ලැජ්ජ නැද්ද අමරවීර – පවුල රකින කැත පුරුද්ද
මහින්ද අමරවීර යනු වාසි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්ය. හිටපු ධීවරය ඇමතිය. ඒ මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිවරයාගේ අනුහසින් ලැබූ වරදානයකට අනුවය. ඔහු මුල් පෙලේ මහින්ද රාජපක්ෂ විරුද්ධවාදියෙක් වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙදා හදාගැනීම් හිදි තමන්ට අඩු වරප්‍රසාද ලැබීම හේතුවෙනි.
එහෙත් මේ වන විට විලිලැජ්ජා නැති වැඩක නිරතවීමට ඔහු ක්‍රියාකරමින් ඇත . ඒ දකුණු පළාත්ආණ්ඩුකාර රංජිත් කිර්ති තෙන්නකෝන් ගෙදර යවා ඒ වෙනුවට සිය මස්සිනා වන එච්.ඩබ්ලිව්.ගුණසේන ට දකුණු පළාත් ආණ්ඩුකාර ධුරය ලබාදෙන්නැයි අමරවීර විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් බැගෑපත්ව ඉල්ලා ඇති බව නිසාය.
එසේ සිය මස්සිනාට ආණ්ඩුකාර ධූරය නොදුනහොත් තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී පොහොට්ටුව ට සහාය පළකරන බවද හෙතෙම අවධාරණය කර තිබෙනව. කීර්ති තෙන්නකෝන් දකුණු පළාත්ආණ්ඩුකාරවර ධූරයෙන් ඉවත්කිරීමේ යෝජනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට අමරවීර විසින් ඉදිරිපත් කර තිබුණේ ඉකුත් ජුනි මස 26 වනදා. ඒ වෙනුවට දකුණු පළාත් සභාවේ හිටපු ධිවර අමාත්‍යවරයෙකු වන එච්.ඩබ්ලිව් .ගුණසේන සුදුසු බව ජනාධිපතිවරයාට කියා ඇත්තේ ද අමරවීර විසිනි.ජනාධිපති ඔහු පිලිබඳව නොදන්නා හෙයින් එකී නම් කිරීමට ඔහු කැමති වී නැත. අවසානයේ ඒ “මගේ මස්සිනා ඔහුට ආණ්ඩුකාර ධූරය දුන් නැත්තං මම ඔබතුමා එක්ක ඉන්නේ නෑ ” යයි පවසා තිබේ. එදිනම රාත්‍රී කීර්ති තෙන්නකෝන් ඇමතූ ජනාධිපතිවරයා කීර්ති දැන් ඔයා යන්න. ලබන සදුදාට කලින් ඉල්ලා අස්වෙන්න. යැයි පවසා තිබේ.
කෙසේ වෙතත් අමරවීරගේ මස්සිනාට ආණ්ඩුකාර ධූරය දී කිර්ති තෙන්නකෝන් ලබන සදුදා (05) දකුණු පළාතේ ජනතා සේවයෙන් නික්ම යනු ඇත.
පාදක සටහන – මාතර කිඹුලා