මාධ්‍ය පරිපූර්ණ වහල් භාවය ප්‍රදර්ශනය කරමින් ඉන්නවා – මහින්ද දේශප්‍රිය

මේ මාධ්‍ය උපමාන කොයි කාලෙ ද එන්න පටන් ගත්තේ ? මාධ්‍ය උපමාන අවශ්‍ය ඇයි ?

මේ උපමාන ඇතිවන්නේ අපේ රටේ හැම ඡන්දයක දී ම සම භූමියේ සටන කියන කරුණු හරහා තමයි. 1931 වර්ෂයේ ඉදලා ඡන්ද නීති ආවේ.
ජනතවාගේ අදහස ජනමතය හැඩ ගැස්වීමට ගන්නා කියාමාර්ග කොහෙන්ද යන්නේ, මුල් කාලයේ මේක වුණේ රැස්වීම් තියලා ගෙයින් ගෙට ගිහින් කොළ බෙදලා කැන්වසින් කරලා. ඒ නිසා හැම ඡන්ද පොළකටම තියෙනවා පෝස්ටර් ගහන්න පුළුවන් රැස්වීම් භූමියේ විතරයි. ගෙයින් ගෙට යන්න බැහැ. ඒ වගේ කරුණු තමයි තිබුණේ. ටික කාලයක් යනකොට මේ රැස්වීම් පුව්තප්තවලි්න ප්චා‍රරය කරන්න පටන්ගත්තා. තියෙන රැස්වීම් ගැන විස්තර පුවත්පත්වල යනවා. ජනාතව අතරේ කවි කොලවලින්, කටකතාවලින් ගියපු ඡන්ද ප්‍රචාරය පුවත්පත්වලට ගියා. පස්සේ රේඩියෝවට ගියා. මේක නිසා තමයි මාධ්‍ය පාලනය කියන වචනය ආවේ.
පුද්ගලික අදහස මාධ්‍ය පාලනය කරනවා කියන්නේ ප්‍රකාශනයේ නිදහසයි කියලා තමිය ආවේ. අනිත් පැත්තෙන් බැලුවම ඡන්දය කියන්නේ මොකක් ද ? ඒක තමයි අදහස් ප්‍රකාශ කිරීම. ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හරහා තිබෙන ජනතාවගේ පාලකයන් තේාරාගැනීමේ අයිතියට බාධා වෙනවනම් මේකෙන් කොයි එක ද අපි පාලනය කරන්න අව්‍ය වෙන්නේ. ජනතාවගේ කැමැත්තෙන් ජනතාවගේ පාලකයා තෝරාගන්න ජන මනස වෙනස් කිරීමට ඔපීනියන් මේකර් කියන එකට වඩා මාධ්‍ය හිමිකරුව්නගෙන් පාලනය වෙනවානම් මාධ්‍ය ලියන අයගෙන් පුවත්පත් කියවන අයගෙන් පාලනය වෙනවානම් ඒක ද මාධ්‍ය උපමාන වෙන්නේ. අද බලනවිට එක තැනක දී වුණා මාධ්‍යයෙන් ඇතිකරපු මතය කොච්චර ද කියනවනම් අපි නාම යෝජනා දිහා බැලුවම සමාජ මාධ්‍යවල සාකච්ඡා වෙනවා මේ කොහොම ද සිංහල බෞධ්ධ නොවන අයගේ නාම යෝජනා භාර ගත්තේ මැතිවරණ කොමසාරිස් ඌට පිස්සුද ? කවුද මේක වෙනස් කළේ ? වගේ වැරදි අදහස්. මේවා ජනතාවට දීලා තියෙනවා. ජනතාවගේ ඔලුවට කාවද්දලා තියෙනවා මේකට ඉල්ලන්න පුළුවන් සිංහල බෞධ්ධ අයට විතරයි කියලා. මේ වැරදි අදහස් කාවද්දලා. මේක සමාජ මාධ්‍ය එක්ක මාධ්‍ය පාලනය කරනවා කියන එක මිත්‍යාවක්. ලේාකයේ කොහේවත් රටක ජනමාධ්‍ය පාලනය කරලා නෑ. මාධ්‍ය පාලනය කරන්න පුළුව්න යකඩ සපත්තුවෙන් තුවක්කු තියෙන අයට.
හැබැයි මාධ්‍යවල එකඟතාව අරගෙන සදාචාරවත් මාධ්‍යයක් හදන්න පුළුවන්. අපි මේ මාධ්‍ය උපමාන කාගෙවත් බෙල්ලෙ එල්ලපු කඩුවක් නෙවෙයි. හැබැයි ඒ ගිලටීනයට මාධ්‍ය අහුවෙලා තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම. මාධ්‍ය උපමාන අවශ්‍ය වුණේ ඇයි කියන එකට හේතුව ජනතාව අපේ රටේ තමන් ඇසූ දේ දකින දේ කියවන දේ විශ්වාස කරනවා.

අපි ඉගෙන ගන්නේ අත්දැකීම් වචනවලින් නොවන නිසා. මිනිසා ශිෂ්ඨ වුණාට ස්සේ සත්ත්වයෙක් හැටියට ඉදිද්දී වළක වැටිලා ඉගෙන ගත්තා. ලේඛනය බිහිවුණාට පස්සේ මෙන්න මෙතැන වතුර තියෙනවා මතක තබාගන්න. නපුරු සත්තු ඉන්නේ මෙතැන. හැල මෙතැන. වගුර තියෙන්නේ මෙතැන කියලා වානරයා ඇවිදින මිනිහා වෙද්දී බිත්තිවල ඇදලා තිබුණු දේවල් ලියලා තිබෙනවා. ඒ ලේඛනවල තියෙන දේ ජානවල තියෙන දේ සමග නිවැරදියි. බිත්තිවල ඇඳල තිබුණු දේ ගුරුවරු කියන දේ නිවැරදියි කියල හිතන අය දැනගත්ත දේ, දකින දේ, ඇහෙන දේ, කියවන දේ විශ්වාස කරනවා. ඒ නිසා තමයි අපි හැමදාම කියන්නේ මාධ්‍ය උපමානවලට අනුගතව ක්‍රියාකරන්න කියලා. මේ එකක්වත් අපි කිසිම වෙලාවක කියන්නේ නෑ මාධ්‍ය පාලනය කරන්න අවශ්‍යයි කියලා. නමුත් උපමානවල තියනවා මේක ප්‍රායෝගික ද නැද්ද කියලා. ඔ්නෑම කෙනෙකුට කියන්න පුළුවන් අපිට එක විදියට සළකන්නේ නෑනැහැ කියලා. ඡන්ද කොලයකනම් අපි සමාන ප්‍රමාණයේ කොටු හැමෝටම දෙනවා.

කරුණාකරලා සියලු උපේකෂකයන්ට එක සමානව සළකන්න කියන දේ අපිට කියන්න පුළුවන් වෙන්නේ එක ප්‍රමාණයකට විතරයි. ඒ අය අඩුවෙන් ඡන්ද ගන්න අය කියලා ඡන්ද ගන්න ප්‍රමාණය අනුව නෙවෙයි සැළකිය යුතු වෙන්නේ. ඇතැම් අය පෙනී සිටින්නේ පැහැදිලිව වෙනත් අපේක්ෂකයන් වෙනුවෙන් කියා කියනවා. මා දන්නවා එක්තරා දේශපාලනඥයෙක් තමන්ගේ පක්ෂයෙන් ඉදිරිපත් වෙනවා. නමුත් ඔහු ඇවිත් කතාකරන්නේ වෙත් අපේක්ෂකයෙක් වෙනුවෙන්. තව කෙනෙකුට බනිනවා. තව කෙකනෙකුට ඡන්දය දෙන්න කියනාව. එවැනි අය නැති වුණත් මේ රේස්එක දුවන අය ඉන්නවා. ඒ අයටත් ඉඩක් අවශ්‍යයි. ඒ අය අද අහන්නේ පුංචි අපිට නැද්ද ඉඩක් කියලා. මේ අපේක්ෂකයන්ට මම කියූ ඇතැම් කරුණු මෙතැන ප්‍රසිද්ධියේ කියන්න බැහැ.

අපි සාමාන්‍යයෙන් කියන්නේ මස් කෑවත් කරේ එල්ලගෙන කන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ. ගමේ තියෙන ඒ කතාවත් මතක තියාගන්න.
1977 – 82 කාලේ ඡන්දය තියනකෙට එක්තරා සිසිල් බීම වර්ගයක ඇඩ් මාද්‍යවල දාන්න දෙන්නේ නෑ. අලියා බීම ඇඩ් එක. අද අපි කොතන ද ඉන්නේ. ප්‍රවෘත්ති මැද්දේ ඇඩ් දානවා. ප්‍රවෘත්ති මැද්දේ පක්ෂ විස්තර කියනවා. සම්පූර්ණ ප්‍රවෘත්ති විකාශ කාලය විනාඩි 30යි. එක පක්ෂයකට විනාඩි 21ක් වෙන් කරනවා.

මම රාජ්‍ය මාද්‍යවලටනම් කිව්වා කඩුව මැදලා අතට දෙනවා කියලා. අපි මාද්‍ය උපමානවලට සම්බන්ධ විධානයක් ගැසට් කරනවා. ඒ උපමානවලට අනුව ක්‍රියා නොකරන රාජ්‍ය මාධ්‍යවල සියලුම පාලකයන් සහ වගකිවයුතු නිලධාරීන් මැතිවරණ කොමිසමේ විධාන අනුව කඩකරන සේ සළකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ ඔවුන්ට දඬුවම් ලබාදීමට ක්‍රියාකරන බව මෙයින් විධානකරනු ලැබේ කියලා ගැසට්එක නිකුත් කරනවා.

එතකොට රාජ්‍ය මාධ්‍ය අහනවා ඇයි අපිට විතරක් කෙනෙහිලි කියලා. අපි කෙනෙහිලි කරන්නේ නැහැ. අපිට අල්ලගන්න පුළුවන් කෙනා අපි අල්ල ගන්නවා. අපි සීසන් දෙන්නේ ඉස්කෝලේ ළමයින්ට සීටීබී බස්වලින්නේ. ප්‍රයිවට් බස්වලින් නෙවෙයිනේ. මේ පුද්ගලික මාධ්‍ය ප්‍රයිවට් බස්එක වගේ. ඒ අයගේ සල්ලි. නමුත් ආරම්භයේ දී පාර හැදුවේ අපි අපි අපේ පාරේ යන්නේතරංග මාලා අපේ ඒවා අපි එතුමන්ලාට දීලා තියෙනවා. ලොකු ටැක්ස් එකක් ගහනවා. නමුත් ඒ නිකන් දීලා තියෙන්නේ. පාර හදලා පාරේ යනවාට බදු ගහන්නේ නැහැ ඒ නිසා ඒවත් මේකට අනුගත වෙන්න ඔ්න. මගෙන් අහනවා නොකළොත් මෙකක් ද කරන්නේ. ජයටීවී එකටත් ජය ලලීතාටත් කිව්ාව වාගේ සූරියන් ටීවී එක කරුණා නිධිට අයිති වගේ මෙම මාධ්‍ය ආයතන මේ මේ අපේක්ෂකයා වෙනුවේන ක්‍රියා කරනවා.
මෙම ඡන්ද විමසීමේ දී මෙම අපේකෂකයා වෙනුවෙන් ක්‍රියාකරන බව මැතිවරණ කොමිසම මෙයින් විධානය කර සිටිනු ලැබේ කියා ගැසට් දාලා පබ්ලිෂ් කරනවා අපි මේක කරනවා. උපමාන අනුව ක්‍රියාකළේ නැත්නම් කියලා මගෙන් ඇහුවා. ඒක කරන්න බැහැ. ඒක වැඩක් නෑ. අපි එහෙම නෙවෙයි. සාකච්ඡාවෙන් සම්මුතියෙන් මේ ප්‍රශ්නය විසඳගනිමු . මම කිව්වේ මේ මාධ්‍ය උපමාන මේ කරුණු කිව්වම විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන්ගේ සංසදයේ සභාපතිවරයා එකඟවෙනවා. අපිත් ස්තූති කරනවා. දවස් තුනක් විතර හරියට කරලා දැන් ආපහු අර ටිකම කරනවා. මට මේ වෙලාවේ චූලානන්ද සමරනායකගේ කවියක් මතක් වෙනවා.
මේ ප්‍රශ්නය මාධ්‍ය හිමි මහත්වරු අතර විතරක් නෙවෙයි මාධ්‍යවේදීන් අතරත් තියෙනවා.

ඔවුන් කිසිත් නොදනිති
කිසිවක් නොඇසේ 
ඔවුන් කිසිවක් නොකියති
ඒත් ඔවුහු දෙන අණ පරිදි ගමන් කරමින් සිටිති. 
ඔවුන්ගේ මුහුණේ මද සිනහවක් තිබේ. 
ඒ පරිපූර්ණ වහල්භාවය ප්‍රදර්ශනය කරමින්. 
යටත්වෙලයි යන්නේ. හැබැයි සිනහ වෙවී යනවා. ඇයි ඒ යන්නේ. ඒ ගෝල්ල‌ලෝ හැමෝටම සිද්ධ වෙලා තියෙනවා. 

කවුරුවත් හිතන්නේ නැහැ අපි මේක කිරීමෙන් ජනතාවගේ ඡන්ද බලයට කොච්චර බලපෑමක් කරනව ද කියලා. අපි මේ වෙනස් කරන්න හදන්නේ මහජනතාවට තියෙන අයිතිය මේ. තමන් දරන අයිතිය ඔ්නෑ එකක් කරන්න. කරුණා කරලා මේ මාධ්‍ය අයිති කරුවන් අපිට පොඩි හරි ඉඩක් දෙන්න. ජනතාවගේ අයිතිය සුරක්ෂිත කරන්න.

– සටහන –
මැතිවරණය සඳහා මාධ්‍ය උපමාන ප්‍රමාණවත් ද ? ප්‍රායෝගික ද ? නමැති සංවාදයේ දී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දැක්වූ අදහස්. –

සංවිධානය ජාත්‍යන්තර මාධ්‍ය සහ‌ොය්ගීතාව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *