මතක තියාගනිල්ලා, බලයේ තරම ! (මරණ දඬුවමයි – ජනාධිපති සමාවයි) – ශාලික විමලසේන

ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු වලදී මරණ ද`ඩුවමට ද මුල් තැනක් ලැබී තිබේ. වැලිකඩ බන්ධනාගාරයේදී ලැයිස්තුවකට අනුව මිනිසුන් මැරූ විට ‘ඔවුන් මැරුවාට කමක් නැතැයි‘ මතයක් හැදුවේය. කවර තත්ත්වයක් යටතේ හෝ සැලසුම් සහගත ඝාතනය අපරාධයක් බව මේ රට තේරුම් ගන්නේ කවදාද ? අනුන්ගේ ගෙවල් වලට තට්ටු කරන්නා තමන්ගේ ගෙදරට තට්ටු නොකර කෙළින්ම දොර බි`ද දැමුවහොත් සිදුවන්නේ කුමක්ද යන්න පිළිබ`දව ඔවුන්ට හිතන්නට අවශ්‍ය නැත්තේ ඇයි ?

ඒ නිසා තවදුරටත් ගෝඨාභය රාජපක්ෂ මෙන්ම සජිත් පේ‍්‍රමදාස ද මරණ ද`ඩුවම වැනි ම්ලේච්ඡු මාතෘකා විකුණමින් සිටී. ඊට ඔල්වරසන් නැගෙමින් තිබේ. ඒ අතරවාරයේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපති සමාව ගැන ද අලූත් වටයකින් කතා කරමින් සිටී. මේ සියල්ල කියන්නේ කුමක්ද ? ජනතාව මත බලය පැටවීමේ තරම ය. ජනාධිපති සමාව මෙන්ම මරණ ද`ඩුවම මගින් ද පැහැදිලි කරන්නේ ජනතාව වහලූන් ලෙස තබාගැනීමේ අවශ්‍යතාවය යි.

ජනාධිපති සමාව කියන්නේ මේ රටේ වැඩියෙන්ම අවභාවිත වන බලයකි. ආණ්ඩුව සහ එහි රැුකවලූන් විසින් නීතියේ ආධිපත්යටය අවභාවිත කරන ආකාරය හොඳින්ම පෙන්වන දර්ශකයකි, මේ කියන ජනාධිපති සමාව. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ළමා අපචාරයකට වැරදිකරු වූ ගෝනවල සුනිල්ට ජනාධිපති සමාව දුන්නේය. එයිනුත් නොනැවතී මුළු දිවයිනටම සාම විනිසුරු කළේය. උදාහරණ රැුසක් මැද්දේ රණසිංහ ප්රේඩමදාස සහ චන්ද්රිතකා බණ්ඩාරනායක පසුකරගෙන පැමිණ, මහින්ද රාජපක්ෂ යළිත් මේ ජනාධිපති සමාවට අලූත් අර්ථකතනයක් දුන්නේය. මිනීමැරුම් චෝදනාවකට වරදකරු වූ සබරගමුව දේවාලයේ බස්නායක නිලමේ ඇතුළු පිරිසක් මහින්ද රාජපක්ෂගෙන් නිදහස ලැබීය.

මේ මෛත්රි පාල සිරිසේන යුගයයි. මහ පොළොවෙන් මතු වූ බව කියන ඔහුත්, අනෙක් සියලූ ජනාධිපතිවරුනුත්, ඉදිරියේදී එන්නට හදන මහත්තුරුත් රටක් පාලනය කරන්නට කොතරම් නුසුදුසු ද යන්න මේවා ගැන කියන කතා වලින්ම තේරුම් ගත හැකිය.

නිදහස් දවසට, වෙසක් දවසට සිරකරුවන්ට ජනාධිපති සමාව ලැබේ. ඒ සිය ගණනකටය. එහෙත් ඊට එරෙහිව සමාජයෙන් විවේචනයක් එල්ලවන්නේ නැත. ඒ ඔවුන් එළියට ඒමෙන් සමාජයට විපත්තියක් නොවන බවට එළියේ සමාජය විශ්වාස කරන නිසා ය. මේ පිරිස තෝරන්නේ සුළු වරදවල්, ඇප මුදල් ගෙවා ගැනීමට නොහැකි වීම් වැනි කරුණු අනුවය.

සරලව කිවහොත් අපරාධකරුවන්ට ජනාධිපති සමාව දෙන්නට නොහැකිය.
එහෙත් මෛත්රි පාල සිරිසේන විසින් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට ජනාධිපති සමාව ලබා දුන්නේය. ඊට අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරාලගේ අනුමැතියද ලැබිණි. එම නිසා මෙය ජනාධිපතිගේ පිටින් දමා අත පිසදාගන්නට එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් නැත. ඔවුන් මීට විරුද්ධ නම්, මෙවැනි දෙයක් සිදු වන්නට යන බව රටට කිව යුතුව තිබිණි. එහෙත් එවැන්නක් සිදු නොකෙරිණි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී සිරගතව සිටි ඥානසාර භික්ෂුවට සමාව දුන්නේය. දැන් ඕනෑම කෙනකුට අධිකරණයට ඕනෑම දෙයක් කළ හැකි යැයි යන සංඥාව ජනාධිපතිවරයා ලබාදුන්නේ එසේ ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ මන්නාරම මහේස්ත්රාරත් අධිකරණයට ගල් ගැසූ රිෂාඞ් බදියුදීන් හිටපු ඇමැතිවරයාට එරෙහිවද නීතිය ක්රිේයාත්මක වූයේ නැත. එම නිසා මේ ගැන අරයාට-මෙයාට චෝදනා කළ නොහැක.

වරකාපොළ ප්රා.දේශීය සභාවේ හිටපු සභාපතිවරයාට ජනාධිපති සමාව ලැබිණි. ඔහුට එල්ල වී තිබුණේ අල්ලස් චෝදනාවකි. ඊට වරදකරු වූ ඔහුට වසර 18 ක සිර දඬුවම් නියම වී තිබිණි. ඊට එරෙහිව චූදිත විසින් අභියාචනාධිකරණයේ ගොනු කළ නඩුවෙන්ද පැරදිණි. ඒ කියන්නේ එයින්ද දඬුවම අනුමත විය.

වරකාපොළ ප්රාදේශයේ මාර්ග තුනක් ඉදිකිරීමට අදාළ කොන්ත්රාකත් ලබාදීම සඳහා කොන්ත්රාචත්කරුවකුගෙන් රුපියල් 25,000 ක අල්ලසක් ඉල්ලා, එය ලබාගැනීම ඔහුට එරෙහි චෝදනාව විය.බැලූ බැල්මට නම් ජනාධිපති සමාව දෙන්නට ඕනෑ වරදකි. රුපියල් ලක්ෂ සියයේ සිට ඉහළට අල්ලස් ගන්නා ඇමැතිවරුන්, රුපියල් ලක්ෂ දහයේ සිට ඉහළට අල්ලස් ගන්නා ඔවුන්ගේ නිලධාරීන් සිටින විට රුපියල් 25,000 කට මේ වගේ දඬුවමක්?

අලූතින්ම මතු වී ඇති සිද්ධිය වන්නේ රෝයල් පාක් මිනීමැරුමේ විත්තිකරුට ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් සලකා බලන බවට ජනාධිපතිවරයා කර ඇති ප්ර කාශයයි. ඔහු එය කිව්වේ ප්රිසිද්ධියේ ය. එහි අනෙක් පැත්තේ ඇති අරුත වන්නේ මතක තියාගනිල්ලා, මගේ බලයේ තරම යන්නයි.

පසුගිය 20 දා කොළඹදී පැවැති ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා පවසා තිබුණේ ඉවසීමේ අගය ගැනයි. ඉවසීඹ නැති වූ නිසා අදාළ විත්තිකරු මේ ඝාතනය කර ඇති බවත්, ඔහු බන්ධනාගාරයේදී යහපත් කල් ක්රිතයාවෙන් සිටි නිසා ජනාධිපති සමාවක් ලබාදීඹ සම්බන්ධයෙන් සලකා බලන බවත් ය. ඒ වෙනුවෙන් ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති බවක් ද කියවිණි.

රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී 2005 වසරේදී ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජූඞ් ශ්රසමන්ත ඇන්තනීට කොළඹ මහාධිකරණයෙන් වසර 12 ක සිර දඬුවම් නියම කෙරිණි. ඊට එරෙහිව විත්ති පාර්ශ්වයෙන් අභියාචනා කරන ලද අතර, අභියාචනාධිකරණය එය මරණ දඬුවමක් දක්වා වැඩි කළේය. මේ මරණ දඬුවමට එරෙහිව යළිත් විත්ති පාර්ශ්වය ශ්රේයෂ්ඨාධිකරණයට ගියේය. ශ්රේයෂ්ඨාධිකරණය මගින් අභියාචනාධිකරණ තීන්දුව තහවුරු කළේ අභියාචනාධිකරණයට ද මරණ දඬුවම ලබාදිය හැකිය යනුවෙන් විශේෂ තීන්දුවක් ද ලබා දෙමින් ය. කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එම මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට ලිහිල් කෙරිණි. දැන් යළිත් මෛත්රිපපාල සිරිසේන කතා කරන්නේ ඔහුට පූර්ණ සමාවක් ලබාදීම සම්බන්ධයෙනි.

ජනාධිපතිවරයාට මෙවැනි තීන්දුවක් ගැනීමට බලය පවරා ඇත. එහෙත් අපේ ව්ය වස්ථාවේ ඇති දෝෂයක් නම්, එය කුමන තත්ත්වයක් යටතේ කළ යුතුද යන්න හෝ එසේ ජනාධිපති සමාව ලබාදෙන නිර්ණායක මොනවාද යන්න පිළිබඳ කිසිදු සඳහනක් එහි නැත. එහෙත් එක් කරුණක් වැදගත් වේ. මේ රටේ ක්රි යාත්මක වන්නේ ප්ර ජාතන්ත්ර වාදී ආණ්ඩුක්රකම ව්ය්වස්ථාවකි. ඒ කියන්නේ කිසිවකුට හිතූ-මනාපයේ ඒකාධිපති තීන්දු ගත නොහැකිය.මේ ව්යතවස්ථාව සුරක්ෂිත කරන බව දිවුරමින් බලයට පත් කිසිවකුට එය කළ නොහැකිය.

ව්යිවස්ථාවේ සියලූ කරුණු එකින් එක අර්ථකතනය කළ නොහැකි බවද සත්යවයකි. එය නීතිමය සහ සදාචාරමය පසුබිම් වලින්ද බැඳී පවතී. උදාහරණයක් ලෙස මේ සමාව ලබන පුද්ගලයා රටේ අනාගත පැවැත්මට සෘජු දායකත්වයක් ලබා දිය හැකි, ඔහුට සමාව දෙන ලෙස රටෙන් බරපතළ ලෙස ඉල්ලීමක් සහිත, යම් වරදක් කළද, ඊට වඩා සමාජ යහපත කළ හැකි අයෙකු සැලකිය හැකිය. එවැනි ඉල්ලීමක් සලකා බැලීමට ජනාධිපතිවරයා බැඳී සිටී. මේ සියල්ල සිදු වන්නේ ඒ ආකාරයට ද ?

මරණ දඬුවම මෙන්ම ජනාධිපති සමාව කියන්නේත් ඔබ සහ මම මත බලය යොදවන ආයුධයක් බව තහවුරු කර අවසන් ය. එහෙත් තවදුරටත් ඔවුන්ගේ ඒ ක්රිලයාවලියට ඔල්වරසන් නැගෙමින් තිබේ. ‘එහෙම කරන්නෙ කොහොමද‘ යනුවෙන් ප්ර්ශ්න කරන්නේ කවදාද ?

ශාලික විමලසේන
(ලංකා ඉරිදා සංග්‍රහය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *