කවියට වෙන හැඩ නෑ. තමන්ට දැනෙන දේ තමයි කවි වෙන්නේ – දමයන්ති ගල්පායගේ

කවිය වර්තමානයේ බලපෑම් සහගත වන්නේ කවර පාර්ශවයකට ?

මම හිතන්නෙ වර්තමාන කවිය එක් පාර්ශ්වයකට කියල අපට වෙන් කරන්න බෑ. කවිය තුළින් බොහෝ පාර්ශ්වයන්ට බලපෑම් ඇති කරන්න පුළුවන් මාධ්‍යයක් වර්තමානයේ කවිය කෙරෙහි තරුණ පිරිසගෙ වැඩි නැඹුරුවක් දකිනව. ඒක සතුටක් ඒත් කවිය එක් පාර්ශ්වයක් මුල් කරන් ලියනවට වඩා විවිධ පාර්ශ්වයන් ආවරණය කළ යුතුයි කියල මම හිතන්නෙ.

 වර්තමාන සමාජයේ කවිය හුදු සිතුම් එළිදැක්වීමේ කලාවක් බවට පත් වෙලා මේ කරුණ ගැන ඔබට ඇති විග්‍රහය කුමක්ද ?

කවි පොත් බොහොමයක් එළියට එනව එමගින් පේන්නෙ කවිය කෙරෙහි හොඳ නැඹුරුවක් ඇති බව. ඒක සුබ ලකුණක්. ඒත් කවි පොතක් කරනව කියන්නෙ ඒ තරම් සරල කටයුත්තක් නෙවෙයි. මම තවම අභ්‍යාස කරමින්. හොඳ කියවීමකින් හරවත් යමක් දැනෙන්න ලියනව නම් ඒ කවි පොත සමාජයටත් තමන්ටත් සාධාරණයක් කළා වෙනව.
ආසාවට පොතක් කරන්න ගිහින් අවුරුදු හතරක් ඉවසන්න වෙනව මට පොත කරන්න. ඒත් මෙහි කවි ඇත් ද , කියන එක තීරණය කරන්නෙ පාඨකයන්. කරන්නන් වාලෙ පොතක් කිරීම නම් තමන්ට කරගන්න අසාධාරණයක්. සමාජයේ බොහෝ දෙනෙක් හොඳ පොත් තෝරාගන්න අද පෙළඹිලා කියල හිතෙනව. හරවත් පොතක් එළියට එනව නම් වටිනව. මම උනත් පොතක් කළ පමණින් කිවිඳියක් කියාන්න බෑ තව හදාරමින්. කවිය හඳුනා ගනිමින්. නමුත් තමන් එළියට දෙන දේ ගැන යම් විශ්වාසයක් තමන් තුළ තියෙන්න ඕන.

බොහෝ කවීන් ප්‍රේමය විරහව පමණක් පාදක කොටගෙන තිබීම දැකිය හැකි සුලබ දසුනක් ?

ඔව් අද දකින බොහොමයක් කවි ආදරය, විරහව පාදක කරගෙන ලියැවෙනව. කෙනෙක් කවි ලියන්නෙ තමන්ට. ඉන් පසු එය සමාජ ගත කරන්නෙ. ආදරය, විරහව තරම් ජීවිතය එක්ක බැඳි දෙයක් මිනිසුන්ට නෑ. ඒව වුණත් වෙනස් අයුරින් ලියනව නම් රසවත් කියල හිතෙනව. තම තමන්ට දැනෙන දේ. පොතක් කරද්දි ඉන් එහා ඉන්න ඕන. සරල වගේ ම ගැඹුරු බවකින් යුත් තියෙනව නම් රසවත් දේශපාලනික කියැවීමක් කවිවලට ගන්න පුළුවන්. නොයෙක් පැති ආවරණය වෙන කවි සුන්දරයි, තම අත්දැකීම් , සිදුවීම්. සොබාදහම, මේ සියල්ල අනුභූතීන් කවියට. තමන්ට දැනෙන හැඟෙන දේ තමයි කවි බවට පත් වෙන්නෙ ඒකට හැඩයක් දෙන්න බෑ මට හිතෙන්නෙ.

සමාජ අවියක් ලෙස කවියේ භාවිතාව ගිලිහිලා නේද වර්තමානයේ

අතීතයේ කවියෙන් සටන් කර තිබෙනව රට,ජාතිය වෙනුවෙන්, ආදරය වෙනුවෙන් පවා අසාධාරණය පිටු දකිමින් සමාජයට වැඩදායි ආදර්ශයක් ඇති කවි අතීතට සීමා වෙලා වර්තමානයේ එවන් කව්වල අඩුවක් තිබෙනව .
කවිය අවියක් ලෙස දකින්න පුළුවන් එවන් කවි ඉඳ හිට අදත් හමු වෙනව.

ඔබ කාව්‍ය රීතියක් අනුගමන කරනවාද නැත්නම් නිදහස් ආරක කවි නිර්මාණය කරනවාද ?

මම කාව්‍ය රීතියක් අනුගමනය කරන්නෙ නැහැ. නිදහස් ආරක කවි ලියනව .ඕනෙ ම කවියක රිද්මයක් තියෙන්න ඕන .

ඔබේ කවි පොතේ මූළිකව ආමන්ත්‍රණය කරන පිරිසක් සිටිනවා ද එසේ නම් ඒ කවුද

මගෙ කවි පොත පොදුවේ ලියූවක් ඉලක්ක ගත කොටසක් නැහැ.කවිය හැමෝට ම ආදරණීයයි .ළඟයි එය පිරිසක්, සීමා කර ලියන්න ඕන කියල මම හිතන්නෑ .

සමාජ ජාලාව කවියෙකු බිහිවීමට හෝ ඔහුව පෝෂණය කිරීමට කවරකාර සේවයක් සලසන්නේ ද ?

ඇත්තට ම සමාජ ජාලය කවියට ,කතාවට හොඳ තෝතැන්නක්.මම පොඩි කාලෙ ඉදන් ලිව්ව ඒත් මම කවිය එක්ක එළියට එන්නෙ සමාජ ජාලය හරහා . සාහිත්‍ය පිළිබඳව කියවන්න අධ්‍යයනය කරන්න බොහෝ දේ එහි තියෙනව.සමාජ ජාලය නිසා කවියට නැඹුරු වන පිරිස වැඩියි .බොහෝ කියවීම් සහිත අය පවා එහි ඉන්නව.හරි දේ තෝරාගෙන යාම තුළ වටිනාකමක් හදාගන්න පුළුවන්

ඉතිං කවි පොත එළිදක්වන දිනය සහ ඒ සදහා සහභාගී වන අන්දම ප්‍රකාශ කරන්නේ නම්

පායිම්පත්වරය, ඒ කියන්නේ මගේ කුළුදුල් කවිපොත මෙම අගෝස්තු 24 උදේ 10 ,ට .මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ජනගත වෙනවා. අපගේ මනුදමින් පිරි පරපුරක් උදෙසා මැයෙන් ඇරඹි සක්නද සංවත්සර සාහිත්‍ය වැඩසටහනට සමගාමීව එය සිදු වෙනවා. එදාට. ප්‍රවීණයන් බොහොමයක් සම්බන්ධ වෙන රසවත් හරවත් දවසක් ,බොහොම. ගෞරවයෙන් ආරාධනා කරනව ඔබ සැමට නිල්වලා නිම්නයෙන් බැස එන්න මාතරට. අගෝස්තු 24 ,පායිපත්වර මංගල්‍යයක් සමග කවි කියවන්න

සංවාද සහටන  – තුසිත පතිරණ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *