ස්විස් තානාපති කාර්යාලයේ රංගනය සම්මාන ලැබේ.

පැහැරගැනීමකට ලක්වූ බවට අසත්‍ය තොරතුරු ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති සේවිකාව දෙසැම්බර් මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කළේය.

ඒ අදාළ සේවිකාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අද සවස අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ය.
රජය කෙරෙහි අපකීර්තියක් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම සහ සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීම යන චෝදනා අනුව ඇයව අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *