ගෑනු 4000 හේ වඳ කතාව, පොහොට්ටුවේ නිර්මාණයක් බව ගෝඨා ගේ නීතිඥ අලි සබ්‍රි පිළිගනී..!

සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳභාවයට පත් කරන ලදැයි චෝදනා කරමින් රට තුළ මහත් ආන්දෝලනයක් මතුකළ කුරුණෑගල නාටකය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාණයක් බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන නීති උපදේශක මොහොමඩ් අලි සබ්‍රි විසින් ප්‍රකාශිතවම පිළිගෙන තිබේ.

මොහොමඩ් සබ්‍රි අලි මහත පසුගියදා ගෝඨාභය රාජපක්ෂට විරුද්දව ගෙන ආ අභියාචනය සදහා ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අභියාචනාධිකරණයේ පෙනී සිටි නීතිඥයන්ගෙන් කෙනෙක් වීමද විශේෂත්වයකී.

නීතිඥ අලි සබ්‍රි සමාජ ජලාවක තැබු සටහනක් පිළිබඳව “අනෙකුත් පක්ෂ සමඟ සන්සන්දනය කිරීමේදී පොහොට්ටුව අන්තවාදීන්ගෙන් පිරිලා, ඔවුන් තමයි සාෆි නාටකයත් නිර්මාණය කළේ”

යනුවෙන් ලැබී තිබුණු ප්‍රතිචාරයකට පිළිතුරු දෙමින් අලි සබ්‍රි ඉතා පැහැදිලිව සඳහන් කර ඇත්තේ

“ඔව්, මම පිළිගන්නවා”. ඒකට තමයි අභ්‍යන්තර සංවාදයක් ඕනේ, ඒක දැනටත් සිදුවෙමින් තියෙනවා. නිරාගමික සාමාජිකයින් ඉවත්වීම මීට විසඳුමක් නෙවෙයි” යනුවෙන් මොහොමඩ් අලි සබ්‍රි නීතිඥ වරයා පිළිතුරු ලබා දෙමින් ඒ බව පැහැදිලිව පිළිගෙන තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේම රතන හිමි ළඟ වැඳවැටී එහිමිගේ උග්‍ර මුස්ලිම් විරෝධී ප්‍රතිපත්ති පිළිගැනීම නිසා රෙදි ගලවා ගෙන සිටින නීතිඥ අලි සබ්‍රි එය සාධාරණීකරණය කරගැනීම සඳහා දැරූ අසාර්ථක උත්සාහයක් තුළදී මෙසේ සාෆිගේ ක්‍රියාව පොහොට්ටු ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සිංහල ජන්ද ලබා ගැනීමේ අරමුණ ඇතිව සිදු කල දෙයක් බව තහවුරු වී වන බව පෙනේ.

වෛද්‍ය සාෆි සම්බන්ධ සම්පූර්ණ සිදුවීම් මාලාවම සිදුකෙරුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයවීම සහ අධ්‍යක්ෂණය මත ඊට සම්බන්ධ සහ හිතවත් පුද්ගලයින්ගේ මැදිහත් වීමෙන් බවත් ඒ හරහා රට තුළ ජාතිවාදී කෝලාහලයක් ඇති කර දේශපාලන වාසි ලබාගැනීම ඔවුන්ගේ අරමුණ වූ බවත් අප හෙළිදරව් කලේය.

අවසානයේදී පොහොට්ටු ජනාධිපති අපේක්ෂක නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ප්‍රධාන නීති උපදේශකයා මෙන්ම සමීප හිතවතෙකු ද වන ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතාම එය පිළිගෙන තිබිම විශේෂත්වයකී.

මොහොමඩ් අලි සාබ්‍රී ගේ මෙම ප්‍රකාශය සමග පසුගිය අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නන්දසේන ගෝඨාභය බවට කිසිදු සැකයක් නැති බව තහවුරු වේ.

එයට ඕනෑ තරම් සාක්ෂි ඇත. පසුගියදා නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ගේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රසිද්දියේ රූපවාහිනි නාලිකාවක වැඩ සටහනකට එක් වෙමින් ප්‍රකාශ කර සිටියේ ගෝඨාභය රාජපක්ෂ සහාරාන් හට පමනක් නොව පොට්ටුඅම්මාන් හටද පඩි ගෙව් බවයි.

එසේ නම් තවත් සැකයක් මතු වන්නේ ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයට ලක් වන්නේ ltte බෝම්බ ප්‍රහාරයකිනී. එසේ නම් ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය කිරිමට ඔත්තු දුන්නේ පොට්ටු අම්මාන්ගෙ කල්ලි විසින් නොවේද..?  Ltte සංවිධානයේ රහස් ඔත්තු සේවය බාරව සිටියේ පොට්ටු අම්මාන්ය. එසේ නම් පොට්ටු අම්මාන් Ltte සංවිධානයෙන් සහ ගෝඨාභය රාජපක්ෂගෙන් පඩි ලබා ගෙන රට තුල සිදු කල බෝම්බ ප්‍රහාර හා ඝාතන රාජපක්ෂලාගේ ඕනෑ එපා කම් මත සිදු වූවා ද කියා සාධාරණ සැකයක් ද පැන නගී. රාජපක්ෂලා හට අභියෝගයක් වී තිබුනේ ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ හිටපු අමාත්‍ය වරයා බව දන්නෝ දනීති.

මේ සියල්ල මෙසේ තිබිය දි නැවත බලය ඉල්ලා සිටින්නේ යුද්දය අවසන් කල මුවා වෙන් තම පෞද්ගලික ධනය හා උවමනා එපා කම් වෙනුවෙන් රටේ ජනතාව බිල්ලට තැබු තක්කඩියන් නොවේද.? මමුන් අපරාද කරුවන් ය.එසේ නම් මෙම තක්කඩියන්ට නැවත බලය ලබා දිය යුතු ද නැද්ද කියා තීරණය කල යුත්තේ ඔබයි..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *