සියලුම උපාධිධාරීන්ට අපි රැකියා දෙනවා – ඇමති ලක්ෂ්මන් යාපා

කිසිදු පක්ෂ භේදයකින් තොරව සරසවි අධ්‍යාපනය අවසන් කොට රැකියා විරහිත උපාධිධාරීන් සදහා රැකියා පනස් දහසක් ලබාදීමේ වැඩපිළිවෙලක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන බව තොරතුරු සන්නිවේදන තාෂණය රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා සදහන් කොට සිටී.
ඊයේ (17) ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සදහන් කළ අතර සුදුසුකම් සලකා බලා ග්‍රාමීය මට්ටමින් දිළිදු භාවය මුල් කරගෙන සුළු සේවකයන් ලෙස රැකියා ලබාදීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරන බවත් එය ලබන වර්ෂයේදී ආරම්භ කිරීමට නියමිත බව ද සදහන් කොට සිටියේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *