කුරුණෑගල නගරාධිපතිට “අධිකරණ වරෙන්තු අදාල නෑ” …! නීතිය බල්ලට..

අව නිතිය රජ කරවන රටක ජනතාවගෙන් ජන්දය ඉල්ලා ගෙයින් ගෙට යන ලැජ්ජාවක් නැති කුරුණෑගල නගරාධිපති තුෂාර විතාරණ අද සුභ මොහොතින් පොහොට්ටුවේ මැතිවරණ ප්‍රචාරන වැඩ අරභා තිබේ.

අධිකරණය විසින් අත්අඩංගුවට ගන්නා ලෙසට වරෙන්තුවක් නිකුත් කර ඇති නමුත් පොලිසීයේ කිසීම බාදාවකින් තොරව ආණ්ඩු බලය නොමැතිව ප්‍රසිද්දියේ ප්‍රචාරන වැඩ සිදු කරමින් සිටි නම්..!රාජපක්ෂ පාලනයක් නැවත පැමිණියහොත් සිදුවන දෙය ඔබට සිතාගැනීමට හැකිද..?

පොහොට්ටු කාරයන් නැවත බලය ඉල්ලන්නේ කුමක් සදහාද කියා ඔබට සිතන්නට තිබෙන කදිම උදාහරණ කුරුණෑගල නගරාධිපති තුෂාර විතාරණයි.

එසේ නම් රාජපක්ෂලා වෙනුවෙන් පෙනි සිටින කුරුණෑගල නගරාධිපති තුෂාර විතාරණ මේ උත්සහ දරන්නේ රාජපක්ෂ පාලනයක් නැවත ඇති කරමින් සුපුරුදු වංචා දූෂණ ටික සිදු කිරිමට නොවේද..?

වරෙන්තුවක් තිබෙන නගරාධිපති තුෂාර විතාරණ අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල පොලිසිය මේ වන තෙක් කටයුතු කර නැත.රටේ දේශපාලුවන් හට එක නීතියක් සහ රටේ සාමාන්‍ය ජනතාවට තවත් නීතියක් ක්‍රියාත්මක වන්නේ කෙසේද..?සාමාන්‍ය ගමේ අහින්සකයකුට වරේන්තුවක් නිකුත් කලා නම් පසු දිනම බුරුතු පිටින් පැමිණ බෙල්ලෙන් අල්ලා කුදලාගෙන යන ශ්‍රී ලංකාවේ කුරුණෑගල නගරාධිපති තුෂාර විතාරණ හට එසේ සිදු නොකරන්නේ ඇයිද..? ජනාධිපති සිරිසේන , අගමැති රනිල් වික්‍රමසිංහ , පොලිස්පති ,පොලිස් කොමිසම,ආරක්ෂක අමාත්‍යවරයා ,ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා නිහඩ පිළිවෙතක් අනුගමනය කිරිම ශ්‍රී ලංකාවේ වල් වැදුනු කැලෑ නීතිය තවමක් ක්‍රියාත්මක වන බවට සාක්ෂි සපයනවා නොවේද..?

මේවර ඔබගේ ජදය ඔබ විසින් භාවිතා කළ යුත්තේ කෙසේද කියා ඔබම සිතන්න.මුන් ඔබගේ ජන්දයෙන් තලා පෙලා දමන්නේ ඔබවම නොවේද..? නීතිය පවා ක්‍රියාත්මක කරන්නේ ජන්දය ලබා දෙන ඔබටම නොවේද..? මුන් එසේ ඔබ්ව තලා පෙල දමන්නේ ඔබගේම ජන්දයෙන් පමනක් නොවේ ඔබ ගෙවන බදු මුදල් වලින් බවත් අමතක නොකරන්න..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *