ඡන්ද කලබල මැද ජනපති මෛත්‍රී ජපානයට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා අද (20) රාත්‍රියේ ජපානය බලා පිටත් වීමට නියමිතය.
ඒ, ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වීම සඳහාය.
ජනාධිපතිවරයා සමඟ 21 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙම ජපන් සංචාරය සඳහා සහභාගී වී තිබේ.
මෙම තෙදින නිල සංචාරය බොහෝදුරට ජනාධිපතිවරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවසන් නිල සංචාරය වනු ඇති.