වසන්ගත සමයේ වැඩිහිටියන් රැක ගැනීම – මනෝ උපදේශීකා වසන්තිකා ස්ර්ණමාලි

අද විශේෂයෙන් වෙනදාටත් වඩා අපේ වැඩිහිටියන් රැකබලා ගැනිම අනිවාර්ය දෙයක්. මොකද අද පවතින වසංගත රෝග
වලින් ඔවුන් ආරක්ෂා කරගන්න ඕන ..එහි වැඩි අවදානම තියෙන්නෙ අපේ වැඩිහිටියන්ට මේ වගේ අවස්ථාවක වෙනදාටත් වඩා අපි ඔවුන් ගැන සැලකිලිමත් විම අතවශ්‍යයයි..

 

වැඩිහිටියන්, අපේ දෙමාපියන්, නිතරම මේ දිනවල රූපවාහිනී නරඹනවා .ප්‍රවෘත්ති අහනවා. රටේ තොටේ බොහෝ දෑ ගැන අපිටත් වඩා විමසිලිමත් එ්ත් ඔවුන්ගේ වයසත් සමගම සමහර දර්ශන නැරඹීමෙන් මානසික. තත්වයන් පහත වැටෙන්න පුළුවන්. අපිට එය නොපෙනෙනුත් සාමාන්‍ය ලෙස දැනුත් සමහර විට ඔවුන් බියෙන් කුතුහලයෙන් ගැටළුව කින් ඉන්න පුළුවන්. අතිතයේ සමාජයේ ගත කල ජිවිත තත්වය. පවත්වා ගෙන යාමට අවශ්‍ය කායික, මානසික, සමාජිය
තත්ත්වය නොමති වෙන්න පුළුවන් ..

ආර්ථික ගැටළු ඇති වෙන්න පුළුවන්. මේ නිසා ඔවුන්ගේ මානසික තත්වයන් පහත වැටෙන්න ඉඩ තිබේ. ඔවුන් තරුණ
කාලයේ ගත කල රැකියාවේ ගැටළු, ජිවිතයේ නොයකුත් ප්‍රශ්න සිත තුල තනිව දරා ගෙන සිටිම නිසා ද මෙම තත්ත්වයන් තවත් වැඩි වෙන්න පුළුවන්. එනිසා නිතර ඔවුන් ගැන සැලකිලිමත් විම වැදගත්. ඔවුන්ට ඇහුම්කන් දීම, ආදරය කිරීම , මිත්‍රශීලී විම, කාරුණික විම ඉතා වැදගත්.

මෙවැනි තත්ත්වයන් වැඩිදුර යත්ම මානසික ගැටළු ඇතිවිම විශාදය ලෙස හදුන්වනවා එහි ලක්ෂණ නොපෙන්වා එම තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එම නිසා එවනි වැඩිහිටියන් හදුනා ගැනිම ඉතා වැදගත්. මානසික වෛද්‍ය ප්‍රතිකාර මගින්
මේම තත්වයෙන් මුදවා ගන්න පුළුවන්.

එම ලක්ෂණ නම් :-
1)තනිව..හුදකලාව ඉන්න කැමති විම
2)නින්ද නොයාම,තද නින්ද
3).වෙනදා පැවති උද්යෝගය නොමති විම
4).නිතරම දුක්මුසුව සිටිම
5)අවධානය අඩුබව
6). කෑම අරුචිය
7),නිතර තරහ එම
8),දුම්පානය..මත්පැන් පානයට යොමු විම
9),වරදකාරි සිතුවිලි ඇතිවිම..

මේවනි අවස්ථා හදුනා ගෙන ඔවුන් සමග ආදරයෙන් කටයුතු කිරිම වැදගත්ය. ඔවුන් මෙවැනි අවස්ථාවක
තනි නොකර සිටිය යුතුයි. මෙම තත්ත්වයන් වැඩිවුවහොත් සියදිවි නසා ගැනිමේ අදහස් ද සමහර විට
ඇති වෙන්න පුළුවන්. වෛද්‍ය ප්‍රතිකාර සදහා හැකි ඉක්මනින් යොමු කිරිමෙන් ⁣ ගැටළුකාරි තත්ත්වයන්
සමනය කරගත හැකිය.

වසන්තිකා ස්වර්ණමාලි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *