භීතිකාවේ නෞකාවේ සිට කෝටිපතියෝ උදව් ඉල්ලති..

ඔවුහු කෝටිපති සංචාරකයෝය. ඡීවිතයේ උපරිම සතුට විදිමින් මාස ගනන් ගැයුමි වැයුමි රැගුම් වලින් සපිරි සුඛෝපභෝගී නෞකාවක මහ මුහුදේය. පිටස්තර ලෝකයෙන් ඉදුරාම බැහැර මෙකී පන්තිය එකී ඡීවන රටාව වෙනස් කරන්නේ නෞකාව යම් රටක වරායකට සේන්දු වු විට පමණි.

මගීන් 1,243 ක් සහ කාර්ය මණ්ඩලය 586 ක් රැගත් හෝලන්ඩ් ඇමරිකන් ලයින් MS Zaandam නෞකාව මර්තු 7 වන දින ආර්ජන්ටිනාවෙන් පිටත්ව ගිය අතර මාර්තු 21 වන දින චිලියේ සැන් ඇන්ටෝනියෝ වෙත ගොස් දකුණු ඇමරිකාව වටා යාත්‍රා කරමින් ෆ්ලොරිඩාවේ ෆෝර්ට් ලෝඩර්ඩේල් වෙත ගමන් කිරීමට නියමිතව තිබුණි.

එහෙත් නෞකාව පැනමා ඇල හරහා යාත්‍රා කරද්දී නැව තුළ කොරෝනා වෛරස් ආසාදියන් මතුවීමට පටන් ගත්හ. ඉන් 4 දෙනෙක් මිය ගිය පසුව නෞකාව තුල භිතිය රජ කළ අතර එහි සිටි බ්‍රිතාන්‍ය ඡාතිකයන් 200 දෙනාගෙන් මේ වනවිට 130 ක් අධික උණ රෝගයෙන් පෙළෙමින් කොරෝනා වෛරස් ආසාධියන්ගේ පැහැදිලි ලක්ෂණ පෙන්නුම් කරමින් සිටී. මේ වනවිට සියලු සංචාරකයන් සිය කැබින් තුලම අගුලු ලා ඇත. පැනමා වෙරළ තීරයේ නැව නැංගුරමි ලා තිබුනද පැනමාව නැව ප්‍රතික්ෂේප කරමින් සිටිනා බව ආරංචි මාර්ග පවසයි.

නිරෝගී මගීන් වෙනත් නැවකට මාරු කිරීමට අවශ්‍ය බව නාවික සමාගම පැනමා බලධාරින්ට දන්වා සිටි.
නැව සමග ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙන රෝයිටර් පුවත් සේවයට. ඔන්ටාරියෝහි ඔටාවාහි පදිංචි 59 හැවිරිදි ක්‍රිස් ජොයිනර් පවසා තිබුනේ මෙම නෞකාව “බියකරු සිහිනයක්” බවට පත්ව ඇති බවයි.
මාර්තු 13 වන දින සිය උපන්දිනය වෙනුවෙන් යාත්‍රාවේ යෙදී සිටි ඩීක්ස් මහත්මිය පවසන්නේ කාර්ය මණ්ඩල සාමාජිකයින් තම කැබින් එකෙන් තමාව අතහැර දමා ආරක්ෂාව සඳහා පිටත්ව ගොස් ඇති බවයි.

“මම මුළුමනින්ම කැබින් එකේ හිරවෙලා ඉන්නේ, දොරේ සිට ඇඳ දක්වා පිටුපසට පියවර 24 යි,” “ඒ නිසා මම දිනකට පියවර 10,000 ක් පසුපසට හා ඉදිරියට යමි. අපි මරණ ගැන දැනගන්නෙ නැවේ ශබ්ද විකාශන යන්ත්‍රෙයන්.
අතරමංව ගොඩබිමක් සොයා වෙහෙසෙ වෙන නෞකාවකි. ගොඩබිම් දෑස් මානයේය එහෙත් එහි බැසීමට අවසර නැත. එකී නෞකාවේ සිටින්නේ මොනවගේ ඉරණමක් ඇති මිනිසුන්ද ?

මෙවැනිම කොරෝනා වෛරස් ආසාදියන් රැගත් කිසිරටකට වැද්දගත්තේ නැතිව අතරමං වු නෞකාවක් සිය රට තුලට ගත් කියුබාව එහි රෝගීන්ට ප්‍රතිකාර කළේය. ඒ කියුබාවය. එහි සිටින්නේ මානවවාදී පාලකයන්ය මානවවාදී මිනිසුන්ය.

උපාලි ජයසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *