ක‍ටුවාපිටිය පල්ලියේ සුරුවමකට ගල් ප්‍රහාරයක්..විමල්ගේ “බලලා මල්ලෙන් පනී”…?

ඇමෙරිකාව බලාපොරොත්තු වූ සිංහල – මුස්ලිම් මරාගැනිල්ල ඒ ආකාරයට සිදු වුණේ නැහැ. ඒ නිසායි තවමත් ඇමරිකානු හමුදාවන්ට අපේ රටට රිංග ගන්න බැරි වෙලා තියෙන්නේ. තමන්ගේ සැලසුම ඇමරිකාව අතහරී කියා හිතන්න බැහැ. ඔවුන්ට තවමත් ආපදා තත්ත්වයක් – හදිසි තත්ත්වයක් අත්‍යවශ්‍ය වී තිබෙනවා. ඉදිරි මාස 03 – 04, මේ රටේ ඉරණම සමඟ ඉතා තදින් බැඳුණු මාස කීපයක්.

විමල් වීරවංශ මෙසෙ කියා පැය කිහිපයක් ඇතුලට ක‍ටුවාපිටිය පල්ලියේ සුරුවමකට ගල් ප්‍රහාරයක් එල්ල විය. එය සිදු කළේ කවුරුන්ද යනන ගැන හෝඩුවාවක් නැතත් .ඒ කවුරු වූවත් විමල් වීරවංශගේ ගෝලයෙක් බව නම් සහතිකය. මන්ද විමල් ආසාවෙන් බලා සිටින ආපදා තත්වය සැබැවක් කිරීමට උත්සාහයක් ක්‍රියාත්මක බැවිණි. මෙය විමල්ගේ ආසාවක් බව කියන්නෙ පැහැදිලි හේතු ඇතිවය.

විමල් කරමින් සිටින්නෙ නරුම දේශපාලනයකි. රටේ ජනතාව ජාතිය ආගම අනුව බේද බින්න කර තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමේ ප්‍රයත්නය විමල් එදා සිටම කළ දේශපාලනයයි

බලලා මල්ලෙන් පනින්න සේ විමල් වීරවංශගේ “ලංකා සී නිව්ස්”වෙබ් අඩවිය අද දින අළුයම 12.02ට පුවතක පළ කරයි.එම පුවත පළවී පැය කිහිපියක් යන විට මීගමුවේ කටුවාපිටිය දේවස්ථානයේ දේව ප්‍රතිමාවට ගල් ගැසීමක් සිදු කර ඇත.

C News උපුටා ගැනීම

අමෙරිකා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය යොදා ගන්නා නූතන ක්‍රමවේදය තමයි ආපදා අධිරාජ්‍යවාදය. රටක් තුළ පළමුව ආපදාවක් ඇතිකොට එම ආපදාවට පිළියම් කිරීමේ මුවාවෙන් එයට රිංගා ගැනීම මෙහිදී සිදු කෙරෙනවා. ඇක්සා ගිවිසුම ගැහුවාට මදි. ශ්‍රී ලංකාවට රිංගන්න නම් ආපදා තත්ත්වයක් – හදිසි තත්ත්වයක් ඇති කළ යුතුයි. හදිසි තත්ත්වය හදන්න එදා ඇමෙරිකා එක්සත් ජනපදයට වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ කුලී සේනාංකය හිටියා. අද ඒ හදිසි තත්ත්වය හදන්න සහරාන්ලා වුවමනා වෙලා තිබෙනවා. සහරාන්ලා වහබි අන්තවාදයෙන් පිස්සු වැටිලා, මරාගෙන මැරෙනකොට ඇති වෙන මරාගැනිල්ල නිසා ‘ශ්‍රී ලංකාව තුළ හදිසි තත්ත්වයක් වහාම මැදිහත් විය යුතුයි’ කියා ඇමරිකානු 07 වැනි ඉන්දු – පැසිෆික් නාවික බලඇණිය ඇතුළු ඇක්සා ගිවිසුමේ උපලේඛනවල සඳහන් හමුදා අනුඛණ්ඩ රිංගා ගන්නවා. ඒකයි ඇමරිකාවේ සැලසුම වුනේ.

නමුත් ඇමෙරිකාව බලාපොරොත්තු වූ සිංහල – මුස්ලිම් මරාගැනිල්ල ඒ ආකාරයට සිදු වුණේ නැහැ. ඒ නිසායි තවමත් ඇමරිකානු හමුදාවන්ට අපේ රටට රිංග ගන්න බැරි වෙලා තියෙන්නේ. තමන්ගේ සැලසුම ඇමරිකාව අතහරී කියා හිතන්න බැහැ. ඔවුන්ට තවමත් ආපදා තත්ත්වයක් – හදිසි තත්ත්වයක් අත්‍යවශ්‍ය වී තිබෙනවා. ඉදිරි මාස 03 – 04, මේ රටේ ඉරණම සමඟ ඉතා තදින් බැඳුණු මාස කීපයක්. ඇමරිකා එක්සත් ජනපදය, තමන්ගේ ‘රූකඩ බත්බැලයා’ වන රනිල් වික්‍රමසිංහගේ බලය ගිලිහෙන තෙක් නිහඬව සිටියි ගියා කිසිවිටෙක හිතන්න එපා. ඔවුන්ගේ අවසාන තුරුම්පුව තමයි ‘අප්‍රේල් 21’ සහරාන් ලවා හදාගන්න දඟලපු හදිසි තත්වය ‘තවත් සහරාන්ලා’ දෙතුන්දෙනකු ලවා හදා ගැනීම, ඒ හදිසි තත්ත්වය අවශ්‍ය මාත්‍රා ගණනට හැදුනාම ඒ තත්ත්වය මත ජනාධිපතිවරණය කල් දැමීම, ඉන්පසු හදිසි තත්ත්වය රතු පාවාඩ බවට පත්කරගෙන ගිවිසුමෙන් ලබාදී තිබෙන වරම අනුව ඇමෙරිකාවේ 07 වැනි ඉන්දු – පැසිපික් නාවික බලඇණිය ශ්‍රී ලංකාව තුළට කඩා වැදීම, ඉන්පසු අගමැති ලවා සෝෆා ගිවිසුම අත්සන් කරවා ගැනීම, රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් තාවකාලික භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම.

ඒ තුරුම්පුව මේ මාස 03-04 තුළ අදින්නයි හදන්නේ. ඊට එරෙහිව කළ යුතු සියල්ල අපි කළ යුතු වෙනවා. STOP USA සංවිධානය ගොඩනැගුණේ ඇමරිකානු ගිවිසුම් තුනකින් මේ රට වනසන එක නතර කිරීම සඳහා පුළුල් ජනතා බලවේගයක් ගොඩනැගීම සඳහායි. ඒ සඳහා එක්වන ලෙස සියලුදෙනාට ඇරයුම් කරනවා.” (උපුටා ගැනීම අවසන්)

අමරිකාවට අවශය දේ ඉ‍ටු කර ගැනීමට මෙතරම් දැගලීමට අමරිකාවට අවශ්‍ය නැත. අමරිකාවේ පුරවසියෙක් වන ගොඨාභය රාජපක්ෂට සහය දක්වා මේක අමරිකාවෙ කොලනියක් බවට පත්කර ගැනීමේ පහසු හැකියාවක් අමරිකාවට තිබේ.

විමල්ලා උත්සහ කරන්නෙ ජාතිවදය වපුරා ක‍තෝලිකයාගෙ ඡන්දය එජාපයට වැටෙන එක නවත්තා ඒ ඡන්ද ගොඩ ගොඨාබයට අරන් දෙන්නය , ජාතික ආරක්ෂාව අනතුරෙ කියා සිංහලයයාගේ ඡන්ද ගොඩ ගොඨාභයට අරගෙන දෙන්නය. ලංකාවේ සිටින අංක එකේ ජාතිවාදයා තක්කඩි වීමල් වීරවංශය.කුරුණෑගල සිදුවීම පිටු පස මහ මොළ කරුවන් අතර ප්‍රමුඛස්ථානයක් හිමි වන්නේ විමල් වීරවංශටය.

පල්ලියෙ සුරුවමට ගල් ගහපු එකාගේ සහ විමල්ගේත්, ගොඨාභයගේත් සහ අමරිකාවෙ ද අරමුණ එක සමානය.එහි කිසිදු වෙනසක් නැත ගොඨාභය රාජපක්ෂ ඇමරිකාවේ පුරවැසිභාවය හිමි අයේකි.ඒ වගේම රාජපක්ෂලාගේ බොහොමයක් ඇමරිකන් පුරවැසින් බවත්, විමල් වීරවංශ කියන “ඇක්සා” ගිවිසුම 2007 වර්ෂයේ කැබිනට් මංඩලයට වත් නොදන්වා අත්සන් කරන්නේද එවක ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ විසින් බව වීමල් වීරවංශට අමතක වී තිබේ. එසේ නම් රාජපක්ෂලාගේ සහ උන්ගේ කටු ලෙවකන ගැත්තන්ගේ යටි අදහස ඔබට අමුතුවෙන් තෙරුම් කිරිමට අවශය නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *