” Refill සිංහරාජ “කියන්නේ, හුස්ම ගන්නා මිනිසුන්ගේ මහා වැඩපිළිවෙලක් – නිපුන රණවක

ප්‍රශ්නය – එන ඡන්දෙට ඉල්ලන්නද බලාපොරොත්තුව ?

නිපුන රණවක – ඡන්දයට ඉල්ලන්න අදහසක් තිබෙනවා.. ඒක අනගතය විසින් තීරණය වන වැඩක්. ඒත් මට වගකීමක් තියෙනවා .. මා ඉපදුනු මේ පළාතට මට හැකි ප්‍රමාණයට ජීවිතය තිබෙන තුරු සේවය කිරීම.. ඉතිං මම ඒකට කැප වෙලා වැඩ කටයුතු කරනවා.. මැතිවරණයට මා සුදුසු නම් තෝරා පත් කර ගනීවි. එහෙම නැතත් මම මගෙ සේවාවන් කිසිදු ලෙසක අඩුවක් නොකර සිදුකරමින් පවතිනවා.

ප්‍රශ්නය – සම්ප්‍රදායික දෙශපාලන රාමුවෙන් පිට තරුණයෙකු ලෙස මාතර අනාගතය සම්බන්ධයෙන් දකින්නේ කොහොමද ?

නිපුන රණවක – ඇත්ත වශයෙන්ම මේ තමයි ඔබ ඇසිය යුතුම ප්‍රශ්නය . ලංකාවේ දේශපාලනයේ හෝ වෙනත් ඕනෑම තලයක මාතර කියන්නේ රටට මග පෙන්වූ නායකයන් හා රටේ සංස්කෘතියට මහා මෙහෙවරක් කරන ලද පින්වන්ත භූමියක්.. ඒත් පසුගිය වර්ෂ ගණනාවකට අදාළව මේ දිස්ත්‍රික්යේ අපට බොහෝ තැන් මග හැරී ගිය බවක් පේනවා.. මාතර දියුණුව භෞතික වටපිටාවන් වගේම මානව දියුණුව සම්බන්ධයෙන්ද අපට ඒ තරම් දියුණුවක් දැකිය නොහැකි වුනා. ඒ සදහා බලපාපු හේතු ගැන අපි කතා නොකර ඉදිමු. ඒත් කතා නොකරන මාතෘකා සම්බන්ධයෙන් වැඩ පිළිවෙලක් තිබිය යුතුමයි. ඒ වැඩ පිළිවෙල මගේ නායකත්වය යටතේ මේ වන විටත් මම හැකි මට්ටමින් ගොඩ නගමින් පවතිනවා.. මූලික දේ තමයි මානව සම්පත එතැනදී අධ්‍යාපනය, මිනිසුන්ගෙ ජීවන මාර්ග සදහා කටයුතු කිරීම වැනි තැන් මූලිකම අවධානයට ලක් කළ යුතු ස්ථානයන් වෙනවා.. කෙනෙකුට ජීවත් වීමේ නිදහස ඒ කියන්නේ ජීවන මාර්ගයන් සලසා නොදී මොනම ආකාරයේ නන් දෙඩවීම් කළත් වැඩක් නෑ .. මගේ අරමුණ වන්නේ හැම පවුලකටම අදාළ ජීවන මාර්ගයක් සකස් කොට ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත කිරීම සදහා වැඩ පිළිවෙලක් සකස් කිරීමයි ඒ සදහා මම ගම් නියම්ගම් මට්ටමින් මේ වන විටත් කටයුතු සකස් කරමින් ඉන්නවා.. ඒවා ප්‍රසිද්ධ නොවුනත් ගම්වල මිනිසුන් දන්නවා නිපුන රණවක තරුණයෙකු ලෙස මොනවාද කරමින් ඉන්නේ කියල .

ප්‍රශ්නය – ඔබ තරුණයන් සදහා වන වැඩපිළිවෙලක සකස් කරනවා කිව්වා.. අපි දැකල තියෙන්නේ දේශපාලනඥයෙක් වුනාම ක්‍රීඩා සංගම් හා තරුණ සංවිධානවල උපකරණ බෙදා දීම් වැනි කටයුතු කොට ඔවුන් සන්තෝෂ කිරීම සදහා වැඩ කටයුතු කිරීමක් ඔබත් මේ මාර්ගයේම දුවන දේශපානඥයෙක්ද ?

නිපුන රණවක – ඇත්ත වශයෙන්ම අපේ රටේ දේශපාලනඥයා සහ සාමාන්‍ය ජනතාව අතර තියෙන බැදීමේ පදනම මේකෙන් තේරෙනවා.. ඇයි දේශපාලනඥයා දෙන දෙයකින් සුළු සන්තෝෂයක් ලබන්නද ජනතාවගේ බලාපොරොත්තුව. එදා වේල පිරි මහන්න බඩු ටිකක් දීල තාවකාලිකව මිනිස්සු සන්තෝෂ කරන එක අර ඔබ කිව්වා වගේ ක්‍රීඩා සංගම් හරි තරුණ සංගම් හරි වගේ තරුණයන්ට මොනව හරි ක්‍රීඩා භාණ්ඩ ටිකක් හරි බඩු බෙදාදීමක් කරන නත්තල් පප්පෙක්ද දේශපලඥයා.. නෑ … දේශපාලනඥයා සිටිය යුත්තේ බඩු භාණ්ඩ බෙදාදීමට නොවෙයි.. එතැනින් එහාට තරුණයන්ගේ කුසලතාවයන්ට පන දීල ඔවුන් අදාළ ස්ථාන වෙත යොමු කිරීමට හා ඔවුන්ගේ හැකියාවට ශක්තියක් වීමේ මානව වැඩපිළිවෙලක් දේශපාලනඥයා සතු විය යුතුයි.. සම්ප්‍රදායික රාමුවේ හිටියොත් අපිට කවදාවත් දියුණුවක් නෑ .. මේ දියුණු ලෝකය . දියුණු ලෝකයේ තරුණයන් ලොසින්ජවලින් සතුටු කරන දේශපාලනඥයා කරන මෝඩ වැඩක්.. ඒ නිසාම තරුණයෙකු ලෙස මා තරුණයෙකුගේ මානසිකත්වය හා ඔවුන්ගේ අනාගත සැලසුම් හොදින් කියවූ කෙනෙක් ඒ නිසා එකට එකතු වුනාම හෝ එකට එකතු කළාම බොහෝ දේවල් වෙනස් කළ හැකි මිනිසුන් කොටසක් තරුණයන් කියන්නේ .. මේ ඒ සදහා ක්‍රියාත්මක වෙනවා හැර අන්‍ය අරමුණු නෑ… බොහෝ දේවල් අහිමි වේවි සම්ප්‍රදායිකව මං දිහා බැලුවොත් මෙයාගෙන් වැඩක් නෑ කියල හිතාවී.. ඒත් අනාගතය සම්බන්ධයෙන් තරුණයන් මං වෙත විශ්වාසය තබන බව මට ස්ථිරයි.

ප්‍රශ්නය – මොකද්ද මේ re fill සිංහරාජ වැඩ පිළිවෙල .. එහි යටි අරමුණ මොකද්ද කියන එක සම්බන්ධයේන ප්‍රශ්නයක් තිබෙනවා..

නිපුන රණවක – මූලිකවම කිව යුතුයි මගේ දේශපාලනයේ යටි අරමුණු කියල දෙයක් නෑ… නිශ්චිත. වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා නම් ඒ මිනිසාට ජනතාවට සේවයක් නම් ඒක කරනවා .. අපි සිංහරාජය නැවත පිරිවීම කියන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්නේ ලෝක සම්පතක් ආරක්ෂා කරගන්න .. ඒ සම්පත අපිට ලැබුනු දායාදයක් … මාතර දිස්ත්‍රික්කයෙ කොටසක් අයත්වන සිංහරාජ රක්ෂිතය මේ වන විට දැඩි විනාශයකට පත්ව තිබෙනවා.. එයට අයත් භූමීන් මං කොල්ලකෑමට ලක් වෙලා.. ඔබට පේන පිටත පෙනුම නෙවෙයි සිංරාජ අභ්‍යත්තරයේ තිබෙන්නේ ගස් කොළං කපා දාලා එහි ජීවත් වන සතුන්ට අදාළ භූමිවල ජීවත් වෙන්න නොහැකියාව නිසා සිංරාජයට අවේනික දිවියන් අලින් දැන් දැන් ගම් වදින්න පටන් ගෙන මේක අපි දන්න කුඩා කාලයේ සිදු වුනේ නෑ ඒ සිංහරාජයේ වන ඝනත්වය අදාළ පරිදි තිබූ නිසා.. එත්් දැන් ඒ තත්වයන් වෙනස්.. අපි ඕන වුනා තරුණය් විදියට මේ භූමිය නැවත වන ඝනත්වයෙන් පුරවන්න එසේ කළ පසු තමයි අපිට දෙනියාය වැනි තතාසන්න ප්‍රෙද්ශවල දියුණුවක් දැකිය හැක්කේ .. බලන්න මීට අවුරුදු කීපයකට පෙර දෙනියායේ තිබුනේ සීතල කාල ගුණයක් මොන තරම් මට්ටමේ නියගයක් ආවත් දෙනියාය සීතල නගරයක් වුනා.. පුංචි නුවර එළිය කියල කිව්වේ ඒ නිසා … අපිට ඕනේ නැවත මේ තත්වය ගෙන එන්න ඒකට ඇත්තටම දැන් හැදෙන තරුණයන් ක්‍රියාත්මකයි .. මේ ක්‍රියාත්මක තලයේ තරුණයන්ට නායකත්වය අවශ්‍යයි ඒ නායකත්වයයි මම දෙන්නේ.. ඔවුන් ඔවුන්ගේ කටයුතු ඉන් පසු කරගෙන යාවි.. මං හිතනවා ලංකාවෙ වගේම ලෝකයේ හැමෝම මේ වැඩපිළිවෙල එක්ක සම්බන්ධ වෙයි.. විවෘත ආරාධනයක් කරනවා පටු දේශපාලන ආස්ථානයන්හි ඉන්නේ නැතිව විවෘතව මානව දයාවෙන් අපි සමග එකතු වෙන්න කියල මාතර අනාගතයට වැඩපිළිවෙලක් ගොඩ නැගීම එතැනින් ඇරඹිය හැකියි.” Refill සිංහරාජ ” හුස්ම ගන්නා මිනිසුන්ගේ මහා වැඩපිළිවෙලක්.

ප්‍රශ්නය – මේ මොනව කළත් රැකියා විරහිත භාවයන් හා ජීවන මාර්ග නැති වීම දිස්ත්‍රික්කයේ ජනතාව විදින දැඩි පිඩාවක් ඒ සදහා වැඩ පිලිවෙලක් තිබෙනවාද ?

නිපුන රණවක – ඔව් මගේ වැඩ පිළිවෙලේ මූලික කාර්යය තමයි දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න ජනතාක් වෙනුවට දෙන දෙයකින් යමක් අරගෙන ජීවන මාර්ග ගොඩ නගා ගැනීමේ වැඩ පිළිවෙලක් හදාගෙන හැමදාම ලස්සන ජීවන වටපිටාවක් සහිත ජනතාවක් ගොඩ නැගීම .. ඒ සදහා අවශ්‍ය ස්වයං රැකියා හා රැකියා උද්පාදනය මූලික කරගත්තු වැඩ පිළිවෙලක් නිල්වලා පියුම නමින් මා දියත් කොට අවසන්. ඒ සදහා වන ක්‍රියාකාරී සැලසුම් මේ වන විටත් දිස්ත්‍රික්කය පුරාම ක්‍රියාත්මක වෙනවා.. අපේ වැඩ පිළිවෙලවල් සදහා ප්‍රසිද්ධිය අඩුයි නමුත් වැඩ දුවනවා.. මේක තමයි විය යුත්තේ … පොඩි දෙයක් කරල මහා සංදර්ශන පැවැත්වීමට වඩා ඒ මුදල් ඒ ශ්‍රමයත් ජනතාව වෙතම ලබාදීම තමයි මූලික වගකීම විය යුත්තේ දේශපාලනඥයෙකුගේ.. අපි එතැන සිට ක්‍රියාත්මක වෙමු.

ප්‍රශ්නය – ඔබ දේශපාලන පරම්පරාවකට අයත් තරුණ දේශපාලන චරිතයක්. පවුලේ පසුබිම කොහොමද ඔබගේ මේ සේවාවන්ට උපයෝගී කොට ගන්නේ

නිපුන රණවක – ඔව් මා දේශපාලන පරම්පරාවකට අයත් පවුලක සමාජිකයෙක් තමයි. මගේ ආදරණීය අම්මා එවැනි පවුලක සහෝදරියක්.. මේ නිසාම හැදුනු සම්බන්ධතා ජාලාවක් තියෙනවා මේ නිසාම ඕනේ නම් මට නිකන් ඉදගෙන වැඩක් නොකර තනියම දියුනු වෙන්න පුළුවන් බිස්නස් දියුනු කරගෙන තව තව තරුණයන් ලබන දියුණුවන් එකතු කරගෙන තනිව ජීවත් වෙන්න පුළුවන් වට පිටාවක් හදාගන්න පුළුවන් .. ඇයි මම එහෙ කරන්නේ ..? මට අවශ්‍ය මා ඉපදුනු මා හැදී වැඩුනු දෙනියායට, මාතර දිස්ත්‍රික්කයට වැඩක් කරන්න .. මට ඒකට ඒ දේශපාලන සම්බන්ධතාවල උදව් ගන්න පුළුවන් නම් ඒ සියලු උදව් අරගෙන මම මේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවන මාර්ග හදාගැනීමට කටයුතු කරනවා .. මට වඩා මට අවශ්‍ය ජනතාව මං වගේ ඉන්න තැනකට ගේන්න.. ඒක රැස්වලුවල රැදී සිටීමට වඩා ඉහල ස්ථානයන්ගෙන් උදව් අරගෙන ඒවා කුඩා දරුවාගේ පටන් වැඩි හිටියන් දක්වාම ලබාදීම මගේ අරමුණක් .. ඉතිං ඒක අවුරුදු දෙක තුනද පහද දහයක අදාල නෑ මම හැම තප්පරේම වැඩ කරනවා …මට අවශ්‍ය වෙනසක් සහිත හා නවමු අදහස් සහිත දේශපාලන භාවිතාවක් මේ සමාජයට දායාද කරන්න .. ඒ සදහා මට මාතර ජනතාව සහාය වෙයි කියල විශ්වාස කරනවා ..

සාකච්ඡා කලේ – තුසිත පතිරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *