ඇල්පිටිය ජන්ද විමසීම ඇරඹේ සාමකාමියි
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයින් 28 දෙනෙකු තෝරා පත්කර ගැනීම සදහා වන ජන්ද විමසීම අද පෙරවරුවේ ආරම්භ කෙරිණි.
සාමකාමි මෙන්ම ඇතැම් ජන්ද මධ්‍යස්ථාන වල දැඩි උනන්දුවකින් ජන්දය ප්‍රකාශ කිරීම සදහා ජනතාව පෝලිමේ සිටින බව අප වාර්තාකරුවන් කියයි.
ජන්දය ප්‍රකාශ කිරීම සදහා සුදුසුකම් ලබා ඇති ජන්ද දායකයින් ප්‍රමාණය 53384 කි. කොට්ඨාස ක්‍රමයට සභිකයින් 11කුත් සමානුපාතික නියෝජනය යටතේ සභිකයින් 17කුත් තෝරා පත්කර ගැනේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ යේ විශේෂත්වය වන්නේ පුර්ව ප්රචාරක කටයුතු අවසන් කර තිබුනත් මැතිවරණ ප්රචාරක කටයුතු සිදුවෙද්දී ජන්දය පැවැත්වීමට සිදු වීමයි.
ඊට හේතුව මේ කාලසීමාව ජනාධිපතිවරණ පුර්ව ප්රචාරක කටයුතු සිදුවන අවධියක් වීමයි.