ආබාධිත සෙබළුන්ට ජීවිතාන්තය දක්වා වැටුප් ලබාදෙන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව නිකුත් වෙයි
යුද තත්වය හේතුවේන ආබාධිත තත්වයට පත් වූ ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ සියලු සාමාජිකයන් හට තමන් විශ්‍රාම ගිය පසුවද ඔවුන්ගෙ අවසන් වරට ලැබූ වැටුපට සමාන විශ්‍රාම වැටුපක් ඔවුන් ජීවත්ව සිටින තාක් කල් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව වාර්තාවේ.
මේ සම්බන්ධ වන ගැසට් නිවේදනය අද මුදල් අමැති මංගල සමරවීර මහතාගේ අත්සන් යුතුව නිකුත් විය.