂි මෙලෙස ගෙනහැර දක්වමු.

  1. ආදරණීය සමුගැනීම

පසුගියදා සමාජ ජාලා පුරා සංසරණය වූ මෙම ඡායාරූපය හඳුන්වා දී තිබුණේ කොරෝනා ආසාදිතයන්ට ප්රසතිකාර කළ ඉතාලි ජාතික වෛද්යුවරුන් යුවලක් තමන්ටද රෝගය වැළ‍ඳීමෙන් අනතුරුව මරණයට සූදානම් වන අවස්ථාවක් ලෙසයි.
එහෙත් මේ සම්බන්ධයෙන් සත්ය ය අනාවරණය කරගත් ඉන්දියා ටුඩේ මාධ්යෙ ආයතනය පවසන්නේ මෙම ඡායාරූපය ඉතාලියට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. මෙම සේයාරුවෙන් දැක්වෙන ස්ථානය ස්පාඤ්ඤයේ බාර්සිලෝනා ගුවන්තොටුපල බවත් දිනය පසුගිය මාර්තු 20වැනිදා බවත් එහි හිමිකරු එමිලියෝ මොරෙනැටි පවසා තිබිණි. කෙසේවුවද කොරෝනා සමයේ තවත් එක් සංවේදී සාක්ෂියක් අනාගතය වෙත ගෙනයන්නට මේ සේයාරුව සමත් වනු ඇත.

2. මුවගුලු ලෑ චුම්බන

පසුගිය පෙබරවාරි 20 වැනිදා මධ්යපම පිලිපීනයේ බැකෝලෝඩ් හිදී රජය විසින් සංවිධානය කළ සමූහ විවාහ උත්සවයකදී විවාහවූවන්ට සිය දිවුරුම හා ආදර චුම්බනය හුවමාරු කරගැනීමට සිදුවූයේ මුව ආවරණයන්ද පැළඳගෙනය. එම ප්රටදේශයේ සාම්ප්ර දායික උත්සවයක් වූ මෙහිදී මුව ආවරණ හා වෛද්යඳ නිර්දේශ දැඩි ලෙස පිළිපදින්නට එයට සහභාගී වූ නව යුවල 220ටම සිදුවී තිබිණි.

3. නිරෝධායන මඟුල
මේ දකුණු කොරියාවේ පැවති මහා විවාහ මංගල්ය0යක්. කොරෝනා සමයේ පැවති මෙම විවාහ මංගල්යගයට සහභාගීවූවන් අතර මුව ආවරණ 30,000ක් බෙදා දීමට සංවිධායකයන්ට සිදුවූ බව AFP පුවත් සේවය පවසනවා.

4. යළි හමුවුවද නොවුවද…

චීනයේ ෂැංහයි නුවර සාප්පු සංකීර්ණයක් අසලදී වෙන්වී යාමට පෙර සිප වැළඳ ගත් අවස්ථාවක්. මීටරය නොතැකූවද මුව ආවරණය නොතැකීමට අමතක වූ මෙම යුවල කැමරා කාචයට නතු වී තිබුණේ පසුගිය පෙබරවාරි 16 දාය.

5. නිදහස දුන් වසංගතය

වසංගතයක් අභිමුව නිදහසේ ප්රේුමය අත්විඳින්නට වරම් හිමිවූවෝද වෙති. කොරෝනා හමුවේ මිනිසුන් නිවෙස් තුළට සීමා කෙරුණු අවසරයෙන් චීනයේ බඩ ඉරිඟු ගොවිපළකට ඇතුළු වී රිසි සේ සප්පායම් වූ මේ දළකාරයන් දෙදෙනා ඉන්පසු තේ වත්තකට පැන නිදි සුව විඳි අයුරු සමාජ ජාලයන් පුරා පැතිරී ගොස් තිබුණේ මෙලෙසිනි.

 

  • කල්ප හේවා වෙදගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *