වෙල්ගමට ශ්‍රී.ල.නි.පය රැකගත හැකිද?

2015 මහ මැතිවරණයෙන් පස්සේ විපක්ෂ නායකකමට මහින්ද රාජපක්ෂ යෝජනා කළේ කුමාර වෙල්ගමව.

එක පැත්තකින් ආණ්ඩුවේ පාර්ශවයක්ව ඉන්න ගමන්ම සන්ධානයේ මන්ත්‍රීවරු 55 දෙනෙක් කතානායකවරයාට ලියුමක් අත්සන් කර ඉල්ලා සිටියේත් වෙල්ගම විපක්ෂ නායක කරන්න කියලයි.

ජාතික ආණ්ඩුව වේශයෙන් පෙනී සිටින හවුල් ආණ්ඩුවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සැලකිය යුතු පිරිසක් ඇමතිකම් ගන්න රිංගුවත් වෙල්ගම එතැනට ගියේ නෑ.

යූ.එන්.පී එකේ 69 වැනි වාර්ෂික සමුළුවේ ප්‍රධාන අමුත්තා විදියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යද්දිත් වෙල්ගම හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන්. මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්පත් කරගන්න හදද්දී මධ්‍යම කාරක සභාව ඇතුලෙත් තමන්ගේ මතය කෙලින් ප්‍රකාශ කරපු වෙල්ගම ඔක්තෝම්බර් ව්‍යවස්ථා කුමන්ත්‍රණය අතරේ සිදුවෙච්ච මිරිස්කුඩු ප්‍රහාර හෙළා දකින්නත් පසුබට වුනේ නෑ.

කවර සීමාසහිතකම් තිබුණත් වෙල්ගමගේ විශේෂත්වය වුණේ තමන් විශ්වාස කරන දේශපාලනය වෙනුවෙන් පෙනී සිටීම.

දේශපාලන පක්ෂයක ජ්‍යෙෂ්ඨත්වය අනුව ඒකාබද්ධ විපක්ෂය කියන පොදු සමූහයේ අංක එකට හිටියේ වාසුදේව නානායක්කාර. අංක 2 දිනේෂ් ගුණවර්ධන. තුන හතර වගේ තැන්වලට වෙල්ගම එන්න තිබුණේ.

ඒත් සමස්තයක් වශයෙන් රාජපක්ෂවාදීන් බලය අල්ලගෙන ඉන්න මේ කඳවුරේ විකල්ප නායකයන්ට කවදාවත් ඉඩක් නැහැ. ඉහළට එන්නත් අමාරුයි.

“මහින්ද රාජපක්ෂ පොල් ලෙල්ලකට ඡන්දය දෙන්න කිව්වත් මිනිස්සු ඡන්දය දෙනවා” කියන පිරිස ඒ පොල් ලෙල්ල වාසුදේව, දිනේෂ් හෝ වෙල්ගම වෙන්න ඕන කියලා කියන්නේ නැහැ. වෙල්ගම වෙන වචන පාවිච්චි කරමින් ප්‍රශ්න කරන්නෙත් පක්ෂ දේශපාලනයට මොකද්ද වුණේ කියන එකමයි.

බිගුන් මේනක ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *