කවියට විවේචකයෝ ගොඩයි, අලුත් අත්හදා බැලීම් කරන්නේ ටිකයි. – හිල්මි සුපුන්

කවි පොතක දක්නට නොලැබෙන මාතෘකාවක් කවි පොතකට අරන් තියෙනවා මොකද්ද ඇත්තටම මේ නයිස් කෑවා මතක නැතිලු එකේ තේරුම.?

වර්තමාන දේශපාලනයේ හැරවුම් ලක්ෂය 1977 .එතෙක් තිබුණු දේවල් විනාශ කරගෙන අලුත් දේවල් උපදින්න පටන් ගන්නේ මෙතනින් පස්සේ .මමත් ඒ වෙනස් වීම් දකිමින් හැදුණු වැඩුණු මිනිහෙක්.
වර්තමානයේ තරම් අපි පුංචි කාලේ නානාප්‍රකාර කඩචෝරු තිබුනෙ නෑ. නයිස් අපි කන්න ආස කරපු කඩචෝරුක් .
ඉතින් මේ හැත්තෑ හතෙන් පස්සේ ඇති වෙච්ච් අලුත් දේශපාලන ආර්ථික වෙනස්කම් ඉඟි කරන්න තමයි ඔය නයිස් කෑවා මතක නැතිලු කවිය මං රචනා කරන්නේ. කෙසේ වෙතත් පොතකට නම දාද්දි මෙන්න මේ දේවල් අනුගමනය කරන්න ඕන කියලා, සම්මතයන් තියෙනවා නම් ඒවා කිසිවක් අදාළ කරගන් නැතුව මට ගැළපෙනවා කියලා හිතුන තමයි මං දැම්මේ

 විරෝධාකල්ප ගීත සහ කවි අපි ඕනෑ තරම් මේ සමාජයේ අහල කියවල පුරුදුයි.. ඔබ ක්‍රම විරෝධී සටනක නිරත වූවෙක් විදියට කවි පොතෙහි අන්තර් ගතයත් විරෝධා කල්පමය නිර්මාණ ද අඩංගු ?

පැහැදිලිව මගේ නිර්මාණ එකතුව තුළ සමාජ දේශපාලන සංස්කෘතික අසාධාරණයන්ට එරෙහි විරෝධය ගොනු වෙලා තියෙනවා .

බොහෝ කවි කිවිදියන් තමන් අනුගමනය කරන පටි පාටියට අනුගතව කවි නිර්මාණය කරනවා. එය සාහිත්‍යමය නිර්මාණයක් ගතහොත් අනුෂාංගිකව කවිය තුළ එකී නැඹුරුවක් දක්නට ලැබෙනවා මෙය කොතරම් සාහිත්‍යමය කියවීමට ගෝචර ද ?

නයිස් කෑවා මතක නැතිලු මගේ කවි එකතුව සාහිත්‍යය ගෝචරද , අඩුපාඩුකම් සහිත ද , කොච්චර දුරට සාර්ථක ද , ඒක මට කියන්න බැහැ ඒක කියන්න වෙන්නේ මේ පොත පරිශීලනය කරන පාඨකයන් .හැබැයි මම විශ්වාස කරනවා යම් යම් සාකච්ඡාවන් ගොඩනගා ගත හැකි නිර්මාණ රාශියක් මේ තුළ එකතු වෙලා තියෙනවා කියලා.

 ඔබට සමපාත වන කවීත්වයන් බොහෝ සෙයින් මුණ ගැසෙනවා මුහුණු පොතේ හිතන්නේ නැද්ද කවි දැන් වැඩියි කියල ?

කවි දැන් වැඩියි කියන එකට නම් මං එකඟ වෙන්නේ නැහැ. ලියන්ඩ පුලුවන් හැම කෙනෙක්ම ලියන එක තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම ඒ ලිවීම අර්ථවත් වෙන්නත් ඕන. ඔය කතාව දැන් නිතර ඇහෙනවා. හැබැයි අපි දශක එකහමාරක් විතර පිටිපස්සට ගිහින් බලපුවාම ඔය කතාව ඔය කතාව නෙවෙයි අපිට ඇහුනෙ ඊට වැඩි වෙනස් එකක් , කාව්‍යකරණයේ යෙදෙන පිරිස අඩුයි, කවි කියවන සමාජයක් නැහැ කවි පොතක් කරාට විකුණගන්න බෑ වගේ කතා , හැබැයි දැන් ඒක වෙනස් වෙලා තිබෙනවා කවි ලියන පිරිස වැඩියි කියලා.
අධිපතිත්වය බිඳ වැටෙද්දී ඒවායේ කතන්දර හැදෙනවා, පසුගිය කාලය පුරාවට ගීතයට ඔය විවේචනය බරපතල විදිහට තිබුනා, නමුත් නව මුහුණුවරක් ගීතයට ලබා දෙන්න කියෙන් කීදෙනාද කටයුතු කලේ. කවියට විවේචකයෝ ගොඩයි අලුත් අත්හදා බැලීම් කරන්නේ ටිකයි.
සමාජයට විශාල වශයෙන් කවි ලියන පිරිස වැඩිවෙලා කියලා දකින්න හමුවෙලා තිබෙන්නේ කවියේ විකාශන අවකාශය වෙනස් වෙලා, එකට බලපෑවේ අන්තර් ජාලයේ පහසුකම් පුළුල් වීම , අන්තර්ජාලය හරහා ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක තමන් හිතන දේ ලියපු දේ පල කරන්න පුළුවන්, ඒක විශාල පිරිසකට සන්නිවේදනය වෙනවා. ඉතා ඉක්මනින් එකට ප්‍රතිචාර දක්වනවා. මෙන්න මේ කාරණා ටික ගත්තහම දැන් අපිට හිතෙනවා කවි ලියන පිරිස වැඩිය කියලා .ඉස්සරත් බොහෝ දෙනෙක් කවි ලියන්න ඇති නමුත් ජනගත කිරීමට තිබුන මාධ්‍යන් අඩුයි .කවි ලියන පිරිස විතරක් නෙමෙයි ගීත ලියන පිරිසක් වැඩියි නිව්ස් ලියන පිරිසක් වැඩියි . දැන් හැම කෙනාම පුරවැසි මාධ්‍යවේදින් වෙලානෙ . මේ නිදහස් අවකාශය තුල ප්‍රමිතියක් නැහැ.. වගකීමකුත් නැහැ ..එක බරපතලයි .ඒගැන කල්පනා කරන්න වෙනවා ..

ඔබ මාධ්‍යවේදියෙක් .. නිවුස් එකකින් කරන්න පුළුවන් දේවල් ඇයි මේ කවි අස්සේ රිංගලා කරන්න හදන්නේ

මං හිතන්නේ නිවුස් ඒක ආයුකාලය සතියක් හෝ දෙකයි. ඊට පස්සේ නිවුස් එක අමතක වෙනවා. කවිය නිව්ස් එකට වැඩිය ප්‍රබලයි. කවියක ආයු කාලය තීරණය කරන්න බැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු අපි නිවුස් එකක් ගහනවා තමන්ගේ පියා අතින් දැරියක් අපයෝජනයට ලක් වෙනවා කියලා. ඒක නිවුස් එකක් විදියට ගහපුවාම ඒ අලුත් පිට මතක තියෙනවා ඊට පස්සේ අමතක වෙලා යනවා, හැබැයි මේ කතාව කවියක් විදිහට ගොඩ ගොඩනැඟුවොත් නිවුස් එක වගේ සතියෙන් දෙකෙන් අමතක වෙලා යන්නේ නැහැ. ඒ වගේ තවත් සිද්දියක් නැවත සිදු වුනොත් ඒ සිදුවීම ගැන ලියවුනු කවිය නැවතත් මතක් වෙනවා. එවැනි සිදුවීම් වෙන වාරයක් පසdම පරණ සමාන දේවල් මතක් වෙන්නේ නැහැ. පලියට අතීතයේ තිබුණු එවැනි සිද්ධියක් පිළිබඳව මතක් වීම බොහොම අඩුයි. කෙසේ වෙතත් කවිය සමාජය පෝෂණය කරන්න පුලුහන් ප්‍රබල මාධ්‍යක්. එනිසාමත් මං කවියට කැමතියි .

සමාජ පරිවර්තනයක් කරන්න කලාවේ දායකත්වය මේ වන විට මොන මට්ටමකද තියෙන්නේ

මේ පවතින සමාජ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ කියන එකට තර්ක නැහැ . කලාව සහ කලාකරුවා ඒ සඳහා දායකත්වය දක්වන්නෙ අල්ප වශයෙන් .ඒ සඳහා කලාවේ සහ කලා කරුවාගේ දායකත්වයත් අත්‍යවශ්‍යයි .නමුත් වර්තමාන කලාව සහ කලාවේ ක්‍රියාකාරිත්වය බල පවතින්නේ පවතින ක්‍රමය රැක ගැනීම සඳහා . කලාකරුවාද එසේමයි පවතින ක්‍රමයේ වාසි ලබා ගැනීම සඳහා ඊට අනුගත වී ක්‍රියාත්මක වීමටයි.

 ඔබ හිතනවාද ඒ කලාවෙන් සමාජ පරිවර්තනය කළ හැකියි කියා

කලාවට තනියම සමාජය වෙනස් කරන්න බැහැ සමාජ පරිවර්තනයක් සඳහා වැඩ කරන කණ්ඩායමක් , සංවිධානයක් , ක්‍රියාකාරිත්වයක් අවශ්‍යයි ,අන්න ඒ ක්‍රියාකාරීත්වය තුළ කලාවට තමන්ගෙ වැඩ කොටසක් තියෙනවා .කවියටත් එතුල තමන්ගේම වැඩ කොටසක් තියනවා .

ඉතිං නයිස් කෑවා මතක නැතිලු පොතේ වැඩේ ගැන කියන්න

2019 දෙසැම්බර් මස 19 වෙනිදා මගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය ජනගත වෙනවා, ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී
“නයිස් කෑවා මතක නැතිලු” කාව්‍ය සංග්‍රහය පිළිබඳ ව කතා කරන්නට එදාට පැමිණෙන්නේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ,ප්‍රවීණ කාව්‍ය විචාරකයන් දෙදෙනකු වන දිලිප් කුමාර ලියනගේ සහ අනිල් නිශාන්ත ලොකු ගමරාලයි .
ඉතින් ඔබත් ඇවිත් යන්න එන්න ,ජාතික පුස්තකාල ශ්‍රවණාගාරය ට ,දෙසැම්බර් 19 වැනි බ්‍රහස්පතින්දා සවස 3.30 ට

සංවාද සටහන – තුසිත පතිරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *