කොරෝනාවට එන්නතක් එයි, අත්හදා බැලීම හෙට (23)

ලොව විනාශකාරීම වෛරසය වන කෝරොනා වෛරසය මර්දනය කිරීම සදහා එන්නතක් නිපදවීමට බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Sarah Gilbert ඇතුලු පරික්ෂකයන් විසින් සමත්ව ඇති බව වාර්තා වේ.

එමෙන්ම මෙම අත්හදා බැලීම හෙට සිට(23) ආරම්භ කරනු ඇති. බ්‍රිතාන්‍ය රජය නිළ වශයෙන් කොවිඩ් 19 එන්නත් ව්‍යාපෘති දෙකක් සඳහා අරමුදල් සපයනු ලැබුවා. ඒ University of Oxford සහ Imperial College London යන ආයතන දෙක ක්‍රියාත්මක කරන ව්‍යාපෘති දෙකක් වෙනුවෙන්. මෙයින් හෙට අත්හදා බැලීම් ආරම්භ වන ඔක්ස්ෆර්ඩ් ව්‍යාපෘතිය සඳහා පවුම් මිලියන 20 ක් බ්‍රිතාන්‍ය රජය විසින් ලබා දී තිබෙනවා. සාමාන්‍යයෙන් එන්නතක ඉතාම අපහසුම සහ විශාල කාලයක් ගන්නා පියවර මෙම මිනිසා ඇසුරින් සිදු කරන අත්හදා බැලීමයි. කෙසේ වෙතත් මෙම එන්නතේ සාර්ථක හෝ අසාර්ථක බව සැප්තැම්බර් මාසය අග වන විට දැන ගත හැකි බවයි වාර්තා වන්නේ.

එසේ වුවහොත් මෑතකදී ලෝකයේ වඩාම වේගයෙන්, බෝවන රෝගයක් සඳහා සොයා ගන්නා ලද එන්නත මෙය වනවා. ලොව පුරා වසංගත රෝග පිළිබඳ විද්‍යාඥයින් මේ වන විට අනතුරු අඟවන්නේ කොවිඩ් 19 රෝගය සඳහා එන්නතක් සොයා ගන්නා තුරුම ලොව පුරා මිලියන ගණනක් දෙනාට මෙම රෝගය වැළදීම වැළැක්විය නොහැකි බවයි. එමෙන්ම ලෝකයේ සමස්ථ ජනගහණයෙන් 3%-4% අතර ප්‍රමාණයකට පමණක් මෙම රෝගයට ඔරොත්තු දෙන ස්වාභාවික ප්‍රති දේහ ඇති බව ද වාර්තා වනවා. මේ ලියන අවස්ථාව වන විට ලෝකයේ මෙම රෝගය වැළඳී තිබෙන්නේ මිලියන 2.55 ක ජනගහණයකට පමණක් වුවත් එහි බලපෑම මිලියන 7,800 ක ජනගහණයකට බලපා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *