ලෝක ආර්ථිකය දැවැන්ත අර්බුදයක; IMF අනතුරු අඟවයි

ලෝක ආර්ථිකය මේ වනවිට දැවැන්ත අර්බුදයකට මුහුණ පා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි.

මේ වනවිට ලෝකය පෙර කිසි අවස්ථාවකට සම කළ නොහැකි තරමේ අර්බුදයකට මුහුණ පා සිටින බවත් කොවිඩ්-19 වෛරසය අකුණු සරයක් මෙන් අපගේ සමාජ ආර්ථික ක්‍රියාවලිය කඩාකප්පල් කර ඇත්තේ අපේ ජීවිත කාලය තුළදීම දක්නට නොලැබුණු පරිමාණයකින් බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා පසුගිය බ්‍රහස්පතින්දා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවාය.

මෙහි බලපෑම සංවර්ධනය වූ හා සංවර්ධනය වෙමින් පවතින රටවල් යන දෙකොටසේම ආර්ථිකයන්ට එකසේ අදාල බව පෙන්වා දෙමින් ඇය පැවසුවේ “මෙම අර්බුදයට සීමාවන් නොමැත. සෑම කෙනෙකුම රිදවයි.” “ඇත්ත වශයෙන්ම, මහා අවපාතයෙන් පසු ඇති වූ දරුණුතම ආර්ථික බිඳවැටීම අපි අපේක්ෂා කරමු.” යනුවෙනි.

කෙසේ වුවද මෙම අර්බුදය 2021 වසර තුළදීද යළි පෙර තිබූ තත්ත්වයට ගෙන ඒමට නොහැකි වනු ඇතැයිද විචාරකයෝ පෙන්වා දෙති.

මහා අවපාතය ලෙස හඳුන්වනුයේ 1929-1933 යුගයේ ඇතිවූ දරුණු ආර්ථික අර්බුදයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *