පොත් ප්‍රදර්ශන කියන්නෙ පොත් මුදලාලිලගෙ ප්‍රාග්ධනය ප්‍රසාරණය කරගන්නා කරගත් තවත් එක වානිජ රැල්ලක් – අන්ජුල ප්‍රියන්ත

මල් පත්තර කාරයින්ගේ කාලය දැන් ඉවරයිද ?

සරලවම කිව්වොත් දැන් මල් පත්තර කලාව වල පල්ලේ. ඕකට උත්තරේ මම මෙහෙම දෙන්නංකෝ, ඒ කාලේ අපි මල් පත්තර පටන් ගන්නකොට පත්තර තට්ටු වල තිබුනේ වල් පත්තර. ඒ වල් පත්තර පිළිකාවක් වගේ සමාජය ගිල ගන්නකොට අපි අපේ මල් පත්තර ටිකෙන් ඒ වල් පත්තර සොහොනට යැව්වා. දැන් තාක්‍ෂණය දියුණුයි පත්තරේක නව කතාවක් කියවනවට වඩා අන්තර් ජාලයෙන් නව කතා , වැල කතා, හෙලූ වැලි පින්තූර විඩියෝ බලන්නත් රු.99.00 ක ඬේට කාඞ් එකකට පුළුවන්. මල් පත්තර කලාව වලපල්ලට යන්න ගත්තේ ඔතනින්. ඒත් මල් පත්තර වලට ආදරේ කරන රසික පිරිසක් තාම ඉන්නවා. මේ මල් පත්තර කාරයෝ ටික එකතු වෙලා මේ අන්තර්ජාලා කුණුහරුප සයිට් ටිකට වැට බදින්න කියලා රජයෙන් ඉල්ලීමක් කලොත් නැවත මේ මල් පත්තර කලාව සමාජයේ බලගතු කල හැකියි.

ඇයි ආදරණීය හැගීම් බිස්නස් කරන්නේ

පේ‍්‍රමයෙන් තොර කලාවක් හෝ කලා නිර්මාණයක් ලෝකේ කොහේවත් නෑ. ආදරණීය හැගීම් අස්සේ උතුරුන කදුළු ලග සංවේදි වෙන ජාතියක් අපි. කදුළු මොන තරම් වේදනා බර උනත් මිනිස්සු ඒ කදුලට ලෙංගතුයි. ඒ හින්දා මිනිස්සු කදුල හොයා ගෙන යනවා. බ්රූන්ඞ් නේම් එකක් ගහලා කොස් කොලෙත් විකුනන්න පුළුවන් රටක ආදරය මාකට් කරන්න පුළුවන් බ්රූන්ඞ් නේම් එකක් නැතුව. ආදරය ලේඛකයා විසින් හැගීම් ප‍්‍රකාශ කරන්න පාවිච්චි කරද්දි මුදලාලි කරණය ඒක බිස්නස් එකක් කර ගන්නවා. ආදරය බිස්නස් එකක් කර ගන්නේ ලේඛකයා නෙමෙයි මුදලාලි. ඒත් නිර්මාණකරුවට ආදරයෙන් බැහැර වෙලා කල හැකි නිර්මාණයක් නැහැ. හේතුව සමාජමය වශයෙන් හිත්පිත් ඇත්තෝ ආදරයට ආදරය කරන නිසා.

ඇත්තටම ආදරය කියල දකින දේ මත මිනිස්සු ඇයි මෙච්චර කියව කියව එයටම ඇලුම් කරන්නේ ?

අම්මගේ තන පුඩුවෙන් මුල්ම කිරි බිදුව දොතොලින් උරා ගන්නකොටම ඒ බිළිදා ආදරය කියන හැගීම ඇසුරු කරන්න පටන් ගන්නවා. ආදරය කියන්නේ අපි හැමෝම ඉහළ පහළ දාන හුස්ම තරමටම අපි ආදරය කරන දෙයක්. යම් දෙයක් අපිට ලැබෙන්නේ සහ කරන්නේ ආදරය නිසා. ආදරයේ කෙරවල දුකක් උනත් සතුටක් උනත් මිනිස්සු ආදරය මත්තේ නහින්නේ ආදරයෙන් තොර කිසිම දෙයක් මේ ලෝකේ නැති නිසා.

 ඔබ නිර්මාණකරුවෙක් ලෙස මේ පසුතලය යටතේ සිදුකරමින් ඉන්නේ කුමක්ද ?

මම හීන දකින්නෙක්. මම දැක්කේ මේ ලෝකේ කාටවත් ඉෂ්ඨ කර ගන්න බැරි වෙනස් විදියේ හීන. ඇත්තම කිව්වොත් ඒවා නිර්මාණාත්මක හීන. ඒ හීන හිත අස්සේ මරල දාන්න මං හරි ලෝබයි. ඒ හින්ද මං මගේ ඒ හීන නිර්මාණ බවට පත් කර ගන්න යුද්ධ කරමින් යන ගමනක් මේක. නව කතා , චිත‍්‍රපටි, ටෙලි නාට්‍ය, මියුසික් වීඩියෝ වගේ මං අතින් නිර්මාණය වුන හැම දෙයක්ම මම දැකපු හීන. ඒ හීන මම තනියෙන් දැකලා විදින්න තරම් මං ආත්මාර්ථකාමී නෑ. මට ඕන ඒවා මේ රටේ මිනිස්සු එක්ක බෙදා ගන්න. සරලවම කිව්වොත් මම මගේ නිර්මාන මගේ රසිකයන් හා බෙදා හදා ගන්න මානුෂික යුද්දෙක පැටලිලා ඉන්න කෙනෙක්.

හිත් හදන එක පොතකින් කරන්න පුළුවන්ද ? ආදරවන්තයින්ගෙ හෝ පවුල් ජීවිතවල ?

උදේ හවස හැම මාධ්‍යයකින්ම බණ පිරිත් ඇහෙන රටේ තාත්තලා අතින් තමන්ගේම දූලා කී දෙනෙක් දූෂණය වෙනවද ? වැදූ අම්මා තමන්ගේ දුව ඒ අම්මගේ හොර මිනිහට නිදා ගන්න ඉඩකඩ හදලා දෙන සිද්ධි කොච්චර මේ රටේ වෙනවද ? තමන්ගේම සහෝදරයා අතින් තමන්ගේ සහෝදරියෝම කීයක් දූෂණය වෙනවද ? කෙටියෙන් කිව්වොත් මෙච්චරයි මීඩියා වලින් මිනිස්සු හදන්න බෑ, සමාජයේ සීයට සීයක් පොත පතින් හදන්නත් බෑ. ඒත් සාහිත්‍ය තුලින් සමාජයට හොද නරක කියන දෙක උලූප්පලා පෙන්නන්න පුළුවන්. මෙහෙම කලොත් මෙහෙම වෙයි. අරක හොදයි මේක නරකයි. දැක්කනේ අර වැඬේ කරලා වෙච්ච විනාසේ. ඔය වගේ මැසේජ් එකක් සමාජයට පොත පතින් දෙන්න පුළුවන්. බුදුහාමුදුරුවන්ගේ පන්සිය පනස් ජාතක කතා පොතටත් තාම හරියට මිනිස්සු හදන්න බැරි වුනානම් ඉන් එහාට අපේ රටේ බිහිවෙන පොත් වලින් හිත් හැදීම ගැන කවර කතාද ?

 සාහිත්‍ය මාසය . කොහොමද මේක දකින්නේ ?

පිටරටවල් වල මං දන්නේ නෑ ලංකාවේ නං මේ මාසය පොත් මුදලාලිලා රජවෙන ඇගිලි කැඩෙනකං ලියන ලේඛකයන්ගේ හුස්ම හිරවෙන අහිංසක පාඨකයාගේ සාක්කුවට සුද්දේ දෙන මංකොල්ලකාරී මාසයක් හැටියට මං මේ සාහිත්‍ය මාසය දකින්නේ.

 ඔව් මේ මාසය එක්ක එන පොත් ප්‍රදර්ශනය දැන් කතා බහට ලක් වෙනවා .. මේක සාර්ථක වැඩක්ද ? පොඩි බොරුවක් කරනවා කියල දැනෙනවා ලියන්නන් හා පාඨකයන් එහෙම දැනෙනවද ?

ඇත්තටම පොත් ප‍්‍රදර්ශනය කියන්නේ පොත් ප‍්‍රකාශකයින් කීප දෙනෙක් එකතු වෙලා ඔවුන්ගේ සාක්කු පුරවා ගන්න හදපු වෙළඳ පොලක්. සාහිත්‍යය කියන වචනය ඉස්සරහට දාගෙන මේ කරන්නේ කීප දෙනෙක්ගේ මඩි තර කරගන්න හූදුවක්. ලියන එකාට තුට්ටු දෙකක් ලැබෙන අහිංසක පාඨකයාගේ සාක්කුවට බහින කතාන්දරයක් මේක. මේකෙන් ලේඛකයාටවත් පාඨකයාටවත් ඇති වෙන සෙතක් නෑ. මේ මජර රැල්ලට අහුවෙලා ලේඛකයයි පාඨකයයි ඉබාගාතේ යනවා. එච්චරයි.

 මම කිව්වේ ලියන්නන් අදාළ පොත් ප්‍රදර්ශනය අරමුණු කරගෙන මොනව හරි පටලවල මුද්‍රණය කරල දෙනවා . පාඨකයන් රැල්ලක් විදියට මේක සෝබන මානසිකත්වයකින් පොත් රැගෙන යනවා .. කෝ මෙවායින් උකහා ගත් දේ සමාජයේ නෑනේ ?

මේ ප‍්‍රදර්ශනයට ඇවිල්ලා පොතක් අරං ගිහිල්ලා සමාජයට උකහා ගන්න දෙයක් මේ පොත් බොහොමයක නෑ. බොහොමයක් ලේඛකයෝ, කරන්නේ සාහිත්‍ය මාසය ඉලක්ක කරලා ආප්ප බානවා වගේ පොත් 10 ක් 15 ලියලා මේ ප‍්‍රදර්ශනය අස්සේ ඔබන එක. ඇත්තම කිව්වොත් මේවයේ පරමාර්ථය මුදල්. අඩුම තරමේ මේ ලියන පොතක ඇතුලේ තියෙන්නේ මොනවද කියලවත් කාගේවත් විනිශ්චයකට ලක්වෙන්නේ නෑ. අඩුම තරමේ සමාජයට දෙන පොතක් නිසා මේ උලව්ව අස්සේ කියවෙන කතාව මොකක්ද කියලා බලන්න බැරි නම් අඩුම තරමේ මේකේ සිනොප්සි එකවත් කියවන්න යම් ආයතනයක් තිබිය යුතුයි. රාජ්‍ය ආයතනයකින් අයි එස් බී එන් කියලා නම්බර් එකක් දෙනවා අපෙන් ගානක් අරගෙන. අඩුම තරමේ මේ ආයතනයට හරි පුළුවන් වෙන්න ඕන අංකේ දෙන්න කලින් උබේ පිටපත අරගෙන වරෙං බලලා මේක හොදද නරකද කියලා නම්බර් එක දෙන්නංවත් කියන්න. ලේඛකයෙක් හැටියට මට පුළුවන් මේ රටට සමාජයට අහිත කරන ඕනම මල ජරාවක් ලියලා මගේ සල්ලි වලින් ප‍්‍රින්ට් කරලා මේ බුක් ෆෙයා එකට දාන්න. අහිංසක පාඨකයත් මේක අරගෙන යයි. මං අහන්නේ මේක හරිද? ගොඩක් අයට ඕනේ පාඨකයාගේ සාක්කුවට බහින්න මිසක් සාහිත්‍යමය රසයක් ගොඩ නගන්න නෙමෙයි.

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ප්‍රකාශන සංගමය විසින් ප්‍රකාශකයින්ට දෙන පහසුකම් සම්බන්ධයෙන් සෑහීමකට පත් වෙනවාද ?

මේ වතාවේ බුක් ෆෙයාර් එක ඇත්තටම පාඨකයන්ට ආයේ බුක් ෆෙයාර් පැත්ත බලාගෙන මුත‍්‍රා කරන්නවත් හිතෙන්නේ නැති අමිහිරි අද්දැකීමක් වුන. ඒ ඇදවැටුණු වැස්ස නිසා. පාඨකයෝ පොත් අතින් අරං යනවා වෙනුවට දෙපයේ සපත්තු සෙරෙප්පු අතින් අරගෙන දනක් පිරුනු මඩ වතුරෙ ඇවිද්දා. ස්ටෝල් වල පොත් හිරිකඩට තෙමෙනවා. කුකුල් කූඩු වගේ ස්ටොල් වල වහලේ ටකරං අස්සෙන් එන වතුර පොත් නෑවුවා. විවිධ පලාත් වලින් එන පාඨකයන්ට ඉන්න හිටින්න හෙවනක් තිබුනද කියන එක ප‍්‍රශ්නයක්. පොත් ගන්න එන මිනිස්සු ආයෙමත් පිට වෙලා ගියේ මේකේ ඇතුලේ ඉදලා තෙමෙනවට වඩා හොදයි තෙමි තෙමි ගෙදර යන එක කියලා හිතලා. මේ සංගමය බිස්නස් එක ගැන විතරක් නෙමෙයි මේකට එන පාඨකයාගේ පහසුකම් ගැන හිතන්න ඕන. කන්න තියන මැගී එකේ ඉදලා බොන්න ගන්න වතුර පවා ගිනි ගනං. මේ ස්ටෝල් වලට පොත් දාපු ලේඛකයන්ට මේ ප‍්‍රදර්ශනය අවසාන වුන දවසට තෙමිච්ච පොත් ටික බේරේ වැවට දාලා පස්ස පැත්තේ අත පිහිදාගෙන ගෙදර යන්නයි වෙන්නේ . ඔන්න ලංකාවේ සාහිත්‍යයටයි, සාහිත්‍යය රස විදින්න එන පාඨකයටයි සිද්ධ වෙච්ච ඉරණම. අඩුම තරමෙ වැස්සොත් මේ එන මිනිස්සු නොතෙමි ඉන්නෙ කොහොමද කියල සංගමය හිතලා තිබුනේ නෑ.

ඔබ ලියන්නෙක් විදියට අදාළ ප්‍රකාශකයින්ගේ සංගමය විසින් පාඨකයින්ට කළ සේවාවන් සම්බන්ධයෙන් දැනවත්ද ? මං අහන්නේ ලංකාවේ කොහේ හරි තැනක පුස්තකාලයක් වගේ ගොඩ නැගීමක් ගැන ?

මේ ප‍්‍රකාශකයින්ගේ සංගමයෙන් ලියන කියන අපිට නම් වෙච්ච සේවයක් ගැන කියන්න මං දන්නේ නෑ. හැබැයි මේ සංගමය අස්සේ ඉන්න ලියන කියන කීපදෙනාට මොන මොනවා ලැබුනද කියන්නත් මම දන්නේ නෑ. ඔන්න අපි ස්ටොල් දාලා තියනවා උබලගේ පොත් ටික ගෙනල්ලා දාපල්ලා ඕන නං වගේ මැසේජ් එකක් විතරක් නම් හම්බවෙනවා. ඒකත් මාධ්‍ය හරහා. හරිනං මේ සංගමයට පු`ඵවන් ලංකාවේ හැම දිස්ත‍්‍රික්කයකටම නොමිලේ පොත පත කියවන්න පු`ඵවන් පුස්ථකාලය බැගින් හදන්න. බුක් ෆෙයා එකේ ඉතුරු වෙන පොත් ටිකෙන් මේ පුස්තකාල පුරවන්න පුළුවන්. එහෙම ඒවට රජයේ අනුග‍්‍රහය ගන්න පු`ඵවන් බල පුඵවන්කාරයෝ මේ සංගමය ඇතුලේ ඉන්නවා. ඒත් ව්‍යාපාරික අරමුණකින් ඉන්න මේගොල්ලා මෙහෙම එකක් කරන්න තියා හිතන්නෙවත් නෑ කියලා මං දන්නවා. මොකද මේ හැමෝගෙම පරමාර්ථය බිස්නස් එකක්. ලේඛකයෝ හැටියටත් පාඨකයෝ හැටියටත් දැන හෝ නොදැන අපිටත් මේ රැල්ල දිගේ ඉස්සරහට යන්න වෙලා. මේ සංගමය මින් එහාටවත් සාහිත්‍යමය ලෝකයක් ගොඩ නගන්න උතුම් සිතුවිලි වලින් ඔලූගෙඩි පුරව ගත්තොත් හො`දයි.

මේ සිස්ටම් එක වෙනස් කරන්න බැරිද ඉතිං ?

පුළුවන්, ලේඛකයෝ වෙච්ච අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕන. කැට හොල්ලලා හරි හිගාකාලා හරි සල්ලි හොයා ගෙන තමන්ම තමන්ගේ  පොත් මුද්‍රනය කර ගන්න ඕන. ඊට පස්සේ සාහිත්‍ය මාසයේ බුක් ෆෙයා එක ඉස්සරහ පේමන්ට් එක අල්ලගෙන බුක් ෆෙයා එකට එන මිනිස්සුන්ට නොමිලේ පොත දෙන්න ඕන. ලේඛකයෝ හැටියට අපේ පොත් බුක් ෆෙයා ඇතුලේ තියන ස්ටොල් වලට නොදා වර්ජනය කරන්න ඕන. එහෙම උනානම් කේස් එක ෂේප්. හැබැයි මේකත් මම දකින හීනයක්. මොකද මේක හැබෑ කර ගන්න බෑ කවදාවත්. හේතුව ලියන ලේඛකයොත් සීයට 40 ක් ඉන්නේ මේ සංගමයේ සාමාජිකත්වය අරගෙන හැම අවුරුද්දකම ස්ටොල් එකක් ලබා ගන්න තියන ව්‍යාපාරික අරමුනෙන් නිසා.

 

 මේ බරපතල ප්‍රශ්නවලින් මිදිල අපට කියන්න ඔබගේ තොරතුරු , ලිවීමට මේ ජීවිතය හුරු කරගැනීමට පාදක වුනු සමාජ වටපිටාව , ගම් දනව් සහ පිරිස්

12.මගේ ගම දෙනියාය. මම දුප්පත් අම්මෙක්ගේ තාත්තෙක්ගේ පුතෙක්. ඔවුන් එදා වේල කන්න හොයා ගන්න තේ වතු වල දුක් විදිනකොට මම මගේ හීන හැබෑ කර ගන්න කටුමැටි ගහපු ගේ අස්සේ පිපාසයෙන් පෙලිච්ච කෙනෙක්. ඒ කටුක පරිසරයේ මට නිර්මාන කරන්න ඕන තරම් හේතු සාධක තිබුනා. ඉතින් ඒ හීන හැබෑ කර ගන්න තාත්තගේ සාක්කුවෙන් හොරෙන් රු. 200.00 කුත් ශොපින් උරයක දා ගත්තු අමතර ෂර්ට් එකකුත් කලිසමකුත් අරගෙන ? 12 බස් එකේ ගෙදරට හොරා කොළඹ ආපු මිනිහෙක් මං. මට තියෙන්නේ ලේඛන කලාව කියන පිපාසය සංසිදෙන්නේ නැති ගතියක්. දැං මම මේ කොන්ක‍්‍රීට් වනාන්තරයට වෙලා ඒ පිපාසය සංසිදව ගන්න නිර්මාණ කරනවා. යොවුන් පුවත් පත් දෙකක ප‍්‍රධාන කර්තෘවරයෙක් හැටියට වැඩකරනවා. ඉදිරියේදි මගේ නිර්මාණ බොහොමයක් බිහිවෙයි. ඒවා විද්‍යුත් හා මුද්‍රත මාධ්‍ය වලින් එලි දකීවි. සරලවම කියන්න ඕන මම ජීවත් වෙන්න හෝ සල්ලි හම්බ කරන්න හෝ නිර්මාණ කරන්නේ නෑ. ඒත් මම අදටත් ආදරේ මගේ ගමට ත්‍වගග ගමේ සුවද තරම් මේ ලෝකේ මගේ හිත කැමති සුවදක් ලෝකෙ වෙන කොහෙවත් නෑ.

 මොනවද එළි දැක්වෙන අලුත් නිර්මාණ ?

13. පත්තර වලට ලියපු නව කතා 48 ක් තියනවා. මේකෙන් තව 35 ක් පොත් බවට පත්වෙන්න ඕන. ඉදිරියේදි ඒවා මුද්‍රනය කරනවා. සෙංකඩගල වැස්ස හා කදුළු අහවර නැතිද මංදා යන නව කතා දෙක මගේ අතින් ටෙලි නාට්‍යයක් හා චිත‍්‍රපටයක් හැටියට අධ්‍යක්‍ෂණය වෙනවා. මේ නව කතා දෙකට මේ වතාවෙත් බුක් ෆෙයා එකේ හොඳ ඉල්ලූමක් තියෙනවා. වේදිකා නාට්‍යයක් මේ වෙනකොටත් අධ්‍යක්‍ෂණය කරන්න සියල්ල සූදානම්. ඉතිං ඉස්සරහට මගේ හිතේ මැවෙන හීන මොනවා උනත් ඒවත් මේ සමාජය තුළ නිර්මාණ හැටියට පැතිරිලා යාවි.

සංවාදය  – තුසිත පතිරණ 

 

 

 

 

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *