අගුළු දැමූ රටේ කදුළු පිරි කතාව – සැතපුම් 200ක් පයින් ගිය දැරිය මිය යයි.

කොරෝනා වෛරස අගුලු දැමීම අතරතුර සැතපුම් 200 ක දුරක් පයින් ගමන් කළ ඉන්දියාවේ වයස අවුරුදු 12 ක දැරියක් සිය නිවස ආසන්නයට පැයක් වැනි කෙටි කාලයක් තිබිය දී මියගොස් ඇති බව ප්‍රාදේශීය නිලධාරීහු පවසති.

ජම්ලෝ මඩ්කම් නැමති දැරිය දකුණු තෙලන්ගානා ප්‍රාන්තයේ පේරු ගම්මානයේ මිරිස් කෙත්වල සේවය කර තිබේ. රටපුරා අගුලු දැමීම අප්‍රේල් 14 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ නමුත් එය මැයි දක්වා දීර්ඝ කිරීම හේතුවෙන් දැරිය කණ්ඩායමක් සමඟ නිවෙසවෙත යාමට පිටත් වූවාය.

අප්‍රේල් 15 වන දින ජම්ලෝ සහ ඇගේ මස්සිනා ඇතුළු තවත් 11 දෙනෙකු මධ්‍යම ඉන්දියාවේ චැටිස්ගාර් ප්‍රාන්තයට ඔවුන්ගේ ගමන ආරම්භ කළහ. ඔවුන් රැකියාවෙන් බැහැරව නිවෙස්වෙත ඇවිදයාමට තීරණය කළ අතර, අගුලු දැමීම අවසන් වන්නේ කවදාදැයි දැන සිටියේ නැත.
ඉන් දින තුනකට පසු, ගෙදර යාමට පෙර ඇය මිය ගියාය.

“පොලිස් බාධක මඟ හරිමින් ඔවුන් දින තුනක් තිස්සේ කඳුකර ප්‍රදේශ හරහා ගමන් කර ඇත. අපට දැනගන්නට ලැබුණු පරිදි ජම්ලෝ එදින උදෑසන කිසිවක් ආහාරයට ගෙන නොමැත. බඩේ කැක්කුම නිසා ඇය වමනය කිරීමට පටන්ගෙන ඇතැයි ඇය උපන් දිස්ත්‍රික්කයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කර තිබේ.

ඉතිරි සංක්‍රමණික සේවකයින් 11 දෙනා දින 14 ක් රජයේ ස්ථානයක නිරෝධායනය කර ඇති අතර ඔවුන්ගේ සාම්පල පරීක්ෂා කිරීම සඳහා යවා ඇත. ජම්ලෝගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් ඇයට කොරෝනා වෛරසය ආසාධිත නොවූ බව තහවුරු වී ඇත.

මාර්තු 25 සිට ඉන්දියාව රටපුරා අගුලු දැමීම ක්‍රියාත්මක කළ අතර එය මැයි 3 දක්වා ද ක්‍රියාත්මක වේ.

අගුලු දැමීම බලාත්මක වූ පසු, කම්කරුවන් දහස් ගණනක් රැකියාවන් අහිමි ව ආපසු ගෙදර යාමට ප්‍රවාහන මාර්ග ද නොමැතිව පයින්ම නිවෙස් වෙත යාමට උත්සාහ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *