වැඩ ඇරඹුම ගැන සාකච්ඡා හෙට

කොරෝනා වෛරසය හේතුවෙන් නතර වී ඇති කර්මාන්ත ශාලා හා ආයතන නැවත ආරම්භ කිරීම පිළිබද සාකච්ඡාවක් හෙට (19) දින ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.
මේ සදහා සියලු දිස්ත්‍රික් ලේකම්වරු හා සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශයන්හි නිලධාරීන් සහභාගී වන අතර අඩු අවදානම් දිස්ත්‍රික්කවල සේවකයන් 50% එක්වර සේවයට කැඳවීම සහ අධි අවදානම් කලාපවල ආයතනවල සේවකයන් 20% එකවර සේවයට කැඳවීමට සූදානමක් ඇති බැවින් එම තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර තත්ත්වය සමාලෝචනය කිරීම දිස්ත්‍රික් ලේකම්වරුන් මෙසේ කැදවා ඇතැයි සදහන්ය.

හෙට පැවැත්වෙන මෙම සාකච්ඡාවෙන් පසු රාජ්‍ය ආයතන වල ඉදිරි කටයුතු පිළිබඳව චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *