කොරෝනා රෝගීන් 72 යි. – දිස්ත්‍රික් 11ක ව්‍යාප්තියක්

නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 02 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් ගණන 72 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි  පවසයි.

වෛරසය ආසාදනය වී ඇතැයි සැකපිට දැනට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගත කර සිටින පුද්ගලයින් ගණණ 218කි.දිස්ත්‍රික්ක අනුව වාර්තා වු කොරෝනා ආසාදිතයින්

මේවන විට හඳුනාගෙන සිටින සියලුම රෝගින්ගෙන් දෙදෙනෙකු හැර අන් සියලුදෙනාම නිරෝධායන ක්‍රියාවලිය තුළින් හඳුනා ගත් අය විම විශේෂත්වයකි.
වෛරසය ආසාදනය වී ඇතැයි සැකපිට දැනට වෛද්ය අධීක්ෂණය යටතේ රෝහල්ගත කර සිටින පුද්ගලයින් ගණණ 218ක්.

මේවන විට හඳුනාගෙන සිටින සියලුම රෝගින්ගෙන් දෙදෙනෙකු හැර අන් සියලුදෙනාම නිරෝධායන ක්‍රියාවලිය තුළින් හඳුනා ගත් අය විම විශේෂත්වයක්.

වංසගත රෝග විද්‍යා අංශය අද පෙරවරුවේ නිකුත් කළ වාර්තාවලට අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 18 දෙනෙකු තහවුරු කරගෙන ඇති අතර කොළඹින් 17 දෙනෙකු තහවුරු කර ගෙන තිබේ.

පුත්තලම දිස්ත්‍රික්කයෙන් තහවුරු වී ඇති රෝගින් ගණන 12 ක්.

එමෙන්ම කුරුණෑගල , කළුතර යන දිස්ත්රික්කවලින් ආසාදිතයින් 4 දෙනා බැගින්ද රත්නපුර දිස්ත්රික්කයෙන් ආසාදිතයින් තිදෙනෙකුද තහවුරු කර ගෙන තිබෙනවා.

ගාල්ල , කෑගල්ල , මාතර , මඩකලපුව, බදුල්ල යන දිස්ත්‍රික්කවලින් එක් රෝගියා බැගින් වාර්තා විය.

සමස්ත ආසාදිතයින් අතර විදේශිකයින් දෙදෙනෙකුද වන බව එම වාර්තා පෙන්වා දෙයි.

එම දත්තවලට අනුව තහවුරු කර ගත් ආසාදිතයින් අතරින් සියයට 45 ක පිරිසක් අවුරුදු 41 ත් 50 ත් අතර පසු වෙයි.

වෛරසයේ වැඩිම අවදානමක් ඇති වයස් කාණ්ඩය ලෙස සැලකෙන අවුරුදු 70 සිට 90 දක්වා සීමාවේ පසුවන කිසිවෙකුට මෙතෙක් මෙරට තුළ වෛරසය ආසාදනය වි නොතිබීම විශේෂත්වයක්.

තහවුරු කර ගත් ආසාදිතයින් අතරින් සියයට 81 ක් පිරිමි පුද්ගලයින් වන අතර සියයට 19 ක් කාන්තාවන් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *