නිරෝධායනයෙන් පලා යද්දී කොටුවෙයි

නිරෝධානයන මධ්‍යස්ථානයකින් පලා යාමට උත්සාහ කළ පුද්ගලයෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පොලීසිය එක්ව අල්ලා නැවත නිරෝධායනයට යොමු කර තිබේ.

අද (අප්‍රේල් 16) දින තාවකාලිකව ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ සෙල්ලකතරගම ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයක ස්වයං නිරෝධායනයට ලක්කර සිටි මෙම පුද්ගලයා රහසේම ඉන් පිටවී පලා යාමට උත්සාහ දරා ඇත. අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු නිරෝධානයන මධ්‍යස්ථානයෙන් පිටවී කතරගම බස් නැවතුම්පොලට පැමිණ ඇති අතර එහිදී නැවත මෙලෙස සෞඛ්‍ය බලධාරීන්ගේ ග්‍රහනයට නතු වී තිබේ.

දැඩි ලෙස අවවාද කිරීමෙන් අනතුරුව මෙම පුද්ගලයා නැවත නි‍රෝධායන මධ්‍යස්ථානයට යොමුකිරීමට මහජන සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *